Google ආයතනය පවසන්නේ තම Street View වැඩ සටහන පලමු දස වසර සමරමින් සිටින බවකි. අයැකු පිවිසෙන්නටත් පෙරදීම තම ගමන් මගක් ගැන අවබෝදයකට ඉඩ සලසන සේවාවක් වන මෙහි පලමු පියවර 2007 දී තබන ලද බවටයි සටහන් වන්නේ. Google ආයතනය පවසන්නේ මේ වන විට තමන් මිලියන ගනනක මංමාවත් ඉලෙක්ට්‍රොනික අවකාශයට ගෙනෙවිත් ඇති බව හා ස්ථාන පිලිබදවද විශාල තොරතුරු ප්‍රමනයක් භවිතාකරන්නන් වෙතට ගෙනෙමින් සිටින බවයි. භාවිතා කරන්නන් හරද තම ස්ථාන පිලිබඳව ඡායාරූ එකතු කරන්නට අවස්ථාව දීම හා තම පෞද්ගලික අදහස් පලකිරීම ඔස්සේ සේවාව වඩාත් අර්ථවත් කරන්නට සමත්ව ඇති බවටයි පැහැදිලි කරන්නේ. ඉදිරියේදී නාගරික අවකාශවල සිට දුර බැහැර ප්‍රදේශ දක්ව තම සේවාව පුළුල් කරන්නටත් දිනකදී මුහුදු පත්ලේ සිට එවරස්ට් වැනි කදු මුදුනක් දක්වා අත්දැකීම ගෙනෙන්නට සැලවුම්ව ඇති බවටයි කිය වෙන්නේ.
