Back to Top

Category: Historical place

Lenagala Rajamaha Viharaya

අනුරාධපුර මුල් යුගයට අදාලව ඉතිහාස ගතව ඇති වට්ටගාමිණි අභය නැතිනම් වලගම්බාහු රජතුමන්ට ((89-77 BC) සම්බන්දිතව ලියවෙන සීතාවක රාජධානියට අසන්නව පිහිටන අදවන විට පුදබිමක් ලෙසට ගරුබුහුමන් ලබන ස්ථානයකි දැදිගම ලෙනගල රජමහා විහාරය (Lenagala Rajamaha Viharaya in Dedigama). විශාල බ්‍රහමී අක්ෂර 47කින් සමන්විත පලමු අක්ෂර පෙලත් මෙන්ම දෙවන අක්ෂර පෙලකින් සමන්විත සටහනක් මෙම විශාල ගල් ලෙණෙහි ඉහලින් කොටා ඇති අතර මේවා අගල් 7 උස මෙන්ම අගලක් ගැබුරට වන සේ කොටා ඇති බව හදාරන්නන් පෙන්වා දේ. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානය අවසන් වරට උඩරට රජ දවස විසූ ප්‍රකට Satara Korale Lewke Dissawe විසින් ප්‍රථිසංස්කරනය කරවන ලද බවයි.

Maniyangama Rajamaha Viharaya (Article)

      මානියම්ගම රජමහා විහාරය පිලිබදව වන ඓතිහාසික කථා පුවත ඇරබෙන්නේ අනුරාධපුරයෙහි රජකම් කල වලගම්බා රජු සමයේදීය. එතුමා රාජත්වයට පත්ව නොබෝ කලකින්ම ඇතු වූ ඇබුදකාරී බව සැලවූ දකුනු ඉන්දියාවේ දමිල ආක්‍රමනිකයන් පිරිසක් පැමිනීමත් සමග තම රාජයයෙන් පලා යන වලගම්බා රජතුමා වසර 14ක් තිස්සේ රටේ විවිධ ප්‍රදේශවල සැගවෙමින් තම සේනාව සංවිධානය කිරීම සිදු කලහ. එම කාලය තුල තමන් වෙතට සැගව සිටින්නට සහයවූ ගල් ගුහ බොහොමයක් ආශ්‍රිතව පසුව ලෙන් විහාර බවට පත්කල බව ඉතිහාසයේ සදහන්ය. මානියම්ගම රජමහා විහාරයේද පුවත ඇරබෙන්නේ මේ ආකාරයටය.
මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඉතිහාසය ලියවෙන්නේ ඊටද වඩා පෙර සිට බව හදාරන්නන්ගේ මතයයි.ක්‍රි.පූ.1 කාලයට අයත් තිබිරිපොල රජ ලෙන නම් විශාල ගල් ලෙනෙහි ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි මීට සාක්ෂි සපයයි. එසේම පොලොන්නරු යුගයේදී පලමු විජයබාහු රජුගේ සේනාධිපතිවරයෙක් සේනවක් සමග මානියම්ගම හරහා ගමන් කල බවත් සරුසාර කෙත්වතු යායවල් ව්ලින් මෙම ප්‍රදේශය වැසී තිබුන බවටත් සටහන් හමුවේ.
15 හා 16 සියවස් වන විට වේගයෙන් වලගම්බා රජුගේද සහයෙන් දියුනුව ඇරබෙන මානියම් ගම රජමහා විහාරය තුන්කෝරලයේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයක් වූ බවට පිලි ගැනේ. ගිරි, වන ,ජල දුර්ග වලින් ආරක්ෂිත මනියම්ගම ආශ්‍රිතව රාජයක් පිහිටවන්නට විජයබා කොල්ලයෙන් අනතුරුව මාය දුන්නේ කුමරුට ආරාධනා කරන්නටද ඇත්තේ මෙම විහාරය ආශ්‍රිත ස්වමීන්සේලා ව්ය හැකි බවටද උපකල්පනය කල හැක. ක්‍රි.ව. 1521 දී බිහිවූ සීතාවක යුගයේදී 18 රියන් සැතපෙන පිලිමය මෙන්ම වඩු හත් රියන් විෂ්ණු දේව ප්‍රථිමාව ඇතුලු ප්‍රථිමා රාශියක් ආදිය කරවා සිතුවමින් හා කැටයමින් විසිතුරු කරන්නට මෙන්ම ගම් බිම් ‍රැසක් විහාරය වෙතට පූජා කරවන්නට මෙම රාජධානියේ අනුග්‍රහය ලැනෙන්නට ඇත.

Gallery

Map

හකුරුගල රජමහා විහාරය ( Hakurugala Rajamaha Viharaya )

හකුරුගල විහාරස්ථානය වලගම්බා රජ දවස දක්වා දිවෙන අතිතයක සටහන් වලින් ගැවස ගත් ඓතිහාසික මෙන්ම ආගමික පමනක්ම නොව ස්වාභාවික වටිනාකම් වලින් පුරුනු පුද බිමකි. මෙහි එක් කෙරවලකින් ගලා බසින දියදහර මේ පුදබිම වෙත ගෙනෙන්නේ මනහර විසිතුරු බවකි. සමහර හදාරන්නන්හට අනූව මෙහි ජලය වඩාත් ඛනිජ බවින් වැඩි ඒවා බවටද මතයක් වේ. විහාරස්ථානයට පසුබිමෙන් වන විශාල ගල් කුළු වලින් ගැවසගත් කඳුයාය සොබා දහමේ අපූරු බව මෙන්ම ඓතිහාසිකව රජදවස නෙක සිදුවීම් රාශියක නෑකම් ඇති බව කියවෙන ජනංප්‍රවාද රාශියකි. ගලින් නිමැවුනු පොකුනක් මෙන්ම බිසෝ පැන්න ගල ලෙසට නම් වන ස්ථාන ඒ අතර වේ,
කටාරම් කෙටූ ගල්ලෙන තුලවන විහාරස්ථානයේ 18 රියන් සැතපෙන බුදු පිලිමයක් මෙන්ම විහාරයේ බිත්ති අලංකාර සිතුවම් වලින් මෙන්ම තවත් අංග රාශියකින් සමන්විතය. හදාරන්නන්ට අනූව වලගම්බා රජ දවසින් පසුව 1811 දී මත්තමගොඩ දිසාව විසින් මෙම ස්ථානය ප්‍රථිසංස්කරනය කල බවක් කියවේ, එසේම මෙම අපූරුනාමය ගැන කියවෙන කථාවකට අනූව ප්‍රදේශයේ දරුවන්ට අකුරුකරවන්නට මූලික වූ විහාරයක්වූ නිසා මෙම නම ලද බවටද කියවේ.