Google පවසන්නේ Android සදහා වන Gmail app සමග ඉතා පහසුවෙන් මුදල් යවන්නට මෙන්ම ලබා ගන්නට භාවිතාකරන්නන් හට ඉතා පහසුවෙන් හැකි වන බවය. නොඹිලේ වන සේවයක් ලෙසට නම් කරන මෙම හැකියාව සදහා භාවිතාකරන්නෙකුට Gmail ලිපිනයක් නොමැතිව වුවද හැකි වන බවටයි පවසන්නේ. අමතර app ස්ථාපනයකින් තොරව කෙලින්ම තම emailය සමග පමනක් කල හැකි මෙම ගනුදෙනුවේදී අදාල මුදල කෙලින්ම බැංකු ගිනුමට බැර කරන්නටද හැකිවෙනු වෙනු ඇති බවටද පැහැදිලි කෙරෙනවා. මුදල් යවන්නාට මෙනම ලබන්නාටද කිසිදු වැයකිරීමකින් තොරව ලබා ගත ගැකි මෙම සේවාව Android සමග Gmail app භාවිතාකරන්නන් හට හා  Gmail on the web භාවිතාකරන්නන්හට පලමු පියවර ලෙසට ඇමරිකානු භාවිතාකරන්නන් වෙතට පලමුවෙන් ලබා ගන්නට හැකි වනු ඇත.