තොරතුරු තාක්ශනය මිනිස් වර්ගයා වෙතට ‍රැගෙන විත් ඇති නව ප්‍රවනතා අතර භාෂා අතර ස්වංක්‍රීය පරිවර්ථනය දෛනික මිනිස් ජීවිතය මත ගැබුරින් සටහන් වන්නකි. පෘතුවිතලයේ වන නෙක ජාතීන් එකිනෙකාගෙන් වෙන් කරන්නට ප්‍රධාන සාධකයක්ව ක්‍රියාකරන මෙම භාෂා පරතරය නිවාලන්නට තවත් පියවරක් තබමින් Microsoft සමාගම පවසන්නේ තම ඩිගිටල් සහකරු cortana සමග එක්වන ‘Translator’ app පහසුව සමග මෙම හැකියාව වෙගයෙන් නෙක භාෂා අතරට් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ඒ අනූව cortana සමග words, phrases, මෙන්ම sentences පරිවර්ථන හැකියාව ගෙනෙන අතර windows 10 සමග පහසුවෙන් “Hey Cortana, how to say where is the closest grocery store in Japanese?” වැනි සරල යොදුවක් ඔස්සේ එම භාවිතාව ලැබෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. දැනට windows 10 සමග cortana ඔස්සේ භාෂා 38ක් සදහා පරිවර්ථන හැකියාව සපයන අතර ආයතනය පවසන්නේ තවමත් මුල් අදියරේ වන මෙම වයාපෘතිය සමග සමහර දුර්වලතා ඉද හිටක හමුවිය හැකි බවකි.