( 2017-05-23 7.15 AM- Srilanka-)   England වල Manchester Arena වලින් වාර්ථා වෙමින් ඇති පුපුරා යමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයද 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවටද සටහන් වනවා. එහි පැවති concert එකකදී මෙම සිදුවීම සිදුව ඇති අතර ආරක්ශක අංශ සිදුවීම විමසීමල ලක් කරමින් සිටින බවටයි වාර්ථාවෙන්නේ. ආරක්ෂක අංශ සැකකරමින් සිටින්නේ ත්‍රස්ථවාදී  ක්‍රියාවක් විය හැකි බවකි.  තරුන වයසේ දරු දැරියන් විශාල ප්‍රමානයක් සහභගී වෙමින් සිටි අවස්ථාවක් ලෙසටයි සිදුවීම විස්තර වෙන්නේ. බොහෝ විට මෙම සිදුවිම පසු පස සියදිවි නසාගැනීමක ආකාරයේ පුපුරව ගැනීමක් සිය හැකි බවටයි සැක කෙරෙමින් පවතින්නේ. සිදුවීමට අදාල ස්ථානයේ ආරක්ශක නිලධාරීන් විසින් පුපුරා යාමට සුලු මොහොතකට පෙර “වහා ඉවත්වන්නට ” කටයුතු කරන ලෙසට මහ හඩින් උපදෙස් දෙමින් සිටි බවටයි සිදුවීමට මුහුන දුන්නන් පවසා සිටින්නේ. පුපුරා යාම දෙකක් සිදුවූ බවට වාර්ථාවෙමින් ඇති අතර…..

 ( 2017-05-23 11.30 AM- Srilanka-) සිදුවීමේ නවතම තොරතුරු පවසන්නේ පැවති ප්‍රංගය අවසානයේ ප්‍රේක්ෂකයන් “මතක සටහන් මිලදී ගැනීමට” අවධානය යොමුකරමින් සිටීනා අතර තුර විවෘත වූ දොර‍ටුවෙන් ඇතුලු වූ අයෙකු තම සිවිදිවි නිසාගැනීමේ මෙහෙයුම සංක්‍රිය කරන්නට ඇති බවයි. සමාජජාලා ඇසුරෙන් සිදුවීමට මුහුන දුන් අයගේ අදහස් වලට අනූව පිපිරීමත් සමග වීදුරු කැබිලි මෙන්ම යකඩ කොටස් ඔබ මොබ විසිර යාමක් සිදුවුන බවටයි හෙලි වන්නේ. පොලිස් වාර්ථා වලට අනූව 50 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර මිය ගිය ප්‍රමානය 22ක් ලෙසට සදහන් වනවා. එක් අයෙක් මෙම පිපුරුමට මුලව ඇති බවටයි සැකකෙරෙන්නේ. ප්‍රසංගයේ ප්‍රධාන තරුව වූ Ariana Grande තම බලවත් කනගා‍ටුව මේ වන විට පලකොට තිබෙනවා.