එය සරලව මෙසේ පැවසීම සුදුසුය. ජංගම දත්ත උපාංග නිෂ්පාදකයන් අතර මෑත භාගයේ වඩාත් අවධානය දිනාගත් තරගයක් ලෙසට සැලකීමේදී fingerprint සංවේදකයක් තිරය පි‍ටුපසට ගෙන එන්නට ගන්නා උත්සාහය ඉහලින්ම සැලකිය හැකි එකකි. ලොව ප්‍රකට සමාගම් දෙකක් වන Apple මෙන්ම Sumsong සමාගම් මේ සදහා කටයුතු කරමින් සිටීම දැකිය හැකි විය. කෙසේ වෙතත් නිලනොවන ආරන්චි වලට අනූව පැවසෙන්නේ නව තරගකරුවෙකු තරගයේ ජයංග්‍රහනය සටහන් කරමින් සිටින බවකි. එනම් Vivo ආයතනය තම නිෂ්පාදන සැකසුම් ක්‍රියාවලියේ මේ වන විටත් එම හැකියාව තම මීලග ජංගම දුරකථන නිකුතුවට සංයුත්ත කරමින් සිටින බවකි. 2009 වසරේ සිට තම නිකුතූන් කර මූලිකව චීනය ඉලක්කව කටයුතු කරන මෙම වෙළඳ ආයතනය ඊට අමතරව Thailand, හා Indonesia වැනි රටවලද ක්‍රියාත්මක වේ. මේ අනූව මෙම ආයතනය fingerprint sensor හැකියාව display එක මතට ගෙනැන තාක්ෂනය පලමුව සාමන්‍ය භාවිතාවට නිකුත්කල ආයතනය වන්නට බොහෝ දුරට ඉඩ ඇත.