ඔබගේ පරිගණකයේ printers, monitors, keyboards, sound cards, video cards ඇතුලු බොහෝ උපාංග සමග වන drivers නියමිත පරිදි යාවත්කාලීනව තබා ගැනීම ඉතා වැදගත් වේ. එම components වල නිසි ක්‍රියාකාරීත්වයට මෙන්ම ආරක්ශිත බවට මෙම පියවර ඉතා වැදගත්වේ. පෙරකල මේ සදහා භාවිතාකරන්නා මැදිහත්ව මෙම මෘදුකාංග සොයා බැලීමට සිදුවූ මුත් මේ වන විට මෘදුකාංගයක් ඇසුරින් පහසුවෙන් ස්වංක්‍රීයව මේ බව ඉ‍ටුකරගන්නට පහසුකම් පැමින තිබේ. DriveTheLife මෘදුකංගය අදාල ඩ්‍රයිවරයන් දහස් ගනනකින් සමන්විත දත්ත ගබඩාවකින් සමන්විතව පැමින ඇති අතර Windows වල දැනට භාවිතාවන සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වන නිමැවුමකින් පැමින තිබෙනවා. එසේම මෙම මෘදුකාංගය drivers සමග update, repair, manage යන සියලුම කාරනා වලට සූදානම්ව සිටින බවට පැහැදිලි කෙරෙනවා. නොමිළේ භාවිතාකල හැකි මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටද නොමිළේ ලබාගන්නට හැකි වනු ඇති බවටයි නිවේදනය වන්නේ.

http://file1.updrv.com/soft/dtlabroad/dtlabroad_setup.exe