Android ලොව බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වෙනවා සේම ලොව බහුලතම හානිකර මෘදුකාංග වල ඉලක්කයක් ලෙසටද භවිතාවේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ “Android/TrojanDownloader.Agent.JI” නම් නවතම හානිකරය Android වල සියලුම සංස්කරන සදහා ඉලක්ක ගතව සංස්සරනය වෙමින් ඇති බවයි. අව්‍යාජ යාවත්කාලීනයක පෙනුම සහිතව භාවිතාකරන්නා පහසුවෙන් පොලබව ගැනීමේ අරමුනින් නිර්මානය වී ඇති මෙම මෘදුකාංගය විසින් භාවිතා කරන්නා වෙතට පවසා සිටින්නේ උපාංගයේ Adobe Flash player වෙතට වන නවතම යාවත්කාලිනය ලබ අගන්න අලෙසට බවත් භාවිතාකරන්නා එකගකරවා ගැනීමෙන් අනතුරුව “new ‘Saving Battery’ එකක් සදහාද යෝජනා වන අතර, එයට එකග වීමෙන් අනතුරුව හානිකරය උපාංගය මත තම ක්‍රියාකාරිත්වය අරබන අතර තම Command & Control (C&C) server සමග සම්බන්ද වී අමතර හානිකරයන් ද උපාංගය වෙතට ගෙන ඒම අරබන බවටයි පැහැදිලි කරන්නේ.
වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ භාවිතාකරන්නෙකු තම උපාංගයෙන් මෙම downloaderය අස්ථාපනය කලද පෙර කී හානිකරයන් ඉවත් නොවන අතර ආරක්ශා මෘදුකාංග සහයක් සමග මෙම ගැටලුව විසදා ගන්නට සිදුවන බවයි. සමස්ථයක් ලෙසට ලැබෙන උපදෙස වන්නේ අන්තර්ජාලය හරහා raw APK ආකාරයේ ගොනු බාගත කිරීමෙන් වැලකීම වැදගත් වන බවයි. එසේම 2012 සිට Flash playe වෙතට Android වෙතින් සහය නොදක්වන බැවින් මෙවැනි ව්‍යාජ පෙලබීම් සදහා අවබෝධයෙන් සිටින ලෙසයි.
