ලාංකීය සිනමාවේ ප්‍රතිරාජයා අද උදෑසන මිය ගියේ ය. ලාංකීය සිනමාවේ රාජයා ආචාර්ය ධර්මසේන පතිරාජාම මිස අන් කවරෙකු හෝ නොවේ. පතිරාජා ගේ ආචාර්ය උපාධිය “ නිදහස් බෙංගාලි සිනමාවේ ජාතිය සහ ආගම අතර දයලෙක්තිකය“ ගැන බෙංගාලි විශිෂ්ඨ සිනමා කරුවන් වූ සත්‍යජිත් රායි, මිර්නාල් සෙන් සහ රික්වික් ඝටක් තිදෙනාගේ සිනමා කෘති අධ්‍යයනයෙන් ලියන ලද නිබන්ධනයට හිමි වූවකි. එය පිරිනැමුවේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය මගිනි. ඒ අතින් සලකා බලන කල සිනමාව පිලිබඳ විධිමත් ආයතනික පශ්චාත් අධ්‍යාපනය මගින්ද සිනමාවට සහ රුපවාහිනියට දායාද කළ විශිෂ්ඨ නිර්මාණ මගින්ද ශ්‍රී ලංකාවට සිටි ‘එකම රාජයා‘ ධර්මසේන පතිරාජාම වන්නේ ය. (ලංකා ඊ නිව්ස් – 2018.ජන.28, ප.ව.8.10)
