music streaming වෙළඳ පොල Apple මෙන්ම Microsoft වෙතින්ද අවධානයක් දිනාගත් අංගයකි. Apple Music මෙන්ම Microsoft’s Groove තොරතුරු ලෝකයේ බහුල භාවිතාවක් ලබන අංගයන් වීම එයට හේතුවක් වනවා වන්නට ඇත. කලක පටන් පැවති හෝඩුවාවක් සත්‍ය කරමින් Facebook ආයතනයද මේවන විට එම වෙළඳ පොල වෙතට පිවිසෙන්නට කටයුතු කරමින් සිටිනවා. audio හා music video දෙයාකාරයෙන්ම තම සේවාව සමන්විත කරවන්නට එම ආයතනය බලාපොරොත්තුවෙමින් ඇති අතර ප්‍රධාන වශයෙන් Vevo හා YouTube ඉලක්ක කරගනිමින් වෙළඳ පොලට පැමිනෙන්නට කටයුතු කරමින් සිටිනවා. ඉදිරි මාස කිහිපය තුල පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති මෙම සේවාව YouTube හි Content ID system ආකාරයට ක්‍රියාත්මක වෙමින් යම් ගොනුවක සැබෑ හිමිකරුගේ ඉල්ලීමකදී (unauthorized distribution of copyrighted) ඉවත්කරන්නට හෝ ඉපයෙන ආදායමක් සදහා අයිතිවාසිකම් කීමේ හැකියාවෙන් යුත්තවන අතර තවමත් දින නියමයක් නොමැති මෙන්ම වෙනම ආයතනයක් ලෙසට ක්‍රියාත්මක වන්නට සැලසුම් වෙමින් තිබෙනවා.