Android ලොව බහුලවතම භාවිතාවන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන්නා සේම ලොව භාවිතාවන මෙහෙයුම් පද්ධති අතර වඩාත්ම හානිකරයන් සදහා විවෘතවිය හැකි මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ  මේ සදහා වන බොහෝ හේතූන් අතර ප්‍රදාන හේතුවක් වන්නේ එහි වන විවෘත බව නිසාම වෙළඳ ආයතනයන් සදහා වඩාත් නම්‍ය කරගන්නට වන ඉඩ නිසාත් මෙහෙයුම් පද්ධතිය සදහා පැමිනෙන නව සංස්කරන භාවිතයට පැමිනීම සිදුවන මන්දගාමි ස්වරූපයක් ගැනීමය. පැමිනෙන නවතම පුවතක් පවසන්නේ Android 5.0 වලට පහල මහෙයුම් පද්ධති සංස්කරාන භාවිතාවන උපාංග බොහොමයක් Google සමාගමට remotely unlock හැකියාව පවතින බවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ එම උපාංග අතරින් සියයට 75ක් ආසන්නව මෙම අනතුර සමග වන බවයි. encryption ආකාරය ක්‍රියාත්මක උපාංග සදහා මෙම පිවිසුම අපහසු වන බව පෙන්වා දෙන අතර Android 5, 6 සදහා ද මෙම encryption හැකියාව පැවතුනද බොහෝ නිෂ්පාදකයින් වඩාත් නම්‍ය ක්‍රියාකාරීත්වයක් සදහා ඒය අක්‍රියව තබන බවයි. කෙසේ වෙතත් Google පවසන්නේ තමන් නෛතික අවශ්‍යතාවයක් වැනි කාරනයකදී හැරෙන්නට මෙම පියවර නොගන්නා බවකි.