මෙහි ඇත්තේ සිත දැහැන් ගන්වන සොඳුරු ස්වභාවික පිහිටීමකි. ඒ නිසාමදෝ මෙම ස්ථානය හැදින්වෙන්නේද දැහැන්වක නමිනි. පුරානයේ සීතාවක රාජසිංහ රජතුමන් ප්‍රමුක මාලිගාවේ බොහෝ පිරිස් ආ ගොස් ඇති බව පිලිගැනීමයි. දෙහිඔවිට සිට ඇහැලියගොඩට පනාවල හරහා දිවෙන මාර්ගයේ දෙහිඔවිට සිට කි.මී.4ක් පමන ගිය විට මෙම ස්ථානයට පිවිසෙන නාමපුවරුව දැක ගත හැකි වනු ඇත. සීතාවක ගග හා ගොමල ඔය එහි නෙක යාවන මෙම ස්ථානය විශාල තටාකයක හැඩය ගන්නා අතර සුදු වැලිතලාව, මෙන්ම ඔබ්බෙන් වන ගල්පර මතින් ඇද හැලෙන දිය ඇල්ලත් මවන විසිතුරු බව හමුවේ සිත දැහැගත නොවන්නේනම් පුදුමයකි. මෙම ස්ථානය සදහා මෙම නාමය නිර්මාණය වන්නට ඇති ආකාරය ගැන වන තවත් අර්ථකථනයක් යෝජනා කරන්නේ පෙර කී ගංගා දෙක එක් වන වක්වීමට දෙගන්වක වී පසුව දැහැන්වක වූවාද වීමට ඉඩ ඇති බවකි. ප්‍රවාදයන් වලට අනූව ගෝමල ඔය ඉවුරේ වන විශාල කොස්ගසක් රජතුමන්ගේ මගුල් ඇතා බැඳැමීමට භාවිතාකල බවත් එය ඇතා බැඳි කොස්ගස ලෙසට අතීතයේ විවහාර වූ බවටත් සඳහන්වේ.විසිතුරු බව සේම නොසැලකිලිමත් කමින් මෙහිදී අහිමිවූ ජීවිතගනන බොහොමයක් වන බැවින් පැමිනෙන්නන් කල්පනාකාරීවීම වැදගත් අවවාදයක් වනු ඇත.
