මෙම භූමිභාගය පිලිබඳව වන තවත් අතීත පුවතකින් කියවෙන්නේ “ඔල්” නම් ක්‍රිතියානි පූජක වරයෙක් මෙම සීතාවක ගංතෙර වන රමණීය භූමිභාගය වෙත ලොල් වී නවාතැන් ගත් බවත්, කිතු දහම පැතිරවීම සදහා එහි නවතැන් ගත් බවත්ය. එතුමන් දේවස්ථානයක් ඉදිකරගෙන තම කටයුතු කරමින් සිටින අතර තුර ප්‍රදේශයේ වූ වස්තු සම්භාරයක් රැස්කරගත් බවටත් කියවේ. ඒවා තර රන්, රිදී , මුතු මැණික් ද වූ බවට කියවේ. මෙම කාලවකවානුවේදී සබරගමුවෙන් බිහිවූ දාමරික තැනැත්තෙක් තම පිරිස් බලයද යොදවා ඉහත කී වස්තු සම්භාරය පැහැර ගන්නට කටයුතු කල බවත් ඒ සමගම ඔහුව වස්තු හිමි කුමාරයා ලෙසටත් පසුව වත්හිමි කුමාරයා ලෙසටද නම් වෙමින් පසුව රාජ සභාවක් පිහිටවා ගනිමින් කටයුතු කල බව කියවේ. ඔහු එසේ කරන ලද්දේ ප්‍රදේ ශයේ විසූ සාමකාමී බෞද්ධ ජනතාවගේ යහපතට බවට පිලිගැනෙන අතර ඔහු සමග සමීප ඇසුරක් තිබුනු මනා දැනුමකින් හෙබි “දෙරණගල” ගණිතයා නම් දෛවඥයෙකු සිටිබවට කියවේ. තොරතුරු වැඩිදුරටත් පවසන්නේ මෙම ගනිතයා විසින් ප්‍රකාශ කල අනාවැයක් වූ බවත් එය ශක වර්ෂ 1580 වෙසක් පුන් පොහොයදා රජුගේ මාලිගය අසලින් ගලා බස්නා රමණීය නඳිය ප්‍රචණ්ඩත්වයට පත්ව රජුගේ මාලිගය යටවන බවත් මෙයට හේතු වශයෙන් ගනිතයා කියා ඇත්තේ සීතාවක නදිය හරහා බොතොට පිහිටි විශාල වූ හොරගස කඩා වැටී ගඟ උඩුගම් හැරී ඇතිවන ගංවතුරින් මෙම හානිය වන බවයි. උස් බිමක පිහිටි මාලිගය ගංවතුරෙන් යට වන බව ඇසූ වත්හිමි කුමාරයා කෝපට පත්ව එම ප්‍රකාශිත වෙලාවට මෙවැනි දෙයක් සිදුවන තෙක් රාජකීය දෛවඥයා බංඩාරවත්තේ දඩු කඳේ ගැසීමට රජ අන කරල බවත් කියවේ.ගනිතය බැගෑපත් වී බංඩාරවත්ත නම් ස්ථානය පහත් බිමක් බැවින් දඩු කඳේ ගසන්නේ නම් උස් බිමකදී එය කරන ලෙස බැගෑපත් වන ලදී. එය එසේ ඉටුවිය. උඩහේන් කන්ඳ ප්‍රදේශයේ ඔහුව දඩුවමට පමුනවන ලද බව කියවේ. නියමිත කාලයේදී සැලකර තිබූ අනතුර සිදුවූ අතර රජතුමා රහසින් ජල යාත්‍රාවක් තනා ගෙන තිබූ බවත් එමයාත්‍රාව තන අගැනීම සත්ව හම් ලබා ගත් ප්‍රදේශය “හම්බානාවල” ලෙසට නම් වූ බවත් සටහන් වේ. එම ජල අනතුරින් ගැලවීම සදහා වත්හිමි කුමාරයා රජ බිසවත් සමග පලාදෙනිය ඔය හරහා බේරී ගොස් රාජු ගලට ලගාවන ලදී. මෙම පලා ගිය ඔය අදට පාලාදෙනි ඔය ලෙසට ව්‍යවහාර වන බව කියවේ.අදටත් රාජුගල ලෙසට ව්‍යවහාර වන ප්‍රදේශයක් වේ.
හැකිතරම් වස්තුවද රැන ගිය මෙම වත් හිමි කුමාරයා එම වස්තුව රාජුරුවාගල පිහිටි වලක තැන්පත් කල බවත් එකැස් පුද්ගලයෙක් බිලීදී බහිරව තනතුරට පත් කල බවත් කිය වෙන අතර පැරැන්නන් පවසන්නේ එම වල ආශ්‍රිතව රත්තරන් තෝඩු දාගත් මාලිවෙකු වර්ෂයකට වරක් එහි දක්නට ලැබෙන බවත් කියවේ. මෙම වල දැක ගන්නට නැවත වරක් එම ස්ථානයට් ගිය විටකදී පොලගෙගු ඔහුට දෂ්ඨ කල බවත් රජතුමා රත්න පුර ප්‍රදේ ශය සේන්දු වූ බවත් සිරුර ප්[උරා තුවාලව සිටි රජතුමා සිටි එම ප්‍රදේශය කෂ්ට පිටිය නැතිනම් කට්ටා පිටිය ලෙසට අදටද නම්ව තිබේ. පැල්මඩුල්ල ලෙසට පසුව නම් වූ පැල්වාඩිය ප්‍රදේශය දක්වා රජු ගිය බවත් එහිදී පැලකදී අසරනව රජ මිය ගිය බවත් කියවේ.
