මොවුන් ආරක්ෂාව සදහා වඩාත් සුදුසු වන සුනඛ වර්ගයකි. ආරක්ෂක අංශ වැඩි වශයෙන් යොදා ගන්නේ මෙම වර්ගය පුහුබු කිරීමට පහසු සහ මිත්‍රශීලී වන බැවිනි. මොවුන් සාමාන්‍ය ජනතාවගේ සුරතලා ලෙස නිරන්තරයෙන් දැක ගත හැකිය. මෙම වර්ගය පිලිබඳ තොරතුරු මුලින්ම හමුවන්නේ 1899 වැනි ඉතිහාසයකදී වන අතර පලමුවෙන්ම මොවුන් යොදාගෙන ඇත්තේ සත්ව පාලන කටයුතු සදහාය. එහෙත් පසුව පුහුනු කල හැකි වීම කීකරු භාවය බුද්ධිමත් භවය සහ ශක්තිමත් භාවය යන කරුනු පදනම් කර ගනිමින් ඉතා මත් ජනංප්‍රිය සුනඛ වර්ගයක් බවට ඉක්මනින්ම පත් විය. හදාරන්නන් පවසන්නේ ලොකයේ දැනෙන වෙසෙන බුද්ධිමත්ම සුනඛ වර්ග තුනෙන් එකක් ලෙස මොවුන් හඳුනා ගත හැකි බවකි. අනෙක් වර්ග දෙක Poodle සහ Border collie වේ. යම්කිසි ක්‍රියාවක් පස් වතාවක් පුනරාවර්ථව කිරීම තුලින් ජර්මන් ෂෙපර්ඩ් සුනඛයින පුහුනුකල හැකි බවත් ලබා දෙන නියමයන් පිලිගැනීමේ සංභාවිතාව 95% කි.
– පත පොත ඇසුරෙනි.