Back to Top

Category: Data Man

මිහිමත ආධිපත්‍ය

වඩාත් රෞද්‍රම හෝ වේගවත්ම සත්වයා නොවුනු ඔවුන් මිහිමත ආධිපත්‍ය අරගලය ජය ගත්තේ තම මනසේ දියුනු වූ හැකියාවන් ගෙනි. අප පසුකරමින් සිටින යුගය වන්නේ මෙම හැකියාවද යන්ත්‍රික කරදමන යුගයයි. එබැව්න්ම එලබෙන යුගය කවර අයුරු ගනීද යන්න තවමත් විවෘත පැනයක්ව තිබේ.
“Tharu Minisa”
– Pubudu Siriwansa

Posted in Data Man |

දත්ත මිනිසා…..

අසුන් පටිය පැලදිය යුතු බවේ අවධානය ගිලිහීයාම නිසා මාගේ අසුනට ඉහලින් අනාරක්ෂිත බව හගවන නාදය සමග කුඩා ආලෝකය දැල් වෙන්නට විය. වහා ආරක්ශක පටිය පැලදගත්තේ “සමාවෙන්න” යැයි මුමුනමිනි. තප්පර කිහිපයකින් ගමන ආරම්භවිය.බස් රථයේ ඉදිරි වීදුරුවට ඉහලින් ඇති ඉලෙක්ට්‍රොනික සටහන් පුවරුවෙහි නව ගමන් සංශෝදනය දැක්විනි. අතීතයේ සිටි කියවන්නෙකුගේ යහපත සදහා කරුනු කිහිපයක් මෙසේ සටහන් කරමි.මේ වන විට මාර්ගය හා එහි ගමන් කරන වාහන මෙන්ම පදිකයන් යනු එකිනෙකින් වෙන්වූ දේවල් නොවේ.මධ්‍යම මෙහෙයුම් ඒකකය විසින් සියල්ල හසුරවයි.ඔබ මාවතට පිවිසුන මොහොතේ සිට ඔබේ ගමනාන්තය දක්වා සියල්ල එය විසින් භාරගනී. ඉතාම කාර්යක්ශමව ගමනාන්තය කරා ලගාවීම පමනක්ම නොව අනවශ්‍ය හමුවීම් වලක්වමින් ගමනාන්තයේදී බලාපොරොත්තුවන කාරනාවට අදාල මානසිකත්වය පවා ‍රැක ගන්නට එය සහය වනු ඇත. අතීතයේ වෙසෙන්නෙකුට සමහර විට මෙම වර්ථමානය සමහර විට වැරදියට තේරුම් යන්නට ඉඩ ඇත. මධ්‍යම ඒකකය සමග ඔබේ සම්බන්දය පාලනය කිරීමේ හැකියාවද ඔබට හැම විටම හිමිවේ. එවිට ඔබ පරිත්‍යාග කලයුත්තේ නිර්මානශීලී මානසික අවකාශයයි. මෙම මහත්සේ යාන්ත්‍රික ස්වංපාලන අවධානය අතීතයේ මිනිසුන්ට අනූව විස්වාශ කරනලද්දේ තමන්ගේ අභිමානනීය නිදහස ලෙසට යැයි පාසැලේදී “මිනිස් ඉතිහාසය” විෂයේදී පැහැදිලි කර දුන්නා මට තවමත් මතකය. – Pubudu Siriwansa

Posted in Data Man |

එය ප්‍.රකට විද්වතෙකුගේ ආරාධිත දේශනයක් වූවාය.

එය ප්‍.රකට විද්වතෙකුගේ ආරාධිත දේශනයක් වූවාය. මිනිසුන් සදහා සියල්ල පමනකම නොව දියුනු උපාංග සදහාද මිනිස් ජීවන රටා උස්තල ගැන්විය යුතු තැන්ද ඇති බවට කලාන්තිරයක් තිස්සේ ප්‍රායෝගිකව ඔප්පු වෙමින් ඇති මුත් සාමන්‍ය නොසලකා හැර ඇති කාරනය නැවත මිනිස් කථබහට කැදවන්නට පුරෝගාමී කාර්යයක් ඉ‍ටුකල මිනිසුකුද වූවාය.”බොහෝ විට දේශපාලනික , සංස්කෘතික , ආගමික පමනක්ම නොව කලාතුරකින් ගෝත්‍රික සම්මතයන් අනූව යමින් දියුනුවන විෂයන් මිනිස් වර්ගයා වෙත ගෙනවිත් ඇති වඩාත් දියුනු හුරු පුරුදු ප්‍රතික්ශේප කරන යුරු දකින විට මහත් කනගා‍ටුවක් ඇතිවේ” ඔහු තම දේශය අරබමින් පැවසුවාය.දශක කිහිපයකට පෙර ලොව විසූ භෞතික විද්‍යාව පිලිබදව ප්‍රවීනයෙකු යලිත් ඉස්මතුකර පෙන්වූ මතවාදයක් වූ පෘතුවි මිනිස් වර්ගයා තවමත් ඉතා පාථමික අවස්ථාවක සිටින බවත් තම ජීවිත වලට බලපාමින් සිටින කාලගුනය වැනි කාරනාවක් වත් පාලනය කරගැනීමට නොහැකි මට්ටමේ සිට තම හිරුමඬල පමනක් නොව වෙනත් මන්දාකිනි විනිවිද යමින් විශ්වය තම නිවහන කර ගත් දියුනු සංස්කෘතියක් දක්වා වන බොහෝ දුරක් යාමට ඇති බවත් ඔහු යෝජනාකරමින් සිටි ආකාරය විස්තර කර දුන්නාය. “සමහර විටක තාක්ශනය වඩා ඉක්මන් වූවා විය හැකියි. ඒ දියුනු තාක්ශනික රටා ඉල්ලා සිටි වඩාත් දියුනු මිනිසා නිර්මානය කරන්නට ස්වාභාවික ජීව ක්‍රියාවලියට කල් මදි වූවාද වෙන්නට පුලුවන්. බොහෝ දියුනු උපාංග සමහර භාවිතාකරන්නන් සදහා ගෝත්‍රික පලදනාවකට වඩා යමක් වන්නට බැරිවිම හරිම කනගා‍ටු දායක තත්වයක්ද වුනා………. – Pubudu Siriwansa

Posted in Data Man, Future |

දත්ත මිනිසා…..

@@@@@@@@හෙට දිනක බිහිවෙතැයි “මනස් චිත්‍රනය” කරනලද සැබෑ මිනිස් දත්යන්ගෙන් සුසැදි දත්ත මිනිසා පිලිබදව අඳිනලද වචන සිත්තමේ පෙර සංස්කරනය කියවන්නට එන්න යැයි කෙරෙන ගෞරවනීය ආරාධනාවයි මේ.. @@@@@@@
නෙක වර්ණ ගැන්වී ඇති වලකුලු පොදිවලින් ගැවස ගත් සැදෑ අහසට ඔහු මහත්සේ ප්‍රිය කලාය.සක්මන් මලුව කෙරව ඇති කුඩ ගල් ආසනය මත වාඩිවී ඒ අපූරු සොබා චිත්‍රයේ රස විදින්නට කවදත් ඔහු ප්‍රිය කලාය. තම ආශ්‍රම ජීවිතයට දෙවසරක් පිරී ඇති බව දහවල් කාර්යාල අඩහෝරාවේදී ටීටා පරිගණකය දැන්වූ විට එකවරම පිලිගැනීමට නොහැකි තරම් විය. ඔහු අවසන් වරට තම කාර්යාලයට භෞතිකව ගොඩවී වසර දෙකක් ගෙවී අවසන්ය. එතැන්සිට ඔහුගේ සියලු රාජකාරී කටයුතු මනාව ඉ‍ටුකරන තම “දත්ත ප්‍රතිරූපය” මොනතරම් පහසුවක් තම ජීවිතයට ගෙනවිත ඇත්දැයි සිතන විට මහත් සතුටක් දැනින.තම උසස් අධ්‍යාපන කාලයෙන් පසුව ‍රැකියාවට බැදී තෙවසර සම්පූර්න වනවාත් සමග තම “දත්ත ප්‍රතිරූපය” නිර්මානය හා පුහුනු වසර තුල නිරන්තරයෙන් තම රාජකාරී කාලයතුල “බීටා පරිගණකය” පැලද සිටින්නට සිදුවීම ගැන ඇතිවී තිබු නොරිස්සුම් ස්වභාවය ගැන අද වන විට මහත් කනගා‍ටුවක් දැනෙන්නට විය.

කාල අපගමන යන්ත්‍රනය ඔස්සේ යම් වැරදීමකින් මෙම සටහන වසර දෙදහස් දහය වැනි කාලයකට ගියහොත් වියහැකි ආකූලත්වය සලකා යම් පැහැදිලි කිරීමකට යායුතු යැයි සිතෙන නිසාම දත්ත මිනිසා මෙසේ පැහැදිලි කල හැක. වසර දෙදහස් පහලොව පමන වන විට පරිගනකය සම්පූර්නයෙන් ජංගම උපකරනයක් බවට පත්විය. තවත් අතකින් පරිගණකය අන්තර්ජාලය සම්බන්ද කරන උපකරනයක් බවට පමනක් ඌනනය විය. වලාකුලු තාක්ශනය නැතිනම් ක්ලවුඩ් තාක්ශනය ඉතිරි සියල්ල බාරගන්නට ඉදිරිපත්විය. ක්‍රමයෙන් ඊලග වසර පහ හය සමග පරිගණකය තවත් පරිනාමය……
Pubudu Siriwansa