Category Archives: Tharu Minisa

මිනිස් කුලය ගැන වන සටහනකි.

ඉක්බිතිව අප බුද්ධියේ ‍තෝතැන්නට පිවිසුනෙමු (දත්ත මිනිසා)……..

තවත් මද වෙලාවක්ගත වෙන විට අප විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ ප්‍රධාන පිවිසුමවෙත ලගා විනි.අප බස් රථයේ වූ සහය නිලධාරිනිය දන්වා සිටියේ බීටව පැලද ගන්නා ලෙසත් බීටාව විසින් ලබා දෙන ශ්‍රව්‍ය උපදෙස් කෙරෙහි නිතරම අවධානයෙන් සිටින ලෙසත් අවට පරිසරයේ වන යම් යම් දැ විසින් බීටාව සමග එක්ව ලබ දෙන උපදෙස් පිලිබදවද කල්පනාකාරී වන ලෙසත්ය. අවසානයේ බස් රථයේ ප්‍රධානදොර‍ටුව අසලදී සියල්ලන්ටම සුබපතුම් පතමින් ඇය අපගෙන් සමුගත්තාය.
ජීවිතයේ ප්‍රථම වරට නිදහස් බුද්ධි අවකාශයේ දොරකඩට පැමින සිටින්නෙමි. සිත මහත් සතුටින් පිරී යන්නාසේ හැගන්නට විය. පාසැල්වියේදී බිද්ධි පරිනාමය විෂය යටතේ හැදැරූ දශක කිහිපයකට පෙර උසස් අධ්‍යපනය යනු ආඩම්බරය සදහා , උසස් ‍රැකියාවක් සදහා , කැපී පෙනීම සදහා වැනි ප්‍රාථමික කාරනා සදහා විනැයි කාරනය හදිස්සියේ මතක්වීමෙන් සිත තුල මද කනගා‍ටුවක් ඇතිවූයේ එවැනි දීර්ග කාලයක් පෘතුවි තලය මත බුද්ධි ගමන අවගමනය නොවුනේනම් මේ වන විට මිනිස් වර්ගයා මීට වඩා තෙගුනයක පමන ඉදිරියකින් සිටින්නට හැකිවනු ඇති බවට ඊලග පරිච්චේදය තුල විස්තරකර තිබූ බැවිනි. බස් රථ දොර‍ටුවෙන් බසිනවාත් සමග අමතර වෑයමනින් තොරව අප 50 කට ආසන්න පිරිස දෙදෙනා බැගින් වූ පෙලක ප්‍රධාන දොර‍ටුව දෙසට ගමන් කරන්නට වුනි.
මද කදුගැටයක් මත පිහිටි විශාල තැනිතලාවක් මත එය පිහිටා ඇත.සමාන්තර දුරකින් පිහිටි ඉම සලකුනු හැරෙන්නට වෙනත් කිසිදු බාදකයකින් එම භූමිය සෙසු ලෝකයෙන් වෙන්කර නොතිබුනාය. ඝන දැවයෙන් නිමකරන ලද ඉන්දියානු සාම්ප්‍රධායික තොරණකින් පිවිසුම් ස්ථානය පමනක් වෙන්කර දක්වා තිබිනි. එහි ඉහලින්ම මෙම ආයතනයේ නිලනාමයට යටින් භාවිත නාමය සදහන්ව තිබුනේ “බුද්ධියේ ‍තෝතැන්න” ලෙසය. එතැන් සිට මීටර සියයක් පමන වන තෙක් පිහිටා ඇත්තේ විශාල අර්ධ කවාකාර වීදුරු කුටියකි. පෙරකී පිවිසුම් දැව දොර‍ටුවත් එම වීදුරු කුටියත් අතර වන හිඩසෙහි දෙපසම පිහිටි විශාල දැන්වීම් පුවරුවල මෙසේ සටහන්ව තිබිනි.” ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. ඔබ පිවිසෙමින් සිටින්නේ පෘතුවි බුද්ධි ආකෘතියේ දෙවන තලයටයි.ඔබගේ පිවිසුම මෙවැනි උදාහරනයකින් පහදා දෙන්නට මම කැමැත්තෙමි.එනම් ඔබගේ පෘතුවි සංචාරය රසවත් කෑම වේලක් නම් හුදෙක් රසවිදින්නන්ගේ තත්වයේ සිට එහි “රෙසිපිය” හදාරන්නන්ගේ තත්වයට ඔබ පත්වෙමින් සිටී. කෙටි කලකින් “එය ” වඩාත් රසවත් හා ගුනවත් බව සදහා සංසෝදනය කරන්නෝ බවට ඔබලා පත්වීම මගේ ආදරනීය පැතුමයි. සැ.යු. ඔබේ ටිටාව නිවැරදිව පැලදගන්න. සම්පූර්නයෙන් සංක්‍රීයව තබා ගන්න. ස්තුතියි. මම ටීටා”
– Pubudu Siriwansa

තරු මිනිසා -පෙරවදනක්

“තරු මිනිසා” සටහන් වන්නේ කලබල කාරීත්වයෙන් බොහෝ ඈත ලෝකයේ කෙරවලක බඳු විසල් කදු වලල්ලකින් වටවුනු උස් කදු යායක නැගෙනහිර බෑවුමේ, දියුනු සමාජ දැනුමෙන් නම් කිසිදිනක පහදා ගත නොහැකි අපූරු ගතු පැවතුම් ඇති මිනිසුන්ගෙන් ගැවසගත් ගම්මානයට මායිම්ව පිහිටි මදක් හුරුපුරුදු දහම් මනසක් ඇත්තෙකුට හැර “මෝස්තරක් ලෙස හෝ සියලු විකල්ප අවසන් කල වෙන කලහැකි කිසිවක් නොමැති නිසා දහම් මනස සොයන” අයෙකුට නම් මුල් දින දෙක තුන ඉක්මවන විට ස්වංතීර්නය මතම මෙතනින් පලා යන්නට සිත්වන තරමේ සියුම් දහම් රිද්මයක් ගැවසගත් ආශ්‍රම භූමියක සිට බව සටහන් කල යුතුය.
මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්‍රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී ‍රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී.
මේ මනරම් පරිසරයේ සිට ගැබුරු ගුප්ත වනාන්තරය අභ්‍යන්තරයේ සැගවගත් බොහෝ දේ මට ඔබට කීමට හැකිවනු ඇත. යහපත් ගම් වාසීන්ගේ සිට ආශ්‍රමයේ වෙසෙන සිල් ඇත්තන් ගැන පමනක් නොව ඈත ගැබුරු වනගැහැබෙන් ඉදහිටක මෙහි එන උසස් සිල් ඇත්තන් ගැන පවා මට ඔබට සටහන් කල හැක. නගර මධ්‍යයේ පිහිටි දහම පැහැදිලි කරගන්නට උදව්වන ස්ථානවල සිට ලොකය පුරා පිහිටි විවිධ ආශ්‍රම වලට සපේක්ශව මෙහි සැගව ඇති අපූර්ව බොහෝ දේමට පැහැදිලි කල හැකිවනු ඇත. මට පැහැදිලි කල නොහැකි එකම දෙය නම් මම කවුද යන්න පමනි. මෙතැන ඇති අවටීනම කාරනාව එය යැයි මම සිතමි.

Home

හැට වන කොටස

“අපි දන්නවා සමාජ ගත වීම තමයි මිනිස් කථන්දරයේ මධ්‍ය ලක්ෂය වෙන්නේ කියලා. මිහිපිට වූ වඩාත් රෞද්‍රතම සත්වයා මෙන්ම වේගවත්ම සත්වයාද නොවුනු ඔහු තම මූලික පරිසර අරගලයෙන් මිදී තම පරිසරයේ ආධිපත්‍ය ලබා ගන්නේ සමාජ ගත වීම තුලයි. සමාජගත වීමේ මූලිකව කොන්දේසිය තමයි පැහැදිලි සංනිවේදනය. මතය කොතරම් ප්‍රාථමික වූවද තීරනාත්මක වුවද පැහැදිලිව සංනිවේදනය වීම ඉතා වැදගත් බව අප තේරුම් ගෙන බොහෝ කල් හා ඒ දිගු කාලය ඔස්සේ ඉන් ලබා ඇති ප්‍රථිපල ඉමහත් බව පැහැදිලියි. අදද ඉතා ආවේගශීලී මතයක් ඔස්සේ සමාජය යලි වනගත කරන්නට පවා මේ බව භාවිතාකරන කොටස් සමාජය තුලදීම අපට දැකිය හැකියි. මෙහිදී හමුවන මීලගම භ්‍යානක කාරනයක් තමයි මේ සංනිවේදනයයම තාක්ශනයක් බවට පත්කොට ගෙන පෙර කී මූලික සද් අරමුනු වලින් තොරව හිතාමතාම එය අවභාවිතාවට තැත් කිරීම. සමාජජාලා හදාරන්නන් පවසන ප්‍රධාන කාරනාවක් තමයි එහි භාවිතාකරන්නන් කාලයකදී එහි වන තම නියෝජනයට වඩා කෘතීම තැනකට යන්නට උත්සාහ කිරීම. තත්වය වඩාත් බැරෑරුම් වන්නේ ප්‍රාථමික ස්වභාවයේ සමාජයකදී අධිතාක්ශනික පසුමිමක් සමග පවා හුවමාරු වන්නේ බොහොම මූලික ස්වභාවයේ අවේගශීලී ප්‍රාථමික ස්වභාවයන් වීමයි. වෙනස්ම ස්වරූපයේ උදහරනයකින් තත්වය පැහැදිලි කරන්නේ නම් “බිට්කොයින්” නිර්මානය වන්නේ වඩාත් වේගවත්ව හා සුරක්ෂිත මුදල් වටිනාකම් හුවමරුවක් සදහායි. එහෙත් අද මේ පහසුව සයිබර් පහර දෙන්නෙන්ගේ සුවපහසු භාවිතාවක් කරගෙන තිබෙනවා” හොඳයි… සරලව පවසන්නේ නම් දියුනු තාක්ශනික පරිසරය ඉල්ලා සිටින දියුනු ජීවිත ආකෘති නොපැමිනීම සංකීර්න ගැටලුවක් පමනක් නොව භ්‍යානක තත්වයක්….
බොහෝ බුද්ධිමතුන් අතින් සැකසෙන වැඩසටහන් වලදී සිදුවන දුර්වලතාවයක් ඉක්මවා යන්නට මෙම සැඩසටහන තුලදී අවශ්‍යව ඇති බවක් ප්‍රකට වෙමින් තිබේ. තාක්ශනයට අදාල ආචාරධර්ම ද පැහැදිලිව නොපැමිනීම ගැටලුව්ක බව බොහෝ සමාජ වටපිටාවලදි බහුලව අත්විඳින්නකි. “හුඳු කරුනු පමනක් නොවේ, ඒවා භාවිතාවන සමාජය සමග සැසදීමට කල්පනා නොකිරීම බරපතල ගැටලුවක් ලෙසට මිනිසුන් අත්විඳිමින් තිබේ.
– siriwansa

මෙහි සිදුවන ජීව-සමාජ පරිනාමය හරිම විසිතුරුයි -Tharu Minisa|-

ඈතින් පෙනෙන අශ්‍රම කඳු මුදුනතට වියතක දෙකක් තරම් උඩින් හිරු පෙනෙන හෝරාව වන විට අවසන් ගම්මානයේ කඳුමුදුනතට පැමිනෙන්නට හැකිවිය. විසල් යෝධයෙකු මෙන් දෙපසට විහිදෙන ආශ්‍රම කඳුයායේ පෙනුමද එහි සිදුවන අපූර්ව කටයුත්ත මනාව පිලිබිගු වනවා සේය. විශාල පොත්ගුල් , හරබර දේශන, මහත් බරපතල පෙනුමැති උපදේශකවරුන් එහි නැත. එහෙත් ලොව සොලවන වියතුන් , ධනවතුන් එහි පැමින මද කලක් ගත කොට ආපසු යන්නේ සම්පූනයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙසට වීම විටක මහත් විමතිය ගෙනෙනකි. ඔවුනගේ බරපතල වෙහෙසකර පෙනුම වෙනුවට සැහැල්ලු , සරල බවක් එහිදී ගෙනෙන්නේ ඉතා කෙටි කලකිනි. තවදුරටත් ඔබ ‍රැඳිය යුතුය , ඔබ දැන් යා යුතුය පවසන්න එහි කිසිවෙකු නැත. ඉතාම කලා තුරකින් අයෙක් පැමිනියාටත් වඩා වේගයෙන් පසුවදාම ආපසු යාමද සිදුවේ. වැරදීමකින් තමන්ට නොගැලපෙන පෙදෙසකට ආවා සේ ඔවුන් ආපසු දිව යන්නේ කිසිවෙකුගේ මෙහෙය වීමකින්ද නොවිම විශ්මය උපදවයි. “මෙතැන ඇත්තේ නීති රීතී වලින් පිරුනු අවකාශයක් නොව අපූර්ව රිද්මයකින් ගැවස ගත් භූමිභාගයක් පමනී. එහි වන රිද්මයට සුසර වන්නට ඔබ සමත්ද , අසමත්ද යන වග ඔබගේම තීර්නයකි. ඔබ අසමත්නම් අපහසුවෙන් එහි ‍රැදෙනවාද නැතිනම් පහසුවක් ගෙනෙන හුරු පුරුදු පරිසරයකට යනවාද යන්න ඔබගේම තීර්නයක් වනු ඇත.” පලමු ආශ්‍රම සංචාරයෙන් පසුව ආපසු හැදෑරුම් ආයතනයට ගිය විගස ඔවුනට නෙක ආකාරගත් පැහැදිලි කිරීම් අවශ්‍ය විය. ඉහත සටහන එවන් අවස්ථාවක්දී ඔවුන් වෙනු වෙන් තැබුවකි.
කුඩා මාවත දෙපස තුරු ගොමුවල දහවලට පිරීයන සියොත් හඬ කෙමින් තුනී වෙමින් ඇත. ක්‍රමයෙන් තම ගොවිබිම් වලින් අපසු එන ගැමියන් කලාතුරකින් හමුවෙමින් තිබේ. “මේක සංකීර්න අවස්ථාවක්. ඔවුන්ගේ සමාජීය බව සාමානයයෙන් අප අත්විඳින ආකාරයේ සමාජවල වන අපහසුවෙන් මෙන්ම බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවක් නොපෙන්වයි.සමහර විටක ඔවුන්ගේ ජීවවිදයාත්මකවම පැමිනෙන සමාජ පරිනාමීය බව අපට වඩා ඉදිරියෙන් තිබෙනවා විය යුතුයි.” ටිබෙටියානු මිතුරා මේ සමාජයේ වන සංහිඳියාව අර්ථ දක්වන එක් ආකාරයකි එය. “ඔබට තේරෙනවාද මේ සමාජ පරිසරයේදී තරුන ජවය සේම පැසුනු වියපත් බවද ආභරණ ලෙසට වන පිලිගැනීම. සාමානයයෙන් එය විසින්ම එය ඉදිරියට තල්ලුකර ගන්නා ජීව-සමාජ පරිනාමයක් මේ වගේ විසිතුරු අවස්ථාවක් අත්කරගන්න වසර දහස් ගනනක් වත් ගනීවි.” ඔහු මෙහි වන තත්වය වඩාත් පැහැදිලි කරයි.
-siriwansa

පනස් නම වන කොටස

“ඒක සංකීර්න කරනාවක්. මිනිස්සු හැටියට අද අපි භාවිතා කරමින් සිටින සියලු දැනුම් පද්ධති තියා ඉන් අඩක් වත් විද්‍යාත්මක ක්‍රම වේදය ඇතුලේ අත්හද බලන්නට හෝ තහවුරු කරගන්නට බැරි වේවි. අනික සම්ප්‍රධායික භාවිතාවන් බොහොමයක අවසාන ඉලක්ක වෙතට අප දන්නා ක්‍රම වේද ඔස්සේ පිවිසෙන්නට නොහැකියි. ඒවා විටක හරිම සරල වෙනවා සේම තවත් විටක හරිම සංකීර්න වෙනවා. අවසාන වශයෙන් සැලකුවත් විද්‍යාව කියන්නෙත් සියයට සියයක්ම නිරපේක්ෂ දැනුමක් නෙමෙයි.” වඩාත් සංකීර්න හැදෑරීමකට පිවිසෙමින් සිටින බවක් පල වෙමින් තිබේ. වඩාත් පුලුල්ව එහි විෂය  වෙතට නාභිගත වෙමින් තිබෙන බව පැහැදිලිය. ඇයද ක්‍රමයෙන් තම මූලික විෂය පතය මතින් වඩාත් පුලුල් දැක්මකට පැමිනෙමින් තිබීම අපූර්ව හැදෑරීම් ආකාරයේ අත්දැකීමකි. ටිබෙටියානු මිතුරාගේ නිරන්තර වදන් වැලක් මතකයට පැමිනෙන්නේ නිසැකින්ය. “ඇත්ත.. සීමිත බව සැහැල්ලුවක්. හැබැයි අසීමිත බව ඊට වඩා සැහැල්ලුවක්. මේ අප පසුකරමින් සිටින සාමාන්‍ය ජීවිත ආකෘති පදනම අපට බල කරනවා සීමිත වෙන්නට කියලා. මම කියන්නේ ආර්ථික දේශපාලනිකව මෙන්ම සංස්කෘතිකවත් ඒක එහෙම කරමින් සිටිනවා”. ඔහු හා මා වරක් සැන්දෑවක ආශ්‍රමයේ සිට ඔවුන්ගේ වගා බිම් අතර ඇවිද යමින් සිටියෙමු. විශාල භූමිය් මැදින් දිවෙන සරල මාවතේ අයිනකට වන්නට ඉතිරි කර තිබූ විශාල වෘක්ෂයක සෙවනේ වන සරල දැව අසුනක අසුන් ගන්නට ඔහුට අවශ්‍ය විය. අප අතර වූ දෙබස ඔහු ඉදිරියට ගෙනියමින් සිටී. “ඇත්තටම මේ ගැමි මිනිසුන්ගේ ජීවන රට අකෘතිය මට දැන්නේ ඈත අභ්‍යාවකාශයෙන් පැමිනි නොදන්නා නොහදුනන මෙන්ම හඳුනාගන්නට අප භාවිතාකරමින් සිටින කිසිදු තාක්ශනයකට හසු නොවන ලෝහ මිශ්‍රනයක් නැතිනම් ප්‍රාතමික ජීව ගොනුවක් වගෙයි.
-siriwansa

පනස් අටවන කොටස

විසිරුන මනසට එලබෙමින් ඇති කර්ය බහුල කාලය ඔසුවක් වැනිය. අන්තර්ජාලය හරහා ‍රැස්කරගත යුතු තොරතුරු ප්‍රමානයද අපමනය. ඒවා ක්‍රමවත්ව නැවත නැවත සකසමින් වඩාත් හරවත් සටහන් පෙල කරා සූදානම් කරන්නට වන කටයුත්ත විටක මහත් සංකීර්නය. දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික අර්ථවලින් නැවත නැවත විග්‍රහ කරමින් වඩාත්ම අලුත්ම තත්වයන් පිලිබඳව දැනුවත් වීමට අදාල විද්වතුන්, හදාරන්නන් සමග සම්බන්දවීමටද සිදුවේ. මෙම සීමිත කාලය තුලදී අපමන පෙර සූදානමක අවශ්‍යතාවය හදිස්සියේම පැමින තිබේ. “ඇත්තෙන්ම මම බලාපොරොත්තු වූවාට වඩා අපමන තොරතුරු සංක්‍යලේඛන ප්‍රමානයක් ‍රැස්කරගන්නට හැකි වුනා. මිහිපිට වෙසෙන තවත් සරල මිනිසුන් දෙදෙනෙකු ලෙසට අපට දැරිය හැකිදැයි විටක සැක සිතෙන තරම් මතවාද අතරින් සීරුවෙන් ගමන් කරමින් මේ සටහන් පෙලට පිවිසෙන්නට සිදුවීම විටක සතුටකුත් විටක තරමක තිගැස්මකටත් හේතුවෙමින් තිබේ”. සර්ථකව අවසන් කල හැදෑරීම් අවස්ථාවෙන් අනතුරුව ඇය නැවත පැමිනෙන ගමනේදී කුඩා අමතර දුරකින් වන තම නිවෙස වෙතට යන බව දන්වා තිබිනි. සැහැල්ලු සරල මනසකින් මේ තොරතුරු කන්දරාව වෙතට පිවිසීම වැඩි කාලයක් තිස්සේ හා බොහෝ දුරක් තිස්සේ එක හුස්මට යන්නට සහයක් වනු ඇත.
“අපි දන්නවා ලංකාව කියන්නේ ප්‍රමානයෙන් කුඩා වුවද අපූරු රටක්. ඔවුන් අත්විඳිමින් සිටින ස්වාභාවික දරුනු ව්‍යසනයක් පිලිබඳව මේ දිනවල වාර්ථා වෙමින් තිබෙනවා. මහත් ධනවත් රටක් නොවුනද, මහත් දේශපාලනික අර්ථවලින් හැසිරෙන රටක් නොවුනද, ඔවුන් සතු තොරතුරු තාක්ෂන පදනම මේ ව්‍යසනයේදී මැදිහත් වෙන්නේ ඉමහත් ලෙසට බව මගේ අත්දැකීමයි. විටකදි දියුනු යැයි සම්මත රටකට පවා අළුතින් ඉගන ගත හැකි බොහෝ සරල මෙන්ම පහසු භාවිතාවන් මේ මොහොතේ එහි භාවිතා වෙමින් තිබෙනවා. පුද්ගල අර්ථයෙන් මෙන්ම සමාජ අර්ථවලින් පමනක් නොව රාජ්‍ය අර්ථයෙන්ද මේ භාවිතාවන් පිලිබඳව යම් සංශිප්ත සටහනක් ඉදිරි දවසකදී ඔබට ගෙනෙන්නට මම බලා පොරොත්තුවන්නේ ඉන් බොහෝ වටහා ගැනීම් වලට ප්‍රායෝගික සහයක් ලැබෙන නිසා වෙනි”. උදෑසන දේශන දෙකෙහිම වඩාත් සමීප එම අත්දැකීම බෙදා හදාගන්නට අවශ්‍ය විය. තොරතුරු තාක්ෂනය වඩාත් ධනාත්මකව භාවිතාකිරීම තුල මිනිස් වර්ගයාට අත්පත්කරගත හැකි ශක්‍යතාවයන් අපමනක්ය යන අදහස නැවත නැවතත් අවධාරනය කරන්නට හැකිවීම පෞද්ගලික සතුටක් උපදවන්නකි.
-siriwansa

පනස් හත් වන කොටස.

“තොරතුරු තාක්ෂනය ආශ්‍රිත හැකියාවල් මිනිස් බවට එරෙහිවෙමින් තිබේද? ගුවන් විදුලිය නැතිනම් රූපවාහිනිය ප්‍රමුක යුගවල තිබුනාට වඩා අද අප වඩාත් දරුනු මිනිස් ක්‍රියාකරකම් අත්විඳින්නට සිදුව නැතිද?” උදෑසන දේශන මාලවේ දී ප්‍රශ්න අඩ හෝරාවේදී ‍ටුවිටර් කර තිබූ ප්‍රශ්නයක් විය. සමහර විට ඊයේ දිනයේ ලොව ප්‍රධාන නගරයක සිදුවූ ව්‍යසනය මේ වන් ගැටලුවක් විමවසන්නට වඩාත් බල කරවන්නට ඇත. ” මම් හිතන්නේ පිලිතුර දෙයාකාරව සපයන්නට හැකියි. පලමුකොට මිනිස් වර්ගයා කවරාදාක හෝ අත්විඳ නොමැති තරම් තම අත්දැකීම් එකිනෙකා අතර බෙද හාදාගන්නට හැකිව තිබෙනවා. ඉතිහාසය පිලිබඳ සමහර සටහන් වලට පැමිනෙන අධිපති මතවාදය වැනි ස්වභාවයන් තවදුරටත් වලංගු කර නොගැනීමෙ හැකියාව තොරතුරු යුගයේ මිනිසාට කවරදාටත් වඩා ලැබී තිබෙනවා. අනෙත් අතින් කවරදාටත් වඩා මිනිසුන් අතරට තමන්ගේ සැබෑ ස්වභාවයන්ද ගලා එමින් තිබෙනවා. පෙර යුගයේ මුහුදු, කඳු හෙල්, ඝන වනාතර වැනි බාදකයන් ගෙන් සීමාකර තිබූ ඔවුනගේ ප්‍රාදේශීය ස්වභාවයන් පහසුවෙන් හා සරලව විවෘතකර දමන්නට හැකිව තිබෙනවා. -මිනිස් වර්ගයා සතු දේවත්වය මෙන්ම ම්ලේච්චත්වයද කවරදාටවත් වඩා පහසු වෙන් එකිනෙක හමු වෙමින් තිබෙනවා- වඩාත් අරලව පවසන්නේ නම් විශ්ව මිනිස් සංස්කෘතියකට ක්‍රමයෙන් අප ගමන් කරමින් සිටිනවා”. පිලිතුර වඩා දෘඩ වැඩි දැයි සැකයක් නොපැමිනුනාම නොවුනද එම සිතුවිල්ල අමතක කර දමන්නට තිරනය කලෙමි.
“ඉදිරි දෙදින තුල අපට නැවත හමුව්න්නට හැක” සිත් ප්‍රබෝධකරවන එන පනිවිඩය නව ජීවයක් ‍රැගෙන පැමින තිබුනි. දහවල කාලයේ පොත්හල් කිහිපයකට ගොඩ වදිමින් අවශ්‍ය සටහන් කඩදාසි හා අවශ්‍ය පොත්පත් කිහිපයක් මෙන්ම ඉතා පැරනිව තිබූ රෙකෝඩරය වැනි තාක්ෂනික උපාංග අඩු පාඩු කිහිපයක්ම වෙනු වෙන් කාලය ගත විය. නගරයේ පුස්ථකාලයෙන් ඇනවුම් කරතිබූ දුර්ලභ පොත් පත් උපුටන විශාල ප්‍රමනයක් ලබා ගන්නට යෙදිනි. ගෙවී ගිය විරාම කාලය අභ්‍යන්තර අදහස් උදහස් වෙතටද බලවත් වෙනස් කම් ගෙනවිත් තිබිනි.රාත්‍රී ආහාර වේල සදහා සුපුරුදු අවන්හල වෙතට වෙතට යන්නට සිත් විය. එහි පරිසරය මෙන්ම සුපුරුදු සුහඳ බව එලෙසමය.
– siriwansa

පනස් හයවන කොටස

“දේශපාලන න්‍යාය කියන්නේ අනිවාර්ය ගොඩ නැගීමක් නොවේ. එය මිනිසුන් සදහා මිනිසුන් විසින් නිර්මාණය කරගන්නා ලද ගොඩ නැගීමක් මිසක මිනිසුන් උදෙසා වඩාත් බලවත් යමෙක් විසින් නිර්මාණය කරදී ඇති පරම ශුද්ධ යමක් නොවේ. මහත්වරුනි අපි තවමත් සුලගින්, ජල ගැල්මකින්, සුනාමියකින් නැතිනම් භූකම්පනයකින් පවා අසරන වන අපේ අනෙකුන සාපේක්ෂව මදක් දියුනු කොටසක් පමනයි. නමුත් සැබෑවට ඇති අපගේ අසරන බව වසා ගන්නටදෝ දේශපාලනික නැතිනම් ආගමික අනන්‍යතාවයන් අපව පාලනය කරන්නේ හරිම දෘඩ ආකාරයට, අනම්‍ය ආකාරයට. අප අපව පෙලා ගැනීම දරුනු මනසික තත්වයක් හැටියත් දියුනු සමාජයකදී අදවන වන විට පිලිගන්නා පමනක් නොව සමාජ කොටසක් හැටියටද පොදු සත්‍යයක්”. ඊයේ සහභාගී වූ අපූර්ව දේශනයේ විද්වත් මතවාද තවමත් මනස තුල ‍රැවු පිලි ‍රැව් දෙමින් ඇත. උදේ වරුවේ වූ දේශන අතරට සමහර තැනකදී එම මතවල වල ආභාශය පැමිනීම මනා හික්මීමකින් කරන්නට ද මහත් වෙහෙසක් දක්වන්නට අවශ්‍ය විය.
උද්‍යානය කෙරවල දැව අසුන් පෙලෙහි කෙරවල අසුනක දවසේ බොහෝ වෙලාවක් ගතව ගියේ කිසිදු අවදි මනසේ සටහනකින් තොරවය. ඉතා සෙමින් ගල යන ජල තලාව මතට උද්‍යානයේ ඉවුරේ වන දැවැන්ත ගහ වැලෙන් ගිලිහෙන පත්‍රයක් සටහන් කරන තරංගයන්. මිනිසුන්ගෙන් පමනක් නොව දියුනු මිනිස් සංස්කෘතියක අසබඩ නිසාම සත්වය්න් ගෙන් පවා අවම අවධානම නිසාත් නිදහසේ සරන නෙක වර්ණ මත්සයන් ගේ චලනයන්ද මනසේ දැහැන් ගත බවට මහත් පි‍ටුවහල් වන්නට ඇත. අයෙකු හුදකලාවක සිටින විට නගර වැසියෙන්ගෙන් පමනක් නොව කුඩා දරුවෙකු දැරියකගෙන් පවා මෙහිදී බදා නොපැමිනීම සාමාන්‍ය ස්වභාවයය. මෙහි වන නගර වැසියන්ගේ සංහිදියාත්මක මනස අපූරු අත්දැකීමකි. ප්‍රසන්න ජීවිත අත්දැකීමකි. වරක් ඇය සදහන් කල අපූරු මතයක් මතකයට නැගේ. ” මම මේ නගරයට වඩාත්ම ඇලයුම් කරන්නේ මේහි වන මිනිසුන්ගේ වඩාත් සංහිදියාත්මක ජීවන රටාවටයි. ඔනෑම අමුත්තෙකුගේ සිත්ගන්නා මේ අපූරු බව පිලිබදව වන නගරයට ම දෙවනුවත් ඇලයුම් කරන්නේ ඔවුන් එය අලවියක් සදහා භාවිතා නොකිරීමයි. නැහැ .. මම කිව්වේ නගරය වෙතට සංචාරක පිරිස් කැඳවා ගනිමින් අනවශ්‍ය වෙළඳ කලබලයක් වෙනු වෙන් ඔවුන් මේ තමන්ගේ වටිනාකම් බිලී නොදීමයි.”
-siriwansa

පනස් පස්වන කොටස

“පැමිනෙන්නේ වියතුන් වඩාත් අසරන වන කාර්තුවයි”. අහබු ලෙසට නගර ශාලාවේ සංවිධානය කර තිබූ අපූරු කථිකාවකට සහභාගී වන්නට අවස්ථාවක් ලැබිනි. එහි ප්‍රධාන මාතෘකව ලෙසට නම් කොට තිබුනේ එලෙසටය. තොරතුරු තාක්ෂනයේ වේගවත් අත්පත් කර ගැනීම් සමග සිදුවෙමින් ඇති විපර්යාස මෙන්ම අන්තර්ජාල භාවිතාව ලොවපුරා සිදුකරමින් ඇති බුද්ධි ප්‍රබෝධයක් පිලිබඳවද මෙහිදි මනාව විමසා බලන්නට කටයුතු කෙරිනි. “මිනිස් කථාන්දරයේ කිසිදාක අත්නොවිඳි ලෙසට ඔබ නිදහස් වෙමින් තිබේ”. ආර්ථිකව, දේශපාලනිකව සිදු වන ප්‍රබෝධය තව දුරටත් සමාජ අර්ථයෙන්ම පමනක් නොව පුද්ගල අර්ථයෙන්ද වඩාත් විමසෙමින් තිබීම දේශපාලන ආධිපතයයෙන් මැඩලෙමින් ඇති රටවල් කිහිපයකදී හැරෙන්නට හා කන්ඩායම් ගත විමුක්තියේ පරනතම සංස්කරනය ඔස්සේම සොයමින් සිටින කන්ඩයම් අතරේදී හැරෙන්නට ඉතා වේගයෙන් සිදුවෙමින් ඇති බව එම දේශකයින්ගේ අතින් වඩාත් අවධාරනයෙන් සනි‍ටුහන් වූ කරුනක් විය.
තොරතුරු අවකාශය ඉල්ලා සිටින විවෘත බව මැඩලන සමජ අවකාශයන් පිලිබදවද නෙක මත පල වනු දැකිය හැකි විය. “විවෘත බවට බිය වීම මෙන්ම විවෘත බව ඔස්සේ පැමින මිනිසුන්ගේ සිතුම් පැතුම් අවකාශය පුලුල් විමට දක්වන රෝධකය මෙන්ම වඩාත් සාර්ථක විකල්ප නිර්මානය කරන්නට දක්ෂ වනවාට වඩා “දොර වසා” තැබීමට දක්වන කැමැත්ත ඔස්සේ මිනිස් වර්ගයා සීමා කරවන්නට හා ඒ ඔස්සේ පාලනය කරවන්නට වන කැමැත්ත වඩාත් හාස්‍ය මෙන්ම දෘඩ ලෙසට විවේචනය කරන්නටද ඔවුනට අවශ්‍යව තිබිනි.ආයතන ගත දැනුම් පද්ධති වලට වන අනන්‍යතාවය ඉතා වේගයෙන් ගිලිහෙමින් පැවතීම මෙන්ම විවෘත සමජ අවකාශවලදී කවරදාත් අත්නොවිඳි තරම් මෙම දැනුම් පද්ධතිවල වන ආයතනික ගත අනන්‍යතා නොසලකා හරින්නට හැකිවීමට වන නොරිස්සුමද සංවාදයට භාජනය විය.
පුරා හෝරා හතරක ප්‍රබෝධජනක සංවාදය අවසානයේ නගර ශාලවෙන් පිටතට පැමිනි විට බොහෝ දෙනා තුලින් ලත් බුද්ධි ප්‍රබෝදයත් කායික මනසික වෙහෙසත් අතර වන මිශ්‍රිත බවක් දැකින්නට හැකි විය. “බොහෝ කලකට පසු මගේ විමසුම් මනස දරුනු ලෙස අවදිකරවන්නට ඔබලාට හැකි විය. ඒ පිලිබඳව මගේ ස්තුතිය” මෙම සම්ත්‍රනයට අදාල සමාජජාලා පි‍ටුවේ වූ එක් අයෙකුගේ මතයක් බොහෝ දෙනාගේ අනුමැතියට ලක්ව තිබුනි.
-siriwansa

පනස් හතරවන කොටස

” මිනිස් ජීවිත හා නිරෝගීතාවය අතර සීමාව නෙක ඖෂද හා තාක්ෂනික උපකරන බවට පත්වෙමින් වෙළඳ ආධිපත්‍ය විසින් වේගයෙන් ඩැහැගනිමින් ඇති බව හදාරන්නන්ගේ දැඩි අවධානය දිනා ගන්නා කාරනාවක් බවට පත් වෙමින් තිබෙනවා. අත්පත්කරගනිමින් සිටින දියුනුවත්, එම දියුනුව වෙළඳතාම කරනය විසින් භ්‍යානක ලෙසට තරගකාරීව අත්පත් කර ගැනීමත්, ඒවා පාලනයට ජාත්‍යන්තර මෙන්ම රාජ්‍ය මට්ටමින් පැමිනිය යුතු පාලනයන්, නීතීන් , රීතීන් මන්දගාමී වීම සංකීර්න ගැටලු මතුකරමින් තිබෙනවා. නිරෝගීබව අර්ථ දැක්වීම, ලොසින්ජරයක් අර්ථ දක්වන්නට වැනි සරල මට්ටමක වෙළඳ අර්ථයකින් පාලනය නොවිය යුතුයි.

කාබන් ගැටලුව වැනි සමස්ථ මිනිස් ශිස්ඨාචාරයම පාලනය කරන ගැටලුවක් බවට හඳුනා ගනිමින් පාලනය නොපැමිනීම තවත් ආපසු හැරවිය නොහැකි අභියෝගයක් වේවි”. ඇය වඩ වඩාත් විෂයේ භාහිර සීමාවේ ගැටලු ඉස්මතු කරමින් සිටී. ලැබෙන සෑම ඊමේලයකම අඩංගුවන්නේ “ගනු දෙනු” කලාව ජාතික , ජාත්‍යයන්තර සීමාවන් පමනක් නොව මිනිස්, සත්ව නැතිනම් ජීවවිද්‍යාත්මක සීමාවන් ද පසුකරමින් නිදැල්ලේ හැසිරෙන්නට පටන් ගෙන ඇති බවකි. ඇය වැඩි දුරටත් යෝජනා කරන්නේ ” ඔබ කියනා ආශ්‍රමයට ඔබ්බෙන් වන හුදකලා ගැමි යන්ගේ සංස්කෘතික රටාවල මේ සදහා පරිසරයට බැඳුන, සරල පිලිතුරු රටාවන් තවමත් භාවිතාකරමින් සිටිනවා විය යුතුයි. දියුනු මට්ටමේ යැයි අප සලකන බොහෝ දැනුම් භාවිතාවන් දීර්ඝකාලීනව සිදුකරමින් සිටින වෙනස් කම් ගැන නැතිනම් හානීන් ගැන අප ඇති තරමට අසංවේධී වී සිටීම අපේ හැදෑරීම් වලට ඉතා වැදගත් නව දිශාවක් වේවි. සමහර පර්යේක්ෂන වාර්ථා වෙළඳ ආයතනයන්ගේ ආධිපත්‍ය යටතේ කොතරම් සූක්ෂම ලෙසට සඟවමින් සිටිනවාද දැන ගැනීම ඔබව පුදුමටය පත්කරාවි.” ඇයගේ හැදෑරුම් නිවාඩුවේ අවසාන දින කිහිපයවන විට දෛනිකව ඊමේල කිහිපය බැගින් තොරතුරු හා උපුටන එවන්නට වෙන්කර තිබිනි. අමහර කාරනා පිලිබඳව වැඩිදුර තොරතුරු අන්තර්ජාලය ඇසුරින් සකස් කරන්නට පවරා තිබීම ද තරමක සහනයක් විය.
– siriwansa