Facebook ආයතනය video streaming පිලිබදව අත්හදා බැලීමේ මට්ටමින් අවධානය යොමුකර ගෙවිමින් යන්නේ මාසයකට ආසන්න කාලයකි. නමුත් මේ වන විට එම ආයතනය නිවේදනය කරන්නේ ඇමරිකානු iPhone භාවිතාකරන්නන් උදෙසා මේ වනවිට එම පහසුව ලබා ගන්නට හැකි බවයි. අවශ්‍ය අයෙකු status යටතේ ‘Live Video’ icon එක ඔස්සේ සක්‍රියකරගන්නට හැකි අයුරින් පැමිනෙන මෙම පහසුව friends නැතිනම් public වැනි තේරීම් ඔස්සේ භාවිතාකරන්නට හැකි අතර ක්මෙන්ට්ස්, නරබන්නන් සංක්‍යාව වැනි තොරතුරුද පසෙකින් දැක ගන්නට හැකි වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. සජීවී ධාවනයෙන් අනතුරුව එම වීඩියෝව අනෙකුත් වීඩියෝවන් මෙන්ම භාවිතාකරන්නාගේ Timeline එකෙහි පවතින අතර ඔහුගේ කැමැත්ත පරිදි ඉවත්කරන්නටද හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. Android භාවිතාකරන්නන් වෙතටද මෙම පහසුව නුදුරේදී පැමිනෙන්නට නියමිත අතර ලොව පුරා භාවිතාකරන්නන තරට මෙම පහසුව ක්‍රමයෙන් මුදා හැරෙන්නට සැලසුම් වෙමින් ඇති බවටයි නිවේදනය කෙරෙන්නේ.