Back to Top

Category: Health

You Tube හිංසාකාරී වීඩියෝ වලට එරෙහිව..

You Tube පවසන්නේ ඉදිරියේදී තමන් හිංසාකාරී දර්ශන ඇතුලත් වීඩියෝවන් වලට එරෙහිව හා ඒවා තම අවකශය වෙතට අප්ලෝඩ්කරන භාවිතාකරන්නන්ගේ ගිනුම් වලටද එරෙහිව කටයුතු කරන්නට සූදානම් බවයි. ආසන්නතම උදාහරනයක් ලෙසට පැවසෙන්නේ මෑතකදී youtube වල දක්නට ලැබුනු ජපන් සියදිවි නසා ගැනීම් දර්ශන පෙලක් සහිත වීඩියෝව ඉවත්කිරීම මෙන්ම අදාල ගිනුම අක්‍රියකර දැමීමයි. සත්ව හිංසනයට එරෙහි පියවර ගැනීම වැදගත් ලෙසට ඔවුන් සලකමින් සිටින්නේ සතුන්හට මරනීය පීඩා කර දර්ශන ගත කර බෙදාහැරීම ඔස්සේ අන්‍යයන්ටද ඒ සදහා පොලබන්නට කටයුතු කල අවස්ථා බෙහෙමයක් මෑතකදී හදුනා ගෙන තිබූ නිසාවෙනි. මෙසේ පොදුවේ සමාජ මනස වෙත තම රෝගී මනස බෙදා හදා ගනිමින් අනෙකුන් වෙතටද ඒ සදහා පොලබවන කොටස් සදහා තම වීඩියෝ වෙතින් ලබන දැන්වීම් ලාභයන් මෙන්ම ඒවා වෙතට යුටි‍ටුබ් ඔස්සේ ස්වංක්‍රීයව ලැබිය හැකි ඉහලට පැමිනීම්ද වලකන්නට තමන් සූදානම් බවටද ප්‍රකාශ වෙනවා.
– Pubudu Siriwansa

Posted in Health, Tech | Leave a reply

Peace Lily පීස් ලිලී

ෆෝමැල්ඩිහයිඩර්. බෙන්සීන් හා ට්‍රයිලෝඑතලීන් උරා ගැනීමේ ඇති ශාක අතර ඉහලින්ම සදහන් වන වර්ගය මෙයයි. මෙහි උද්භිතවිද්‍යාත්මක නාමය spathiphyllum ලෙසට හැඳින්වේ. අපට ජලය නොමැතිව දින කිහිපයක් සිටිය හැකි උවත් වාතය නොමැතිව මිනිත්තු කිහිපයක්වත් සිටිය නොහැකිය. එක් පුද්ගලයෙකු දිනකට වාතය ගැළුම් 3000කට වඩා ආස්වාස කරන බව පැවසේ. එසේනම් අප අවට වාතය පිරිපහඳු කල හැකි පැලෑටියක් වෙනු වෙන් ගෙතුල ඉඩක් වෙන් කල හැකිනම් එය පවුලේම නිරෝගී බවට හේතුවනු ඇත.
-පොත පත ඇසුරෙනි.

Bamboo Palm බැම්බු පාම්

මෙක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව නිජබිම කරගත් මේ ශාකය අඩි 5කට වඩා උස නොයයි. දීප්තිමත් ආලෝකය හා තෙත මනය ප්‍රිය කරන එය බෙන්සීන් හා ට්‍රයික්ලෝරෝතිලීන් උරා ගැනිමට සමත් හෙයින් අප සමීපයේ තබා ගැනීමට සුදුසු විසිතුරු ශාකයකි.

ඩ්‍රැසීනා (Red- edged dracaena)

ඩ්‍රැසීනා වර්ග රාශියක් වන අතර අප මෙතැනදී පවසන්නේ තම ප්ත්‍ර අයිනේ රිබන් පටියක මෙන් රතු ධාරයක් සහිත වර්ගය බව සැලකිය යුතුය. සයිලීන්, ට්‍රයික්ලෝරෝඑතිලීන්, ෆෝමැල්ඩිහයිඩ් වැනි හානිකර දෑ උරා ගැනීමේ ඉහල හැකියාව ඇති ශාක මිත්‍රයෙකු ලෙසට අපගේ පරිසරය සමබරව පවත්වාගෙන යාමට සහය වන මෙම විසිතුරු පැලෑටිය අඩු සැලකිලි පරිසරයක් යටතේ උවත් වැවෙමින් තම පරිසරයට මහත් චමත්කාර පෙනුමක්ද එක් කරන්නකි. මෙම ඩ්‍රැසීනා වල වර්ග රාශියක් වන අතර මෙම ප්‍රථිපල සදහා නම් පෙරකී වර්ගයේ පත්‍ර සහිත විශේෂය තොරා ගැනීම වැදගත් වනු ඇත.
-පොත පත ඇසුරෙනි.

Spider Plant නම් විසිතුරු පැලෑටිය..

විසිතුරු පිහිටීම නිසාම මෙම පැලෑටි විශේෂයට එම නම භාවිතා වනවා විය යුතුය. Spider Plant ලෙසට භාවිතාවුවද මෙහි උද්භිත නාමය Cholorophytum Comosun ලෙසට දැක්වේ. සම්, රබර් හා මුද්‍රන කර්මාන්ත කෙරෙන ස්ථාන අශ්‍රිතව වාතයේ ‍රැස්වන අහිතකර ද්‍රව්‍ය වන බෙන්සීන්, ෆෝමැල්හයිඩ , සයිලීන් හැරුනු කොට කාබන් මොනොක්සයිඩ් අවශෝෂනය කර ගැනීමේ හැකියාවෙන් මේ පෑලෑටිය අනූනය. එය පහසුවෙන් වගා කල හැකි පැලෑටියකි. එසේම එය එතරම් උනුසුමක් නැති නිවෙස් වල ඉතා හොඳින් වැඩෙන අතර වියලි පස ප්‍රියකරන්නකි.
– පත පොත ඇසුරිනි.

නිවසේ විස නසන විසිතුරු ශාක -2 කොමාරිකා (Aloe Vera)

මේ පැලෑටිය ගැන අද බොහෝ දෙනා කථාකරන්නේ රූපලාවන්‍ය කටයුතු හා සම්බන්ද කරමිනි. එහෙත් නිවසේ ආලේප කරන තීන්ත හා පිරිසිදු කිරීම් සදහා යොදා ගැනෙන දේ වලින් පරිසරයට නුකුත් කෙරෙන ෆෝමැල්ඩිහයිඩ හා බෙන්සීන් වැනි රසායනිකයන් උරා ගැනීමේ හැකියාව ඊට ඇති බව ඔබ දෑන සිටියාද? මේ හැර චිකිත්සීය ගුනාංග ‍රැසක්ද මේ පැලෑටිය සතු බව විද්‍යාංඥයෝ පවසති. වසර හයදාහකටත් එපිට අතීතයේ පටන් පෙර දිග මිනිසුන් සමේ සෞඛ්‍ය ‍රැක ගැනිම, තුවාල සුවපත් කිරීම ඉක්මන් කිරීම වැනි කරුනු සදහා පමනක් නොව තවත් ප්‍රයෝජන රාශියක් සදහා භාවිතා කර ඇති කෝමාරිකා වලට දේශීය වෛද්‍ය ක්‍රමයේ නම් තවමත් හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි.
පත පොතින් උපුටා ගන්නා ලදී.

ඩෙංගු මර්ධනයට ඔබේ දායකත්වය ලබා දුන්නාද?

අධිවසංගතයක් ලෙසට ඩෙංගු උවදුර අප ඉදිරියට පැමිනෙන්නේ කනගා‍ටුදායක සත්‍යයයක පණිවුඩයක්ද ලෙසටය. එනම් අප අපගේ පරිසරය සමග වන ගනුදුනුවේ අති අසාර්ථක බව කියා පාමිනි. තවත් ආකාරයකට පවසන්නේ නම් විශේෂයෙන් නාගරික පරිසරය තුලදී “මම” පමනක් පවතිමි තියරියේ අවසන් ප්‍රථිපලයක් ලෙසටය. පරිසරය මතවන සරල නීතිය එනම් ඔබ ධනවතෙකු, බලවතෙකු.උගතෙකු වූ පලියට තවමත් ඔබ ස්වභාදහමේ මූලික හා සරල නීතිවලින් පාලනය වන බව කියා දෙන සරල පාඩමක් ලෙසටය. තවත් ආකාරයකට සැලකීමේදී ක‍ටුකම්බි, නැතිනම් උස් තාප්ප වලින් වටව සිටි පලියට ඔබට තවමත් ස්වභාදහමේ සරල න්‍යාය මග හැරිය නොහැකි බව පසක් කරමිනි. නිවසින් බැහැර වන කසල මල්ල බැහැර කලයුත්තේ හුදු තම තාප්පෙන් ඔබ්බට පමනක් නොව ඒවා කලමනාකරනය කරන ක්‍රමවත් ක්‍රමවේදයකට බව අවසාන පනිවිඩය ‍රැගෙනය.

දියුනුවන රටක් හැටියට කෙසේ වෙතත් දියුනු වන්නටද ඒ තරම් අවශ්‍යතාවයක් නැති රටක් හැටියට උවත් නොමැරී සිටින්නට වත් වන අවශ්‍යතාවය තව දුරටත් වලංගුව පවත්වාගෙන යන්නට නම් සියල්ලන්ම තම ස්වාභාවික පරිසරය සමග වන ගනුදෙනුව පිලිබඳව සැලකිලිමත් වන්නට පටන් ගත යුතුය. එය ඩෙංගු උවදුර සමග පමනක් ගතයුතු පියවරක් නොවනු ඇත. අඩුතරමින් තම ස්වාභාවික පරිසරය සමග වන ගනුදුවේදී වත් දේශපාලනික හා වෙළඳ මොඩලන් සමග ඔබමොබ පාවෙන්නන් නොවන්නට තරමේ සමාජ මනසක් අත්පත් කරගන්නට අප සමත් විය යුතුය.

සීතාවක යුගයේ සාහිත්‍යයේ විශේෂාංග – 6 –

සීතාවක රජවරුන්ගේ මාලිගාව පිහිටියේ මනියම්ගම ගම්මායිම කෙරවලය. මානියම්ගම රජමහ විහාරය ඈත අතීතයේ සිට පැවත එන්නකි. මහ නුවර රාජ්‍ය සමයේ මේ විහාරයේ අධිපතිධූරය දැරුවේ ධම්ම දස්සි හිමියන්ය. උන්වහන්සේ ආදරයෙන් හදා වඩා ගත් ගෝලනමක් විය මේ ගෝල හිමියන් සිවුරු හැරගිය විට නැවතත් කැඳවා ගෙන වුත් මහණ කරනු ලැබීය. තුන් වෙනි වතාවේත් සිවුරු හැර ගිය පසු නැවත පැමිනියේ නැත. මේ ශෝකයට හා කලකිරීමට පත් දම්මිදස්සී හිමියෝ පහත සදහන් කවි දෙක කියමින් ශෝකය තූනී කරගත්හ.
සිතාගෙන උනිමි පසුව වෙයි නිවන
පතාගෙන ජාති මම ලැබූ පුත් රුවන
ඇතා නොවෙයි කේසර සිංහා රජු න
පුතා මගේ නැති වුනි රති ගඟේ පැන

දෙවතාවක් පැවිදි කෙරුවයි නිවන් පතා
නවතා ගන්ට බැරි විය ඔහුගේ විපතා
මෙවතා වෙහි මට නොකියා ගියයි පුතා
දේවතා බණ්ඩාර බලයෙන් වරෙන් පුතා
(රංගේගම ගමගේ මොහොට්ටි හාමිගේ මතකයෙනි)

මානියම්ගම නැගෙනහිර මායිම සීමාවන්නේ යකහ‍ටුවාව කඳු වැටියෙනි. මේ කඳු වැටියේ දකුනු කෙරවල ඔරුකන්ඳ නමින් හැඳින්වේ. 1930 මැයි මස හය වැනි දිනය වන විට දින කිහිපයක සිට ඇහහැලුන ධාරානිපාත වර්ෂාව උච්චතම අවස්ථාවට පැමින තිබුනි. එදින සවස හතර පමන වන විට ඔරුකඳ පාමුල පදිංචිකරුවෝ අනියත බියකින් සැලුනාහ. රාත්‍රී ආහාරය පිනිස අවශ්‍ය දේ කටයුතු ගෘහනියන් ඉකමන් කල අතර පිරිමි පක්ෂය හරකුන් දීගලි කිරීම මල් කැපීම ආදියෙහි නියුත්ත වූහ. අනතර්ක සේයාවක් ඉව වැ‍ටුන පල්ලේ කන්දේලාගේ සලොන්චියා මල් කැපීම සදහා කන්ද උඩට නැග්ගා පමනි මුලු පෙදෙසම දෙවනත් කරමින් හෙන හඬක් වැනි භයංකර හඬකුත් සමග ඔරුකන්දේ අඩි පන්සීයක් පමන කොටසක් ගස් ගල් සහිතව පහතට ඇඳ හැලෙන්නට විය. කඳු පාමුල ගෙවල් යට විය. ඒවායේ වූවන්ට කුමක් වූවාදැයි අදවන තුරුත් දැන ගන්නට නැත. අමුනක පමන වූ කුඹුරක් ඒ අසලින් ගලා ගිය රිටිගහ ඇලත් නායෙන් යට විය. ඔරුකඳ මුදුනේ විශාල රුකත්තන ගසකි. මේ වෘක්ෂයට අධිගෘහිත දේවතාවෙක් වසතීයී විස්වාසයක් පවතී. කෙම්මුර දිනවල දේවතා එලියක් මේ ගසට පැමිනෙනවාත් ගසින් ඉවත්ව යනවාත් ඇසින් දු‍ටුවෝයැයි කියන අය බොහෝය.
– පොත පත ඇසුරෙනි

Posted in Health | Leave a reply

වික්‍රමසිංහ මුදලි -2 –

වික්‍රමසිංහ මහ ඇමතිතුමාගේ සේවා කාලයෙහි දක්නට ලැබෙන එකම කැ‍රැල්ල වූයේ බොරලුගොඩ වාඩිල සිටින විටය. වික්‍රමසිංහ මුදලි හා සෙනවිරත්න මුදලි යන දෙදෙනගේද වාඩි පිහිටියේ බොරලුගොඩය. මේ දෙදෙනාගේ හේවායින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දිග්ගැස්සී වික්‍රමසිංහ මුදලි දුන් රහස් පනිවිඬයක් අනූව ධර්මපාල රජුගේ හේවායන් මහ ඇමතිගේ වාඩිය මැදින් පැමින සෙනවිරත්න මුදලිගේ වාඩියට පහර දුන්හ. වාඩියෙන් පැනගත් සෙනවිරත්න මුදලි ඒ වන විට දෙමටගොඩ වාඩිලා සිටි එකවන රාජසිංහ රජුට දැන්වීය. රාජසිංහ රජු ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මග ඇමති සීතාවකට පිටත්කර එවීය. මේ අවස්ථාවේදී කොනප්පු බණ්ඩාර උඩරට කැරලි ඇති කලේය. වික්‍රමසිංහ මුදලි විසින් මේ කැ‍රැල්ල කරන්නට ඇතැයි යන විස්වාසයෙන් රජසිංහ රජු සීතාවකට ආවේය. රජු පැමිනි විට වික්‍රමසිංහ අසනීපව සිටියේය. රාජවෛද්‍යවරයා ලවා බෙහෙත් සමග මිශ්‍රකර වස දෙවා වික්‍රමසිංහ ජීවිතක්ෂයට පත්කලේය.
මායදුන්නේ රජුට හා රාජසිංහ රජුට අවංකවම සේවය කල ශ්‍රෙෂ්ඨ නායකයෙකුගේ අවසානය මෙසේ සොචනීය ලෙස සිදුවීමත් සමග ශ්‍රේෂ්ඨ රණ ශූර රජෙකුගේ දෛවයද නොපිටට පෙරලී ගියේය. මේ සාහසික ක්‍රියාවේ ප්‍රථිවිපාක රාජසිංහ රජු කරා පැමිනීමටද වැඩිකාලයක් නොගියේය.
-– පොත පත ඇසුරෙනි.

Posted in Health | Leave a reply

ආහාර ඇසරුමේ එන E-Numbers ගැන අවධානයෙන් සිටිමු.

E-Numbers ලෙසට වන අප ආහාර සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වල ප්‍රමිතීන් පිලිබඳව අප සැලකිලි මත් විය යුත්තේ ඒවා ආහාරයට ගැනීමෙන් සිදුවිය හැකි ගැටලු පිලිබඳව විස්තරවන දැනුවත්කිරීම් සමග, අඩංගුවන රසායනික ද්‍රව්‍ය පිලිබඳව දැනුවත් කිරීමේ වගකීමක් නිෂ්පාදකයින් වෙතටද නියම කර ඇති බැවිනි. බොහෝ නිෂ්පාදකයින් තම නිෂ්පාදන සමග අද වන විට මේ දැනුවත් කිරීම් ඒවායේ අසුරනවල සටහන් කරන්නට කටයුතු කරන මුත් භාවිතාකරන්නන් ඒ දැනුවත් කිරීම් සදහා නිසි අවධානයක් නොදැක්වීම ඔස්සේ මෙවැනි ක්‍රියාකාරකම් ඔස්සේ බලපොරොත්තුවන ප්‍රථිපල මග හැරෙමින් තිබීමදැකිය හැකි බවටයි හදාරන්නන් පෙවා දෙන්නේ. පහත දැක්වෙන්නේ මේ ආකරයට වන අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද දැනුවත්කිරීමේ සටහනකි.

Posted in Health | Leave a reply