Mark Zuckerberg තම Facebook වල සැබෑ වපසරිය මහත් පුලුල් එකක් වනු ඇති බව පැහැදිලි කරමින් F8 ආරම්භය ලබා දෙන ලදී. ඔහු යලිත් වරක් තම දස වසරක ඉදිරි සැලසුම් පැහැදිලි කරමින් artificial intelligence, ubiquitous internet connectivity, හා virtual මෙන්ම augmented reality පිලිබඳව සැල්සුම් යලි පැහැදිලි කරන ලදී. විශේෂයෙන් augmented reality සමග තොරතුරු අවකාශයේ ඉදිරි ගමන තීරනාත්මකව වෙනස් කරමින් සරල හා පහසු ඇප් කිහිපයක් බවට, දැනට මිළ අධික භාවිතාවන් ගෙන ඒම ගැන පැහැදිලි කරන්නට යෙදිනි. විසිත්ත කබරයේ වන රූපවාහිනිය ඩොලර් සිය ගනනක උපකරනයක් වනවා වෙනුවට ඩොලරයක දෙකක App එකක් බවට ඌනනය වීමේ සිට ස්මාර්ට් දුරකථනය, ටැබ් යන්ත්‍රය වැනි ඔනෑම දෛනික දත්ත උපාංගයකට පහසු පිලිතුරක් වන්නට augmented-reality වලට වන හැකියාව පැහැදිලි කරන ලදී. glasses වැනි පැලදුමක් ඔස්සේ තොරතුරු ලොව භාවිතාව උඩු යටිකුරු කරවන සරල යෝජනා ලොව ප්‍රබල පෙලේ තොරතුරු උපාංග සමගම් වෙතට අභියෝගයක් එල්ල කර ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.
එකි නෙකා යාවන පුද්ගලත්වයේ සිට වඩාත් තරවන සමාජීය සබඳතා දක්වා තම සමාජජලාවේ මීලග ප්‍රමුකතාවය ලාබා දෙමින් ලොව පුරා ආගමික හා ජාතික ලෙසට වන වෙන් වීම වෙනුවට එකිනෙකා අවබෝදයට වඩාත් සහයවන්න ට තම ආයතනයට අවශ්‍යව ඇති බව පැහැදිලි කරමින් මෙවර හමුව ඇරඹූ Mark Zuckerberg ව්‍යසනයකදී සහය වන්නට හැකි සරලව ගුවන් ගත කරන උපාංගයක සිට අන්තර්ජාලය සැපයීම වැනි විසඳුම් පිලිබඳවද පැහැදිලි කරන ලදී.
