“Huawei” ආයතනය පවසන්නේ තම HarmonyOS මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් උපාංග ecosystem එක සදහාම සූදානම් බවයි. අද පැවති හමුවකදී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ තම දියුනු කරන ලද නව සංස්කරනය smartphones, wearables, smart TVs ඇතුළු සමස්ථ ස්මාර්ට් උපාංග අවකාශය සදහා වඩාත් නම්‍යව සුදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ 128KB RAM තරම් සරල මට්ටමකදී පවා භාවිතයට සූදානම් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තම නව මෙහෙයුම් පද්ධති පරිසරයේදී ස්මාර්ට් උපාංග එකිනෙක සම්බන්ද වෙමින් වඩාත් සුමට භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් වැඩි දුරටත් පවසනවා මෙහෙයුම් පද්ධති අනන්‍යතා සීමාවල් හඳුන්වා දෙන ඇප් හරහා ඉක්මවා යන්නට මෙන්ම සාම්ප්‍රධායික උපාංග සීමාව ඉක්මවමින් smart ovens , fridges වනි තලයන් සදහාද සූදානම් බවයි.

Pubudu Siriwansa