Firefox 34 පැමිනෙන්නේ Yahoo වලින් පලවෙමින් ඇති නැවත ප්‍රබෝධය පිලිබදව පනිවිඩයක්ද ‍රැගෙනය. Mozilla තම බ්‍රවුසරයේ default මට්ටමේ සෙයුම් යාන්ත්‍රනය ලෙසට Yahoo ‍රැගෙන විත් තිබේ. නව ස්ථාපනයක් ලෙසට මෙම බ්‍රවුසර මෘදුකාංග සංස්කරනය ස්ථාපනය කිරීමේදී Yahoo මුල් ස්වභාවයෙන් එන search partner ලෙසට සැකසුම් සහිතව වන මුත් දැනට භාවිතාකරමින් සිටින Firefox සංස්කරනයක සිට update කිරීමකදී දැනට භාවිතාකරමින් සිටින සෙයුම් යන්ත්‍රයේ සිට Yahoo වෙතට පැමිනෙන්නට කැමර්ත්ත පමනක් විමසන බවටයි පෙන්නුම් වන්නේ. නව සංස්කරනය සමග වන නව අංගයන් අතර සෙයුමක් සටහන් කරන විට විවිධ search engines නියෝජනය කරන icons පැමිනෙන අතර ඒවායින් තමන් කැමති සෙයුම්යන්ත්‍රයක් සමග කටයුතු කරන්නට හැකිවිමද වන බවටයි දැක්වෙන්නේ. ඒවා අතර DuckDuckGo, eBay, Bing වන අතර ඒ ඔස්සේ බාවිතාකරන්නෙකුට පහසුවෙන් තම සෙයුමට වඩාත් හිතැති සෙයුම් යන්ත්‍රයක් භාවිතා කරන්නට හැකිවනවා.
Yahoo වල නැවත ප්‍රබෝධයක් පිලිබදව මෑතකදී විටින් විට තොරතුරු පලවෙමින් ඇති අතර Apple ආයතනයද තම උපාංග වල default මට්ටමේ සෙයුම්යන්ත්‍රය වීමේ අවස්ථාව සම්පූර්නයෙන්Yahoo වෙතට ලබා දීමේ සැලසුමක් පිලිබදව මීට පෙර කියවුනා. Yahoo තවමත් Bing සමග එක්ව කටයුතු කරන අතර කාලයකට ඉහත දී එම එකගතාවලින් ඉවත් වන්නට ගත් උත්සාහය අසාර්ථක වූ බවටද වාර්ථා වූවා.

https://www.mozilla.org/en-US/firefox/channel/