තොරතුරු භාවිතාවේ අනන්‍යතාවය උපංගයෙන් මිදීම මද පැරනි වෙමින් ඇති අත්දැකීමකි. Digital Assistant මීලග වැදගත්ම හැරවුමක් ලෙසට විචාරනය වෙමින් ඇත. වඩාත් නම්‍ය ලෙස භාවිතාකරන්නා සමග කටයුතු කරමින් ඔහු හා තොරතුරු ලෝකය අතරවන පරතරය අවමකර දමන්නට එය සමත්ව ඇත. එක් දෙසකින් වඩ වඩාත් කුඩා වන උපාංග සමග ස්පර්ෂ හැසිරවීමට වඩා වාචික හැසිරවීම වඩාත් කැපී පෙනෙන ප්‍රායෝගික විසඳුමක් වනවා සේම භාවිතාවේදී වඩාත් පහසු සහයකයෙක් වන්නට එය සමත් වනු ඇත. Microsoft වෙතින් මේ සදහා වූ නිකුතුව වූවේ Cortana වූ අතර දැනටමත් එය Windows Phone මෙන්ම Windows 10 සමග පැමින ඇත. පලවන නවතම තොරතුරු පවසන්නේ මෙම පහසුව Android හා iOS සමග පැමිනීම මේ වන විට ස්තිරවෙමින් ඇති බවකි. තවමත් “Hey Cortana” වැනි අවදිකිරීම් app විවෘත කිරීම් ආදිය නොහැකි වුවද මෙම පැමිනීම භාවිතාකරන්නාගේ වෙබ් අනන්‍යතවය නිරන්තරයෙන් පවත්වාගෙන යන්නට එය මහගු සහයක් ගෙනෙනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ. ජූනි අග වන විට Android වෙතට නිකුතුව වන්නට සැලසු වාන් බවට තොරතුරු හෙලිවන අතර ඉන් අනතුරුව iOS වෙතට නිකුතුව සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.