Cerber ransomware යනු 2016 දී පමන හඳුනා ගැනීම ආරම්භ වූ ransomware ආකාරයේ හානිකරයකි. සාර්ථක ආසාධනයකදී අදාල භාවිතකරන්නාගේ පරිගණකයේ වන ගොනු encrypting කරවන මෙම හානිකරය අදාල Key එක ලබා ගැනීම සදහා ගෙවීමක් ලබා ගැනීම සිදුවේ. හදාරන්නන් පවසන්නේ මේ වන විට මෙම ස්වභාවයේ පහර දෙනන්නන් අතරම මෙම තත්වය සංවිධානාත්මක තත්වයකට පැමින ඇති අතර developer වෙතට ලබන ලාභයෙන් 40% ද, අනෙක් පාර්ෂවය වන affiliate වෙතට 60% ක් ද බෙදී යන අකාරයට මෙම අපරධ සිදුවෙමින් පවතින බවටයි. හදාරන්නන් පැහැදිලි කරන්නේ malicious website එකක් වෙතට දිගුවක් සහිත email එකක් ලැබීමෙන් පහර දීම ඇරබෙන අතර යම් හෙයකින් භාවිතාකරන්නා එම emailය විවෘත කර අදාල Link එක සංක්‍රියකල සැනින් අලුත්ම තත්වය වන්නේ Dropbox ගොනුවක් වෙතට යොමුව අදාල Cerber payload ය පරිගණකය වෙතට බාගත වී ස්වංක්‍රීයවම extracted තත්වයට පත්වන බවය.
හදාරන්නන් පෙන්වා දෙන අලුත්ම තත්වය වන්නේ අදාල හානිකරය මේ වන විට virtual machine තත්වය හඳුනා ගන්නට සමත් වන නිසා cybersecurity researchers මට්ටම මග හරින්නට සමත් බවයි. යම් හෙයකින් තමන්හට ධාවනය වන්නට ඇත්තේ virtual environment එකක දි නම් ස්වක්‍රීයවම එම හානිකරය ධාවනය වීම මග හරින නිසාම හදාරන්නන්ට අදාල හානිකරය නිවැරදිව හදුනා ගන්නට අසමත් වීම තුල විසඳුම් නිර්මාණයට ඇති ඉඩ වඩාත් දුෂ්කර වන බවයි. එසේම Self-extracting files තත්වය තුල machine learning file detection හැකියාවද සංකීර්න වීම නවීන ආරක්ෂක මග හරින්නට තවත් ක්‍රම වේදයක් ලෙසට ඔවුන් පෙන්වා දෙනවා.
