Back to Top

Category: Edge

Internet Explorer 8, 9, 10 සහය අවසන්!!

                  Internet Explorer යනු Microsoft ආයතනයේ එක් ප්‍රබල අනන්‍යතාවයකි. ලොව ඉහලම බ්‍රවුසර භාවිතාවක් ලබ ගත මෙම බ්‍රවුසරයේ අනාගත ගමන් මග අවසන් කරමින් එම ආයතනය windows 10 සමග නව බ්‍රවුසර අනන්‍යතාවයට පිවිසෙන්නට තීර්නය කැර තිබිනි. එනම් windows 10 සමග පැමිනි Microsoft Edge නව බ්‍රවුසරය හදුන්වා දෙමිනි. ක්‍රමයෙන් ආයතනික සහය අවසන් වීමට නියමිත පැරනි බ්‍රවුසර සංස්කරන අතරින්  versions 8, 9, and 10 සදහා  වන සහය මෙම මස 12 දායින් අවසන් වන්නට නියමිත බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ. ආයතනය මෙදිනට අවසන් යාවත්කාලීනය මෙම සංස්කරන සදහා නිකුත්කරමින් බ්‍රවුසරය ඔස්සේ නව සංස්කරනයකට පිවිසෙන ලෙසට භාවිතාකරන්නා හට මතක්කර දෙන සටහනක් දක්වන්නට පටන් ගනු ඇති බවටයි පැවසෙන්නේ. දැනට නිකුත්ව ඇති තොරතුරු වලට අනූව ඉහලම මට්ටමේ හානිකර තත්වයන් සදහා මින් ඉදිරියටද ආරක්ශිත යාවත්කාලීන නිකුත්කරන්නට නියමිත මුත් භාවිතාකරන්නන් වෙතට උපදෙස් දෙන්නේ Internet Explorer 11 සංස්කරනය වෙතට පිවිසීම හෝwindows 10 වෙතට පිවිසීම කර Edge බ්‍රවුසරය භාවිතයට ගන්නා ලෙසටය. – Pubudu Siriwansa

Posted in Browser, Edge, Microsoft |

Edge browser යේ InPrivate Mode ගැටලුකාරීයි….

             Microsoft වෙතින් Edge බ්‍රවුසරය හඳුන්වා දෙන්නට හේතු බොහොමයක් විය. සරලව පවසන්නේ නම් Internet Explora වල සිට වඩාත් නම්‍ය හා අරක්ශිත බ්‍රවුසර භාවිතාවක අවශ්‍යතාවය ඉතා දැඩිව කැපී පෙනෙමින් තිබූ අතර Windows 10 සමග වඩාත් ආකර්ශනීය බ්‍රවුසර භාවිතවක් හොඳින්ම අවශ්‍යව තිබිනි. අවසානයේ Cortana Assist, web annotation , reading mode වැනි නවාංග ද සමග ඉහල ක්‍රියාකාරීත්වයද සාහතික කරමින් Google Chrome වැනි තරග කරුවන් හා සැසදෙන බ්‍රවුසරයක් නිකුත්විනි.
මේ වන විට හදාරන්නන් පෙන්වා දෙන්නේ එම බ්‍රවුසරයේ වන InPrivate browsing පහසුව සමග භාවිතාකරන්නාගේ වෙබ් හැසිරීමේ අතීතය පොරොන්දු වන ආකාරයට ආරක්ශිත නොවන බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ WebCache file වල ඉතිරිවනවා පමනක් නොව පහර දෙන්නෙකුට පහසුවෙන් විවෘත වීමේ හැකියාවද වන බවකි. මේ වන විට Microsoft ආයතනයද මෙම තත්වය ගැන අදහස් පලකොට ඇති අතර ඔවුන් පවසන්නේ තමන් බලාපොරොත්තු වූ තරමේ  InPrivate ක්‍රියාකාරීතයක් දක්නට නොලැබෙන බවත්, තත්වය සමනයට අවශ්‍ය යාවත්කාලීන හැකි ඉක්මනින් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.

Posted in Edge, Microsoft |

Microsoft Edge සදහා Redstone වලදී extensions හැකියාව….

          Microsoft Edge යනු එම සමාගම බ්‍රවුසර තරගය සදහා ගත් නවතම පිවිසීමය. windows 10 සමග කල එම පිවිසුම ඔවුන්ගේ internet explora සමග වූ බොහෝ දුරවලතා රාශියක් සදහා පිලිතුරක් වන්නට සමත්ව ඇති බව පිලි ගැනේ. edge සදහා කල සරල පැහැදිලි කිරීම වූවේ lighter, faster යන්නය. හදරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ තවමත් සාර්ථකව සිටින්නට නව බ්‍රවුසරය සමත්ව ඇති බවකි.  කෙසේ නමුත් බ්‍රවුසරයේ extensions නැතිනම් add-ons ඔස්සේ ලබා ගත හැකි හැකියා වපසරියේ වැඩි වීම පිලිබද අවස්ථාව තවමත් මෙම බ්‍රවුසරය වෙතට ලැබී නැති අතර හදාරන්නන් බලපොරොත්තු වූවේ මෙම වසර තුල පැමිනෙන ප්‍රධාන යාවත්කාලීනයක් සමග එය සිදුවෙනු ඇති බවකි. කෙසේ නමුත් දැනට පලවන තොරතුරු හෙලි කරන්නේ Edge වෙතට extensions හැකියාව පැමිනීම ලබන වසරට නියමිතව ඇති Redstone ප්‍රධාන windows 10 යාවත්කාලීනයට සංයුත්ත වන්නට නියමිතව ඇති බවකි.

Posted in Edge, Microsoft, Windows 10 | Tagged |