සුපුරුදු පරිදිම නැවතත් හදාරන්නන් යෝජනා කර සිටින්නේ ලොව ප්‍රධාන සමාජ ජාලාවක් වන Facebook හරහා ආකර්ෂනිය කුඩා දරුවෙකු ගේ ඡාය අටහනක් යොදා ගනිමින් එම දරුවාට යම් රෝගී තත්වයක් සදහා ප්‍රථිකාර ලබන්නට නැතිනම් ශල්‍යකර්මයක් සදහා සූදානම් වීමට අවශ්‍යව ඇති බැවින් අදාල සටහන like, comment, හෝ share කිරීම් ඔස්සේ සහය දක්වන්නට කෙරෙන ඉල්ලීමක් ඔස්සේ අදාල භාවිතාකරන්නාගේ පෞද්ගලික තොරතුරු සොරාගන්නට, අදාල ගිනුම තම වෙළඳ දැන්වීම් සදහා යොදාගන්නට අවශ්‍ය සැකසුම් ලබා ගන්නට වන උත්සහයන් කිහිපයක් නැවතත් මේ දිනවල දක්නට ලැබෙන බවයි. “like-farming” ආකාරයේ මෙම ව්‍යාජයන් විසින් 2015 කාලයේ සිට හඳුනාගන්නට කටයුතු කර තිබූ අතර විටක මෙම දායකත්වයන් ඔස්සේ Facebook වෙතින් අදාල දරුවාට donation ලබා ගැනිමට සහයල් ලෙසටද හදුන්වාදෙනු දක්නට ලැබෙන බවටත් පැහැදිලි කරනවා.
මෑතකදී පලවූ තවත් සිදුවීමකදී පිලිකා ගනයේ අපහසුවකින් පෙලෙන දරුවෙකු ගේ ඡායාරුවක් භාවිතා වෙමින් තිබූ අවස්ථාවක දී 2.1 million shares හා 300,000 likes ප්‍රමානයක් ගෙන තිබූ මුත් සාමාන්‍ය භාවිතාකරන්නන්ගේ අනුකම්පා සහගත අවධානය යොමු කිරීම ඔස්සේ ෆේස්බුක් හි Terms of Service කඩකිරීම් නිසා ඉවත්කරන්නට කටයුතු කල අවස්ථාවක් ලෙසට පෙන්වා දෙනවා. තවත් විටක BBC ආයතනය කල වාර්ථාවකට අනූව පැවසුනේ chicken pox තත්වයෙන් පෙලෙන දරුවෙකුගේ ඡායාරුවක් අයතා ලෙසට භාවිතාකරමින් මෙසේ දියත්ව තිබූ ව්‍යාපෘතියක් පසුව ඉවත්කරන්නට Facebook ආයතනය කටයුතු කර ඇති බවයි.
ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙවන් ක්‍රියාකම් වල සමහර සංකීර්න අවස්ථාවලදී භාවිතාකරන්නන් Facebook හි සමහර apps සමග සම්බන්ද කර ඇති credit card numbers මෙන්ම අවසර පද වැනි අතිශය පෞද්ගලික තොරතුරු වලට සමීපවීමේ හැකියාවද දුලබම නොවන බවයි.