හංවැල්ල නගරයේ තානායම පිහිටි භූමි භාගයේද අතීතයේ බල කො‍ටුවක්ව පැවතුන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.අතීතයේද කොළඹ සිට සීතාවකට එන මාර්ගයත් අනෙක් දෙසින් කැළණි ගඟත් අතර පිහිටි මෙම ස්ථානයට ගුරුබැවුල බලකො‍ටුව ලෙසට භාවිතාවූ බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.මායාදුන්නේ මෙන්ම රාජසිංහ රජවරුන් මෙම ස්ථානයේ සිට පෘතුගීසී විරෝධී අරගල මෙහෙයවන්නට කටයුතු කොට තිබෙන බවට පිලි ගැනේ. රාජ සිංහ රජතුමාගේ අභාවයෙන් අනතුරුව පෘතුගීසීන් විසින් මෙම ස්ථානය අත්පත්කරගන්නට කටයුතු කල බවත් එදිරිල්ලේරාල හා කුරුප්පුආරච්චි වැනි වීරවරයන්ගේ නායකත්වයෙන් එය යලුත් මුදවා ගන්නට කටයුතු කල මුත් පසුව එය ලන්දේසීන් විසින් අත්පත්කර ගත් බවත් සඳහන්වේ. එකල මෙහි ආරක්ශාව වඩාත් තරකරගනු වස් ගොඩබිමින්ද ගැබුරු අගලක් කපා තිබූ බවක් පිලි ගැනේ. අවසානයේ ඉංග්‍රීසීන්ගේද බලකො‍ටුවක් බවට මෙම ස්ථානය පත්ව තිබ ඇති අතර කන්ඳ උඩරට හමුදාවෝ මෙතැනට පහරදීමට පැමිනිමුත් පරාජය වූ බවත් සේනාධිපත් ලෙව්කේ දිශාව මරනයට පත්වූ බවත් ඉතිහාස සටහන් පවසයි.
අනතුරුව උඩරට ආක්‍රමනයට ඉංග්‍රීසීන්ගේ සහයට ඇහැලේපොල අධිකාරම් එක්වූවේද මෙ ස්ථානයේදි බවට පිලි ගැනෙන අතර සිරබාරයට පත් කන්ද උඩරට රජතුමා කොළඹ කරා ‍රැගෙන යාමේදීද මෙම ස්ථානයේ රඳවා සිටින්නට ඇති බවට විස්වාස කෙරේ. අදද මෙම ස්ථානයේ ගල් ආසන, ප්‍රණි ප්‍රකාරයේ කොටස් මෙන්ම දිය අඟලේ සලකුනු දැකිය හැක.
ශ්‍රී ලාංකීය අතිතයේ වැදගත් සිදුවීම් මෙන්ම කැපී පෙනෙන චරිත රාශියකම සබදතා සීතාවක පුරය නොහොත් වර්ථමාන අවිස්සාවේල්ල අවටින් සඳහන් වේ. පොලොන්නරු යුගයේ දිදුලන නාමයක් ලෙසට සටහන් වන මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ උපත සිදුවූවේද අවිස්සාවෙල්ලට නුදුරු දැදිගම කොටවෙහෙර නම් ස්ථානය ආශ්‍රිතව බව පිලිගැනේ. මෙතුමන්ගේ උපත සිහිවීම පිනිස වෙහෙරක්ද ඉදිකල බවට සඳහන් වේ. වරක් මෙතුමාට එරෙහිව ඇතිවූ කැ‍රැල්ලක් මැඬලීම  සදහා මානියම්ගමු රට නොහොත් නියම් ගම් දහසකින් සමන්විත සතර කොන හඳුනා ගැනීම සදහා කනු සතරක් සිටවා ඇති වර්ථමානයේ මානියම්ගම  ප්‍රදේශය හරහා සේනාංකයක් රුහුනට ගිය බවට වන “කඩ ඉම්පොතේ විමර්ශන” නම් ග්‍රන්ථය පෙන්වා දේ.
ක්‍රි.ව. 1521 දී විජයබා කොල්ලය ඇතිවන්නට පෙර සිටම මායා දුන්නේ කුමරු මානියම්ගම රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලා සමග සබදතා පවත්වා ඇති බවත් 1519දී මායා දුන්නේ කුමරා මෙම රජ මහා විහාරයේ බුදු පිලිම හා විෂ්නු දේවරූපය නිමවා සිතුවම්ද කරවා පෙතන්ගොඩ කුබුරු යායද සමග පූජා කල බවට තඹ හස්නක් විහාරයේ වේ.
මීට පෙර ගම්පොල රාජධානිය ලෙසට ගත් පස්වන බුවනෙකභාහු රජතුමාද 1382දී තමන්ට පක්ෂපාතීව සිටි වැල්ලබුරේ ජයසුන්දර මුදලිට පෙතංගොඩ නින්දගම හා සීතාවක මුදලි තනතුර ප්‍රධානය කල බවට වන අතර “ගොවිතැනට සම්බන්ද නිලධාරියා” යන අර්ථය මෙහිදී සීතාවක යන නමට වූ අර්ථය ලෙසට පැවතුන බව හදාරන්නන්ගේ මතයයි.
ක්‍රි.පූ. 103-77 කාලයවූ වලගම්බා රජතුමාද අනුරාධපුරයේ තම රාජධානියට සිදුවූ ද්‍රවිඩ ආක්‍රමනය හමුවේ සල්ගල, හකුරුගල මෙන්ම මානියම්ගම ආශ්‍රිත ගල්ලෙන්වල සිට සේනාව සංවිධානය කරමින් නැවත සතුරා පැරදවීමට ක්‍රියා කල බවද ඉතිහාසය පවසයි.