රාජාවලියේදී මෙම පුද බිම හඳුන්වා දෙන්නේ සබරගමු විහාරය ලෙසටය. මහ වංශයේ ලබුජගාම විහාරය ලෙසට වන විට සැවුල් සංදේශයේ දෙල්ගමුව විහාරය ලෙසටය. හිරිපිටියේ දියවඩන නිලමේ තුමන් විසින් කෝට්ටේ දළඳා මැදුරේ සිට දළඳා සමිදුන් රහසිගතව සීතාවකට රැගෙන විත් තාවකාලිකව වැඩ සිටවා මායාදුන්නේ රජතුමන්ගේ විස්වාස හිමි නමක වූ මහින්දාලංකාර හිමියන්ට භාරදීමෙන් අනතුරුව කුරුවිට දෙල්ගමුව විහාරයේ තැන්පත්කල බවටයි සඳහන් වන්නේ. අලගියවන්න මුඛවෙටි තුමාගේ සැවොල් සංදේශයේ කවු ගනනාවකින් දෙල්ගමුව රජමහ විහාරය විස්තර කරනු දැකිය හැකිය.
ඉතිහාසයේ කියවෙන පරිදි රාජසිංහ රජතුමා දළඳා වහන්සේව සමන්දේවාලය නොහොත් සමන් වෙහෙරට වැඩමවා පෙරහැර 11ක් කරවූ බව සඳහන් වන අතර මායාදුන්නේ හා රාජසිංහ රජසමය දෙල්ගමුව ටජමහ විහාරයේ ස්වර්ණමය යුගය ලෙසට පිලිගැනේ. සබරගමුව පැමිනෙන පෘතුගීසීන් විසින් මෙම පින්බිම විනාශකොට බලකොටුවක් තනන්නට කටයුතු කල අතර පසුව සිංහලයන් විසින් යලිත් නව විහාරයක් ඉදිලක බවට සඳහන්ය. අදද විහාරස්තානයේදී එදා දළඳා වහන්සේ ආරක්ශා කල මහා කුරහන්ගල දැකිය හැකිය.
