මෙම මෘදුකාංගය පැහැදිලි කෙරෙන්නේ system optimization හා privacy cleaner tool එකක් ලෙසටය. එය ඔබගේ පරිගණකයේ වන භාවිතා නොවන ගොනු, invalid registry entries, internet historyය මකා දැමීම, මෙන්ම අමතරව plug-in support සමග තවත් බාහිර වැඩස්ටහන් 150ක පමන history මකාදැමීමට සහය වන බවටයි ප්‍රකාශවන්නේ. ඔබට පහසුවෙන් එක Click කිරීමක් ඔස්සේ බ්‍රවුසරයේ වන cache, cookies, history, typed URLs, auto complete memory, index.dat වැනි තොරතුරු මෙම මෘදුකාංගය ඔස්සේ මකා දමන්නට හැකිවන අතර දත්ත නැවත ලබා ගන්නට නොහැකි වන ලෙසට overwrite කිරීම ඔස්සේ දත්ත සම්පූර්නයෙන් මකා දමන්නටද මෙහි තොරා ගැනීමක් අවස්ථාවක් වීම වඩාත් සිත් ගන්නා සුලු වනු ඇත. තවද registry cleaner සමග Windows registry වල වන invalid හෝ obsolete information සැකසීම ඔස්සේ වඩාත් නිවැරදි හා වේගවත් පරිගණක භාවිතාවක් ලබා දෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවදුරටත් මෙහි වන registry defragmentation ඔස්සේ Windows registry නැවත පිලිවලට සකසමින් නිවැරදි ක්‍රියා කාරීත්වයක් ඔබ වෙතට ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවටයි නිවේදනය වන්නේ.

Eusing Cleaner 4.0