දැරණියගල ප්‍රදේශය සදහා අතීතයේදී නම් කිහිපයකින් හැඳින්වූ බවට තොරතුරුවේ. දරණේගල යන්න ලෙසට කඳු මැද ණුවර ලෙසටද එයින් පසුව අද ව්‍යහාර වන දැරණියගල යන්නත් භාවිතයට පත්ව ඇත. දරණුවක් ලෙසට දර්ශනය වන සේ පිහිටි අලංකාර කඳු වලල්ලක් මෙම නගරය වටා පිහිටා තිබීම හේතුවක් වන්නට ඇත. මෙම ගම මැදින් ගලා බස්නා සීතාවක නඳිය පෙර කාලයේ මාගල් ගඟ ලෙසටද පසුව සිතුවක ගඟ ලෙසටද නාම කරනය ව තිබූ බව පිලිගැනේ. අදද මෙම ගම්මානයට මහත් අලංකාරයක් දෙමින් එම ගඟ ගලා බසී. හිතුවක්කාරී බවක දක්වමින් ගලා බසින මෙම ගංඟාවේ රටාව පසුව “සිතුවක” ලෙසට නම් කෙරෙන්නට ඇත. අදටද සුළු කාලයකින් තම ස්වභාවය වෙනස් වන ජල කඳක් රැගෙන ඒම මෙම ස්වභාවයයි. ඓතිහාසිකව සැලකීමේදී ශ්‍රී සුමන සමන් දේවාලයත්, පූරාණ විහාරයත්, ශ්‍රී සුමණාරාම විහාරස්ථානයත් මෙම ප්‍රදේශයේ ප්‍රධාන තැනක් ගනී.දේවන රාජසිංහ සමය දක්වා දිවෙන අතීතයක් මෙම ශ්‍රී සුමණ සමන් දේවාලයට වේ.
