Category Archives: Social

ඩෙංගු මර්ධනයට ඔබේ දායකත්වය ලබා දුන්නාද?

අධිවසංගතයක් ලෙසට ඩෙංගු උවදුර අප ඉදිරියට පැමිනෙන්නේ කනගා‍ටුදායක සත්‍යයයක පණිවුඩයක්ද ලෙසටය. එනම් අප අපගේ පරිසරය සමග වන ගනුදුනුවේ අති අසාර්ථක බව කියා පාමිනි. තවත් ආකාරයකට පවසන්නේ නම් විශේෂයෙන් නාගරික පරිසරය තුලදී “මම” පමනක් පවතිමි තියරියේ අවසන් ප්‍රථිපලයක් ලෙසටය. පරිසරය මතවන සරල නීතිය එනම් ඔබ ධනවතෙකු, බලවතෙකු.උගතෙකු වූ පලියට තවමත් ඔබ ස්වභාදහමේ මූලික හා සරල නීතිවලින් පාලනය වන බව කියා දෙන සරල පාඩමක් ලෙසටය. තවත් ආකාරයකට සැලකීමේදී ක‍ටුකම්බි, නැතිනම් උස් තාප්ප වලින් වටව සිටි පලියට ඔබට තවමත් ස්වභාදහමේ සරල න්‍යාය මග හැරිය නොහැකි බව පසක් කරමිනි. නිවසින් බැහැර වන කසල මල්ල බැහැර කලයුත්තේ හුදු තම තාප්පෙන් ඔබ්බට පමනක් නොව ඒවා කලමනාකරනය කරන ක්‍රමවත් ක්‍රමවේදයකට බව අවසාන පනිවිඩය ‍රැගෙනය.

දියුනුවන රටක් හැටියට කෙසේ වෙතත් දියුනු වන්නටද ඒ තරම් අවශ්‍යතාවයක් නැති රටක් හැටියට උවත් නොමැරී සිටින්නට වත් වන අවශ්‍යතාවය තව දුරටත් වලංගුව පවත්වාගෙන යන්නට නම් සියල්ලන්ම තම ස්වාභාවික පරිසරය සමග වන ගනුදෙනුව පිලිබඳව සැලකිලිමත් වන්නට පටන් ගත යුතුය. එය ඩෙංගු උවදුර සමග පමනක් ගතයුතු පියවරක් නොවනු ඇත. අඩුතරමින් තම ස්වාභාවික පරිසරය සමග වන ගනුදුවේදී වත් දේශපාලනික හා වෙළඳ මොඩලන් සමග ඔබමොබ පාවෙන්නන් නොවන්නට තරමේ සමාජ මනසක් අත්පත් කරගන්නට අප සමත් විය යුතුය.

රටක් ලෙස අප කුනුවෙමින් සිටීමේ අවධානම් බව හඟවන කුනු කන්ඳ නාය යාම….

අප රටක් ජාතියක් ලෙසට වසරේ වැදගත්ම සංස්කෘතික සැමරුම ට සමාන්තරව, දේශපාලනිකව, ආර්ථිකව පමනක් නොව සංස්කෘතිකවද දැරිය නොහැකි තරමේ “කුනුගොඩක්” වෙමින් ඇති බවට සංකේතාත්මකව පවසමින් නිසි කලමනාකරනයට නොහැකිවීම මෙන්ම හා සෑබෑ ප්‍රශ්න සැගවීමේ අපේ ජාතික අනන්‍යතාවය තව දුරටත් පරිසරයට දැරිය නොහැකි බව හඟවමින් කුනු කන්දක් නාය ගොස් ඇත. හිටපු, පැමින ඇති මෙන්ම පැමිනෙන්නට වලිකමින් සිටින දේෂපාලකයන් මේ සදහා නෙක අකාරවලින් ගැලවිජ්ජා උත්තර දෙමින් ඇත. සංවේඳී ක්‍රියාකාරීත්වයයකට වඩා නිදිබර බව අගයන අදාල නිලධාරී අවකාශයද තමන් සැබෑ ලාංකිකයන් බව ඔප්පු කරමින් ගැලවිජ්ජා උත්තර සපයමින් ඇත.
නිසිලෙස ගැටලුවලට මුහුන දෙනවාට වඩා ඒවායෙන් සැගවීම අපහට දක්ශ කලාවක් වන්නේ කවදා සිටදැයි විමසීම වටී. ධනවාදය විසින් අසීමිත ලෙසට පොලබවන පරිභෝජනයේ අව්සන් ප්‍රථිපලය ලෙසට වන චෝදනාවේ සිට නැතිනම් අප විසින් අපව පාලනයට නිර්මාණයකරගෙන ඇති යාන්ත්‍රනවල කුනුවීමේ සිට පැමිනෙන්නට වෙර දරන දේශපාලන අර්ථ මෙවැනි ගැටලු වලදී හැසිරී ඇති “කුනු” ස්වභාවය ජීවිත කිහිපයක් බිලී ගනිමින් නාය ගිය කුනු කන්ඳ යලි අපට මතක්කර දෙමින් සිටී. පුද්ගල අර්ථවල සිට සමාජ අර්ථ දක්වා වන සමස්ථ අවකාශයේ පෙන්වමින් සිටින නවීන බව,නැණ උගත් බව, ධනවත් බව පිලිබඳ සැගව ඇති සැබෑ අරුත මොනවට පැහැදිලි කරමින් ජාතියේ කුනු කන්ඳ නයගොස් ඇත.
රටක් ලෙසට අතීතයෙන් ආඩම්බරය ගෙනෙමින් සිහින ලෝකයකදී සතු‍ටු වීමේ සිට වර්ථමාන සැබෑ ආර්ථික, දේශපාලන ගැටලු වෙතට අවධානය යොමුකරන්නට පොලබවන සංඥාවක් ලෙසට එම අවසානාවන්ත තත්වය සැලකීමට අවශ්‍යතරම් බරපතල බවක් මෙම සිදුවීම ගෙනෙන ලද්දේද බව නුදුරු අනාගතයේදී දැක ගන්නට හැකි වනු ඇත. නොයසේනම් සුපුරුදු ලෙස “ගැලවිජ්ජා” ආකාරයේ විසඳුම්, සැඟවීම් ඔස්සේ මෙම සිදුවීමද ඉතිහාසය තුල සැගව යෑම පමනක් සිදුවනු ඇත.

නොකල වරදකට විසි වසරකට පසු සිර දිවියෙන් නිදහස ලබයි

Marco Contreras නම් අයෙකු පසුගියදා Los Angeles වල අධිකරනයෙන් නිදහස ලබන්නේ 20 වසරක් තිස්සේ තමන් නොකල අපරාධමය වරදකට දඩුවම් ලබමින් සිටය. පලවන වාර්ථා පවසන්නේ 41 හැවරිදි මොහු Los Angeles අධිකරනයෙන් එසේ නොකල වරදකට දඩුවම් ලබමින් සිටින නිවැරදි අයෙකු බව පිලිගෙන පසුගිය සති දෙක තුල අධිකරනය විසින් නිදහස් කරන ලැබූ දෙවැන්නාද වන බවකි. පසුගිය දිනවලදී Andrew Wilson නම් අයෙක්ද තමන් විසින් නොකල වරදකට නිදහස ලැබූ වේ 32 වසරකට පසුවය. මෙම දෙදෙනාම සදහා නිදහස ගෙනෙ එන්නට සහය වූවේ Loyola Law School වල ව්‍යාපෘතියක් යටතේ නව සාක්ෂි සමග කල නව අධිකරන ක්‍රියාවලියක් යටතේය.
පෙර කී Mr Contreras නැමැත්තා මිනීමැරීම් හා පැහැරගැනීම් යනා වරදවල් යටතේ 1996 දී ජීවිතාන්තය දක්වා දඩුවම් ලැබූ අයෙක් වූ අතර අදාල නව අධිකරන ක්‍රියාවලියෙන් අනතුරුව සැබෑ අපරාධකරු හඳුනාගෙන ඇති බවටයි විස්තර කෙරෙන්නේ. නිදහසින් අනතුරුව ඔහු පවසා සිට ඇත්තේ තමන් එම කාලය තුලදී අධ්‍යාත්මික, ධනාත්මක හා සහයෝගයෙන් කටයුතු කරන්නට පෙලබි බවයි.

CNN හා #MyFreedomDay ව්‍යාපෘතිය

CNN අයතනය පවසන්නේ මේ මොහොත වන විට ලොව පුරා සැලකීමේදී මිනිසුන් මිලියන 21-45 අතර ප්‍රමානයක් වහල් (slavery) මට්ටමේ බලහත්කාරීත්වයන්ට යටත්ව සිටින බවයි. මේ අතරින්ද මිලියන 5.5ක් කුඩා දරුවන්ද වීමේ වඩාත් තත්වයේ දරුනු කම හුවා දක්වන්නටද ඔවුන් කටයුතු කරනවා. එසේම ඔවුන් පවසන්නේ සියලුම රටවල් පාහේ මෙම අපරාධ මට්ටමේ කටයුත්ත නීති විරෝධී බවට පිලිගෙන තිබුනද අදාල අපරාධකරුවන් විසින් මෙම වහල් භාවිතාවන් ඔස්සේ වසරකට ආසන්නව ඩොලර් බිලියන 150ක් පමන උපයමින්ද සිටින බවයි.
මෙම තත්වය වෙනුවෙන් අවධානය ලබා ඩ්ජීමට එම ආයතනය #MyFreedomDay ලෙසට MARCH 14, 2017 දිනය නම් කරමින් පවසන්නේ පාසල් දරුවන්හට නවීන වහල් භාවයේ (modern slavery ) ස්වභාවය වටහා ගනිමින් නිදහස් බව හොඳින් වටහා ගන්නට අදාල ක්‍රියාකාරකම් වල යෙදෙන ලෙසයි. අදාල ක්‍රියාකාරකම් අතරින් වැඩසටහන් ප්‍රමානයක් සජීවීව ප්‍රචාරය කරන්නටද මෙදිනට නියමිත බවටයි පවසන්නේ.

http://edition.cnn.com/2017/01/30/world/myfreedomday-students-stand-up-to-slavery/

සුබ Thai Pongal සැමරුමකට AVISSAWELLA.COM වෙතින් ආසිරි.

Thai Pongal සමය මෙම වසරේ සැමරෙන්නේ January 14, 2017  සිට January 17, 2017 දක්වාය. දින හතරක් පුරා පැවැත් වෙන මෙම උත්සවයේ තේමාවන්නේ සශ්‍රීක බවය. ද්‍රවිඩ සමාජයේ  ඇදගත් තැනක් ගන්නා මෙම උත්සවය තුලදී සතුට හා සෞභාග්‍යය  අර්තවත් වන අතර හිරු දෙවිදුන් වෙත තම ප්‍රනාමය පිදීම මෙහිදී සිදුවන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. කෘෂිකර්මාන්තයේදී වැදගත්ම වන හිරු ශක්තිය මෙහිදී සැමරීම කරනු ලබන බවට සදහන් වෙනවා. මෙහිදී ඔවුනගේ විස්වාශය වන්නේ හිරුගේ north දෙසට වන සයමස් ගමන ඇරබෙන බවයි.
දීර්ඝකාලීන සංස්කෘතික සබඳතාවලින් ශක්තිමත් ලාංකික ද්‍රවිඩ- සිංහල ජන කොටස් අතරට සුලු කාලීන බල ලෝභී දේශපාලකයන්ගේ අවාසනාවන්ත අදහස් උදහස් ඉක්මවා ගොස් එක් රටක් ලෙසට හෙට දිනයේ ලෝකය සමග පැහෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ඉපැදවෙන සුබ Thai Pongal සැමරුමකට AVISSAWELLA.COM වෙතින් ආසිරි.

දියුනු මිනිසා වීම..

“….නැහැ, මම හිතන්නේ මම අදහස් කරපුදේ ඔබ වැරදියට තේරුම් අරන් වගේ ස්වභාවයක් මට දැනෙනවා. මම අදහස් කරන්නේ අපිට සිදුවුනා කෘෂියුගයට වඩා සංවේදී වෙච්ච මිනිසෙක් කාර්මික යුගයේදී. අවශ්‍ය වුනා වැඩි විනයක් හා සීරුවට වැඩකරන අයෙක් පෙර යුගයට වඩා. මොකද පෙර යුයට සාපේක්ශව සලකන විට සාමාන්‍ය මිනිසා වඩාත් බල සම්පන්නයි. සරලව කිව්වොත් ඔහුගේ කුඩා චලනයකට සිදුකලහැකි බලපෑම වැඩි උනා පෙර යුගයට වඩා. මම කියන්නේ සමාජයට වගෙම පරිසරයට පවා.  තොරතුරු යුගයේදී තත්වය යලිත් වඩාත් සංකීර්න වනවා. සංකේතාත්මකව කිව්වොත් මේ යුගයේදී හැකිවෙනවා ස්පර්ශක තිරයකට කරන එක් ස්පර්ශයකින් දියුනු මට්ටමේ නගරයකටම විදුලි සැපයුම අඩපන කරන්නට සමහර විට සනිපාඅරක්ශක පද්ධති අක්‍රිය කර දමන්නට. මම විස්වාස කරනවා මේ නිසාම මිනිසුන් තේරුම් ගත යුතුයි තමන් වඩාත් බලසම්පන්නය ඒ නිසාම තමන්ගේ කුඩා හැසිරීමකට පවා සැහෙන බලපෑමක් සිදුවිය හැකිය යන නිසා  වඩාත් කල්පනකාරීවීම වැදගත්ය යන්න පිලිගන්නට. එහෙම නැතිව අධි සුචරිතවාදී මනෝකල්පිත සමාජයක් ගැන නොවේ මම අදහස් කලේ….”

www.siriwansa.com

තොරතුරු තාක්ශනය හා අපි….

       තොරතුරු තාක්ශනය කියන්නේ තවත් එක් තාක්ශනයක් අපේ ජීවිත වටා තියෙන කියලා කෙනෙක් කියන එකට අපට විරුද්ද වෙන්න බැහැ තමයි. හැබැයි අමතක කරන්න එපා අප වටා තියෙන බොහෝ තාක්ශනයන් එක්ක සැලකීමේදී තොරතුරු අවකාශය අපේ ජීවිතවල විශාල වපසරියක ක්‍රියාත්මක වීමේ හැකියාව රැගෙන විත් තියෙන බව. ඒක ඔබගේ වෘතීය ජීවිතය ඉක්මවා ගිහින් බොහෝ දුරක් පැමින තියෙන බව අපට පිලිගන්නට වෙනවා. ඔබගේ විනෝද ජීවිතය සමාජ ජීවිතය විතරක් නෙමේ සෞකය ජීවිතයත් සමග බොහෝ සමීපව කටයුතු කරන්නට ඒකට අවශ්‍ය වෙලා තියෙනවා විතරක් නෙමේ ඒසේ හැකිබවට ඔප්පු කරමින්ද සිටිනවා. මම හිතනවා මේ ලංකාවේදී කෙනෙකුට අපහාස කරන්නට නැතිනම් කාන්තාවකගේ ඇදුමක් හුලගට යන්තම් එහෙමෙහෙ වෙනකන් බලා ඉදල ගන්න ඡායාරුවක් පල කරන්න වගේ නැතිනම් ලෝකයේ බහුල භාවිතාවක් වගේම බහුල ප්‍රයෝජන ගැනීමක් තියෙන සමාජ ජාලා වගේ ඒවා අඩු වටිනාකම් තියෙන ඒවාට පාවිච්චිකරලා පස්සේ බැන බැන ඉන්නවට වඩා දේවල් වලට වඩා බොහෝම අඩුවෙන් පාවිච්චි වෙන්නේ මේ තාක්ශනයේ වරදකට වඩා ලාංකික ජීවිත වල වරදක් නිසා කියලා. ගනනින් දෙදහස් පන්සීය තුන්දාහ වගේ ගනන් කිව්වට…

“ත්‍රස්ථ කටයුතු වලට සහය වනවා”- Twitter වෙතට චෝදනාවක්-

              “Without Twitter, the explosive growth of ISIS over the last few years into the most-feared terrorist group in the world would not have been possible,” the lawsuit said. මාධ්‍ය ලෝකය වෙතට මහත් බලපෑමක් ගෙනෙන්නට සමත් වූ සමාජ ජාලා වෙතට පැමිනෙන ප්‍රධාන චෝදනාවක් ලෙසට මෙම ආකාරයේ චෝදනා බොහෝ දෙනා අතර මෑත කාලයේ නැගෙමින් ඇත. සියලුම පාහේ පාහේ භාවිතාකරන්නන්ද තම කැමැත්තේ ප්‍රමානයට මාධ්‍යවේදීන් වීමේ අවස්ථාව ගෙනෙන බ්ලොග් යුගය පසුකරමින් සමාජජාලා යුගයේදී මේ බව වඩාත් උත්කර්ෂවත් කරමින් ඇත. Twitter වෙතට ISIS ත්‍රස්ථවාදය වඩාත් පැතිරීම සදහා වූ මාධ්‍ය සහයක් වූ බවට චෝදනා කරමින් පැමිනි පෙරකී ත්‍රස්ථවාදී කටයුතු වලින් අගතියට පත් අයෙකු විසින් ඇමරිකන් අධිකරනයකදී කරනලද නෛතික චෝදනාවක් සදහා අධිකරනය විසින් පවසා සිටි බව වාර්ථාවන්නේ ” තම සේවාව තුල සිටින භාවිතාකරන්නන්ගේ කටයුතු වලට එම සේවාවට හැම විටම වගකීමක් දරන්නට නොහැකි වනු ඇති බවයි.” වාර්ථා පවසන්නේ මෙම කාන්තාව වෙතට වෙනස් ආකාරයක චෝදනාවකට ඉඩ තබමින්මෙම තීන්දුව ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් Facebook, Twitter වැනි ආයතනයන් වඩ වඩාත් තම භාවිතාකරන්නන් අතරින් මෙසේ ත්‍රස්ථමය අදහස් පැතිරවිම පැතිරවිම පාලනය කරන්නට කටයුතු කරමින් සිටින අතර පසුගිය කාලයේ ලොවපුරා රටවල් කිහිපයකම සමාජ සිදුවූ සමාජ පෙරලීම් කිහිපයකදීම ද මෙම සමාජජාලා ඔස්සේ සිදුවූ සහය අතිවිශාල බවට පිලි ගැනීමක් පවතී.

ප්‍රභාකරන් සාධකය වක්‍රව තවමත් අප පාලනය කරමින් සිටී.

      ප්‍රභාකරන් සාධකය වක්‍රව තවමත් අප පාලනය කරමින් සිටී. යුද්ධය විසින් කාලාන්තරයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය කර දුන් මනෝභාවයන් සමාජ මනසින් බැස යන්නට තවමත් සූදානම් නැති බවට නෙක ආකාර ගත් පනිවිඬ ඔස්සේ වරින් වර අපට දැනුම් දෙමින් සිටී. එක් දෙසකින් සැලකීමේදී දශක කිහිපයක් තිස්සේ පසුකල වෙහෙසකාරී අත්දැකීම් කල නිර්මාණයන් අප සිතනා තරම් සරලව බැහැර නොවන්නේ සංකීර්නව ඒවා විසින් සංස්කෘතික, ආර්ථිකව මෙන්ම දේශපාලනිකව සමාජ මනස තුල දැඩිව මුල් බැස ගෙන එති නිසා විය යුතුය. සිවිල් යාන්ත්‍රනය නැවත සොයා ගැනීමේ මේ තරම් දුෂ්කරව ඇත්තේ පෙරකී දැඩි වෙලා ගැනීම නිර්මානය කල සමහර සමාජ තලයන් විසින් පුරුදු පුහුනු කරමින් සිටින මානසික කායික සුඛ විහරනයන් අත් හැර දැමෙන්නට යෝජනා වීමම මරන්තික ප්‍රතික්ක්‍රියා ගෙනෙන වටපිටාවක් තුලය.
ප්‍රභාකරන් නම් පුද්ගලයා යුධපිටියේදී මිය යන්නේ ඔහු ප්‍රභාකරන් නම් සිංහලයන් ප්‍රමුක බොහෝ කොටස් කොසට් පසුකාලීනව ඇසූ පමනින් භීතියට පත්කරවන නමක් ලබමින් ඉපදීම නිසා නොවන බව පැහැදිලිය. ඒ ඔහුගේ ක්‍රියාකාරකම් ඔස්සේ සමාජයට ගලා එන්නට වූ ත්‍රස්ථ ස්වභාවයන් නිසාය. සාර්ථකව කල්ලි කන්ඩායමක් බවට පත්කරන්නට ඔහු සමත්වූ අනෙකුන් ත්‍රස්ථ කරවීම ඔස්සේ තම ඉලක්ක මුදුන්පත්කරන්නට කරගන්නට වන උත්සාහය නිසාය. අවසානයේ ශ්‍රී ලංකාවේ හමුදාවන් සාර්ථකව ඒ ත්‍රස්ථවදියාව විනාශ කර දමන ලද්දේ සිංහල මෙන්ම ද්‍රවිඩ බොහෝ දෙනාටද සැනසුම් බවක් ගෙනෙමිනි.
සිවිල් සමාජය සංකීර්නය. එය ආරක්ශක අංශ විසින් පාලනය කරන සමාජයකට වඩා බහු ස්වරූපීය. එනමුත් සිවිල් සමාජය මිනිස් සංස්කෘතියේ වඩාත් දියුනු අත්පත්කර ගැනීමකි. නිදහස් සිවිල් පුරවැසියා වඩාත් ඉහලින් වන අත්පත් කර ගැනීමකි.  ආරක්ශක අංශ විසින් පාලනය කරවන සමාජයකදී මෙන් නොව සමාජ යාන්ත්‍රන විශාල ප්‍රමානයක අඩු වැඩි සංයුතියෙන් වන නිර්මාණයකි. එක් අන්ත අර්ථ දැක්වීමකදී පැහැදිලි කෙරෙන ආකාරය නම් එක් මනසකට නතු කර ගත නොහැකි සමාජ සිදුවීමකි.
අපට බොහෝ දෑ ලැබුනේ අහබු ලෙසටය. විටක බලහත්කාරයෙන්ය. යම් විෂයක් සදහා ඊයේ දිනයක් තිබීම සාර්ථක හෙට දවසක් සදහා මග පෙන්වීමකි. එවන් තත්වයක් අහිමි වීම වඩාත් කල්පනාකාරී වීමට ආරාධනාවක් වන්නට හැකිවා මෙන්ම කලහාකාරී වීමට ද පෙලබවීමක් විය හැක. අපැහැදිලි අනන්‍යතාවය පුද්ගල ගැටලුවක් වනවා සේම  අපැහැදිලි සමාජ අනන්‍යතාද සංකීර්න ගැටලුවකි. අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ එනිසාවෙනි.