Back to Top

Category: History

Hanwella Fort – හංවැල්ල බලකොටුව ( ගුරුබැවුල බලකො‍ටුව)

හංවැල්ල නගරයේ තානායම පිහිටි භූමි භාගයේද අතීතයේ බල කො‍ටුවක්ව පැවතුන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.අතීතයේද කොළඹ සිට සීතාවකට එන මාර්ගයත් අනෙක් දෙසින් කැළණි ගඟත් අතර පිහිටි මෙම ස්ථානයට ගුරුබැවුල බලකො‍ටුව ලෙසට භාවිතාවූ බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.මායාදුන්නේ මෙන්ම රාජසිංහ රජවරුන් මෙම ස්ථානයේ සිට පෘතුගීසී විරෝධී අරගල මෙහෙයවන්නට කටයුතු කොට තිබෙන බවට පිලි ගැනේ. රාජ සිංහ රජතුමාගේ අභාවයෙන් අනතුරුව පෘතුගීසීන් විසින් මෙම ස්ථානය අත්පත්කරගන්නට කටයුතු කල බවත් එදිරිල්ලේරාල හා කුරුප්පුආරච්චි වැනි වීරවරයන්ගේ නායකත්වයෙන් එය යලුත් මුදවා ගන්නට කටයුතු කල මුත් පසුව එය ලන්දේසීන් විසින් අත්පත්කර ගත් බවත් සඳහන්වේ. එකල මෙහි ආරක්ශාව වඩාත් තරකරගනු වස් ගොඩබිමින්ද ගැබුරු අගලක් කපා තිබූ බවක් පිලි ගැනේ. අවසානයේ ඉංග්‍රීසීන්ගේද බලකො‍ටුවක් බවට මෙම ස්ථානය පත්ව තිබ ඇති අතර කන්ඳ උඩරට හමුදාවෝ මෙතැනට පහරදීමට පැමිනිමුත් පරාජය වූ බවත් සේනාධිපත් ලෙව්කේ දිශාව මරනයට පත්වූ බවත් ඉතිහාස සටහන් පවසයි.
අනතුරුව උඩරට ආක්‍රමනයට ඉංග්‍රීසීන්ගේ සහයට ඇහැලේපොල අධිකාරම් එක්වූවේද මෙ ස්ථානයේදි බවට පිලි ගැනෙන අතර සිරබාරයට පත් කන්ද උඩරට රජතුමා කොළඹ කරා ‍රැගෙන යාමේදීද මෙම ස්ථානයේ රඳවා සිටින්නට ඇති බවට විස්වාස කෙරේ. අදද මෙම ස්ථානයේ ගල් ආසන, ප්‍රණි ප්‍රකාරයේ කොටස් මෙන්ම දිය අඟලේ සලකුනු දැකිය හැක.
ශ්‍රී ලාංකීය අතිතයේ වැදගත් සිදුවීම් මෙන්ම කැපී පෙනෙන චරිත රාශියකම සබදතා සීතාවක පුරය නොහොත් වර්ථමාන අවිස්සාවේල්ල අවටින් සඳහන් වේ. පොලොන්නරු යුගයේ දිදුලන නාමයක් ලෙසට සටහන් වන මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ උපත සිදුවූවේද අවිස්සාවෙල්ලට නුදුරු දැදිගම කොටවෙහෙර නම් ස්ථානය ආශ්‍රිතව බව පිලිගැනේ. මෙතුමන්ගේ උපත සිහිවීම පිනිස වෙහෙරක්ද ඉදිකල බවට සඳහන් වේ. වරක් මෙතුමාට එරෙහිව ඇතිවූ කැ‍රැල්ලක් මැඬලීම සදහා මානියම්ගමු රට නොහොත් නියම් ගම් දහසකින් සමන්විත සතර කොන හඳුනා ගැනීම සදහා කනු සතරක් සිටවා ඇති වර්ථමානයේ මානියම්ගම ප්‍රදේශය හරහා සේනාංකයක් රුහුනට ගිය බවට වන “කඩ ඉම්පොතේ විමර්ශන” නම් ග්‍රන්ථය පෙන්වා දේ.
ක්‍රි.ව. 1521 දී විජයබා කොල්ලය ඇතිවන්නට පෙර සිටම මායා දුන්නේ කුමරු මානියම්ගම රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලා සමග සබදතා පවත්වා ඇති බවත් 1519දී මායා දුන්නේ කුමරා මෙම රජ මහා විහාරයේ බුදු පිලිම හා විෂ්නු දේවරූපය නිමවා සිතුවම්ද කරවා පෙතන්ගොඩ කුබුරු යායද සමග පූජා කල බවට තඹ හස්නක් විහාරයේ වේ.
මීට පෙර ගම්පොල රාජධානිය ලෙසට ගත් පස්වන බුවනෙකභාහු රජතුමාද 1382දී තමන්ට පක්ෂපාතීව සිටි වැල්ලබුරේ ජයසුන්දර මුදලිට පෙතංගොඩ නින්දගම හා සීතාවක මුදලි තනතුර ප්‍රධානය කල බවට වන අතර “ගොවිතැනට සම්බන්ද නිලධාරියා” යන අර්ථය මෙහිදී සීතාවක යන නමට වූ අර්ථය ලෙසට පැවතුන බව හදාරන්නන්ගේ මතයයි.
ක්‍රි.පූ. 103-77 කාලයවූ වලගම්බා රජතුමාද අනුරාධපුරයේ තම රාජධානියට සිදුවූ ද්‍රවිඩ ආක්‍රමනය හමුවේ සල්ගල, හකුරුගල මෙන්ම මානියම්ගම ආශ්‍රිත ගල්ලෙන්වල සිට සේනාව සංවිධානය කරමින් නැවත සතුරා පැරදවීමට ක්‍රියා කල බවද ඉතිහාසය පවසයි.

Posted in History | Leave a reply

Lenagala Rajamaha Viharaya

අනුරාධපුර මුල් යුගයට අදාලව ඉතිහාස ගතව ඇති වට්ටගාමිණි අභය නැතිනම් වලගම්බාහු රජතුමන්ට ((89-77 BC) සම්බන්දිතව ලියවෙන සීතාවක රාජධානියට අසන්නව පිහිටන අදවන විට පුදබිමක් ලෙසට ගරුබුහුමන් ලබන ස්ථානයකි දැදිගම ලෙනගල රජමහා විහාරය (Lenagala Rajamaha Viharaya in Dedigama). විශාල බ්‍රහමී අක්ෂර 47කින් සමන්විත පලමු අක්ෂර පෙලත් මෙන්ම දෙවන අක්ෂර පෙලකින් සමන්විත සටහනක් මෙම විශාල ගල් ලෙණෙහි ඉහලින් කොටා ඇති අතර මේවා අගල් 7 උස මෙන්ම අගලක් ගැබුරට වන සේ කොටා ඇති බව හදාරන්නන් පෙන්වා දේ. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානය අවසන් වරට උඩරට රජ දවස විසූ ප්‍රකට Satara Korale Lewke Dissawe විසින් ප්‍රථිසංස්කරනය කරවන ලද බවයි.

KumariElla, kunari ella falls

Kumari Ella Falls

      පුවක්පිටිය නගරයෙන් හැරී තුම්මෝදර මාවත දීගේ කිලෝ මීටර තුනක් පමන යන විට අඹන්ගම ඔය ගල්කුලකින් ඇද හැලෙමින් නිර්මාණය කරන කුමාරි ඇල්ල කොළඹ දිස්ත්‍රික්කයේදී හමුවන විසිතුරුම තවත් ස්වාභාවික සම්පතක් බව හදාරන්නන්ගේ අදහසයි. උසින් අඩි පහලොවක පමන වන මෙම දිය ඇල්ලේ දිය පහර ඇස්වත්තෙදී කැළණි ගඟට එක්වන අතර සීතාවක රාජසිංහ සමයේදී මෙම කුමාරි ඇල්ල ස්ථානය රජ කුමාරියන් දිය කෙලිය සදහා භාවිතාවූ ස්ථානයක් ලෙසට පිලිගැනේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ සීතාවක රාජසිංහ රජිදුන්ගේ දූකුමාරිය නමින් මෙම ඇල්ල නම්වන බවත් පුවක් පිටිය අවට වන Pittukanda හා Dukkalahelena කඳු දෙක ඔස්සේ පැමිනෙන ජල පහර දෙකක් ප්‍රධානව එක්විමෙන් මෙම ඇල්ල නිර්මානය වන බවකි.  මෙතැන් සිට පුවක් පිටිය නගරය ආසන්න වන තෙක්ම ගල් පර අතරින් ඇදහැලෙමින් විසිතුරු රටා මවමින් ගලා බසින මෙම දිය දහර සමග දෙපසින් වන ඉවුරු වල වන මීවන ඇතුලු ශාකයන්ගෙන් ගැවසී ඇති අතර පැමිනෙන්නන් වෙතට වඩාත් නෙත්කලු බවක් ගෙන දේ. නගරය ආසන්නයේ වීම සමග නිතර නරබන්නන්ගෙන් ගැවසගත් ස්ථානයක් ලෙසට මෙම ස්වභාවික ස්ථනය හඳුනවා දිය හැකි අතර නොසැලකිලිමත් නරබන්නන් අතින් නිතර අපවිත්‍රවන තැනක් ලෙසටද හඳුන්වා දෙන්නට සිදුවේ.

Deraniyagala

දැරණියගල ප්‍රදේශය සදහා අතීතයේදී නම් කිහිපයකින් හැඳින්වූ බවට තොරතුරුවේ. දරණේගල යන්න ලෙසට කඳු මැද ණුවර ලෙසටද එයින් පසුව අද ව්‍යහාර වන දැරණියගල යන්නත් භාවිතයට පත්ව ඇත. දරණුවක් ලෙසට දර්ශනය වන සේ පිහිටි අලංකාර කඳු වලල්ලක් මෙම නගරය වටා පිහිටා තිබීම හේතුවක් වන්නට ඇත. මෙම ගම මැදින් ගලා බස්නා සීතාවක නඳිය පෙර කාලයේ මාගල් ගඟ ලෙසටද පසුව සිතුවක ගඟ ලෙසටද නාම කරනය ව තිබූ බව පිලිගැනේ. අදද මෙම ගම්මානයට මහත් අලංකාරයක් දෙමින් එම ගඟ ගලා බසී. හිතුවක්කාරී බවක දක්වමින් ගලා බසින මෙම ගංඟාවේ රටාව පසුව “සිතුවක” ලෙසට නම් කෙරෙන්නට ඇත. අදටද සුළු කාලයකින් තම ස්වභාවය වෙනස් වන ජල කඳක් ‍රැගෙන ඒම මෙම ස්වභාවයයි. ඓතිහාසිකව සැලකීමේදී ශ්‍රී සුමන සමන් දේවාලයත්, පූරාණ විහාරයත්, ශ්‍රී සුමණාරාම විහාරස්ථානයත් මෙම ප්‍රදේශයේ ප්‍රධාන තැනක් ගනී.දේවන රාජසිංහ සමය දක්වා දිවෙන අතීතයක් මෙම ශ්‍රී සුමණ සමන් දේවාලයට වේ.

Deraniyagala.com

Posted in Deraniyagala, History |

Maniyangama Rajamaha Viharaya (Article)

      මානියම්ගම රජමහා විහාරය පිලිබදව වන ඓතිහාසික කථා පුවත ඇරබෙන්නේ අනුරාධපුරයෙහි රජකම් කල වලගම්බා රජු සමයේදීය. එතුමා රාජත්වයට පත්ව නොබෝ කලකින්ම ඇතු වූ ඇබුදකාරී බව සැලවූ දකුනු ඉන්දියාවේ දමිල ආක්‍රමනිකයන් පිරිසක් පැමිනීමත් සමග තම රාජයයෙන් පලා යන වලගම්බා රජතුමා වසර 14ක් තිස්සේ රටේ විවිධ ප්‍රදේශවල සැගවෙමින් තම සේනාව සංවිධානය කිරීම සිදු කලහ. එම කාලය තුල තමන් වෙතට සැගව සිටින්නට සහයවූ ගල් ගුහ බොහොමයක් ආශ්‍රිතව පසුව ලෙන් විහාර බවට පත්කල බව ඉතිහාසයේ සදහන්ය. මානියම්ගම රජමහා විහාරයේද පුවත ඇරබෙන්නේ මේ ආකාරයටය.
මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඉතිහාසය ලියවෙන්නේ ඊටද වඩා පෙර සිට බව හදාරන්නන්ගේ මතයයි.ක්‍රි.පූ.1 කාලයට අයත් තිබිරිපොල රජ ලෙන නම් විශාල ගල් ලෙනෙහි ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි මීට සාක්ෂි සපයයි. එසේම පොලොන්නරු යුගයේදී පලමු විජයබාහු රජුගේ සේනාධිපතිවරයෙක් සේනවක් සමග මානියම්ගම හරහා ගමන් කල බවත් සරුසාර කෙත්වතු යායවල් ව්ලින් මෙම ප්‍රදේශය වැසී තිබුන බවටත් සටහන් හමුවේ.
15 හා 16 සියවස් වන විට වේගයෙන් වලගම්බා රජුගේද සහයෙන් දියුනුව ඇරබෙන මානියම් ගම රජමහා විහාරය තුන්කෝරලයේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයක් වූ බවට පිලි ගැනේ. ගිරි, වන ,ජල දුර්ග වලින් ආරක්ෂිත මනියම්ගම ආශ්‍රිතව රාජයක් පිහිටවන්නට විජයබා කොල්ලයෙන් අනතුරුව මාය දුන්නේ කුමරුට ආරාධනා කරන්නටද ඇත්තේ මෙම විහාරය ආශ්‍රිත ස්වමීන්සේලා ව්ය හැකි බවටද උපකල්පනය කල හැක. ක්‍රි.ව. 1521 දී බිහිවූ සීතාවක යුගයේදී 18 රියන් සැතපෙන පිලිමය මෙන්ම වඩු හත් රියන් විෂ්ණු දේව ප්‍රථිමාව ඇතුලු ප්‍රථිමා රාශියක් ආදිය කරවා සිතුවමින් හා කැටයමින් විසිතුරු කරන්නට මෙන්ම ගම් බිම් ‍රැසක් විහාරය වෙතට පූජා කරවන්නට මෙම රාජධානියේ අනුග්‍රහය ලැනෙන්නට ඇත.

Gallery

Map

හකුරුගල රජමහා විහාරය ( Hakurugala Rajamaha Viharaya )

හකුරුගල විහාරස්ථානය වලගම්බා රජ දවස දක්වා දිවෙන අතිතයක සටහන් වලින් ගැවස ගත් ඓතිහාසික මෙන්ම ආගමික පමනක්ම නොව ස්වාභාවික වටිනාකම් වලින් පුරුනු පුද බිමකි. මෙහි එක් කෙරවලකින් ගලා බසින දියදහර මේ පුදබිම වෙත ගෙනෙන්නේ මනහර විසිතුරු බවකි. සමහර හදාරන්නන්හට අනූව මෙහි ජලය වඩාත් ඛනිජ බවින් වැඩි ඒවා බවටද මතයක් වේ. විහාරස්ථානයට පසුබිමෙන් වන විශාල ගල් කුළු වලින් ගැවසගත් කඳුයාය සොබා දහමේ අපූරු බව මෙන්ම ඓතිහාසිකව රජදවස නෙක සිදුවීම් රාශියක නෑකම් ඇති බව කියවෙන ජනංප්‍රවාද රාශියකි. ගලින් නිමැවුනු පොකුනක් මෙන්ම බිසෝ පැන්න ගල ලෙසට නම් වන ස්ථාන ඒ අතර වේ,
කටාරම් කෙටූ ගල්ලෙන තුලවන විහාරස්ථානයේ 18 රියන් සැතපෙන බුදු පිලිමයක් මෙන්ම විහාරයේ බිත්ති අලංකාර සිතුවම් වලින් මෙන්ම තවත් අංග රාශියකින් සමන්විතය. හදාරන්නන්ට අනූව වලගම්බා රජ දවසින් පසුව 1811 දී මත්තමගොඩ දිසාව විසින් මෙම ස්ථානය ප්‍රථිසංස්කරනය කල බවක් කියවේ, එසේම මෙම අපූරුනාමය ගැන කියවෙන කථාවකට අනූව ප්‍රදේශයේ දරුවන්ට අකුරුකරවන්නට මූලික වූ විහාරයක්වූ නිසා මෙම නම ලද බවටද කියවේ.

අලගියවන්න මුකවෙටිතුමා ( ALAGIYAWANNA MUKAWETTI)

     සීතාවක යුගය සාහිත්‍ය, කලා කටයුතු අතර එතරම්ම දිදුලන තැනක් හිමි නොකර ගන්නට නිරන්තරයෙන් වූ කලබල කාරිත්වය බල පාන්නට ඇත. ආරක්ශාව හා සතුරා මැඬලිමට වැඩි අවධානයක් නිරන්තරයෙන් යොදන්නට වීම හේතුව වන්නට ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ සැවුල් සංදේශය, කුස ජාතක කාව්‍ය, සුබාශිතය, තීතිසාරය, පරන්ගි හටන වැනි සාහිත්‍ය සටහන් කල දක්ෂතම පඬිවරයෙක් වූ වර්තමාන කිරිඳිවැලට නුදුරුහිස්වැල්ල ගමේ එවකට ප්‍රධානියා වූ ධර්මද්වජ පඬිතුමාගේ පුත් රුවණ වූ පසුව රජවාසලේ මුකවෙට්ටි තනතුර සමග අලගියවන්න මුකවැටිතුමාව සීතාවක යුගයේ සාහිත්‍ය කටයුතු වලදී කැපී පෙනෙන බවයි.
රාජසිංහ රජු කාලයෙන් පසුව පෘතුගීසීන්ට එකතුව කිතු දහමද වැලද ගන්නට මෙතුමා කටයුතු කර ඇති අතර ලෙල්ලුපිටියේ හටන වැනි සාහිත්‍ය සටහන් තබන්නට මෙන්ම පෘතුගීසී ප්‍රදේශවල පුද්ගලයන් හා ඉඩකඩම් පිලිබදව ‍තෝම්බු සටහන් තබන්නටද කටයුතු කලබවට සටහන් වේ. පසුව ලන්දේසීන් සමගද එකතුව ‍තෝම්බු ලිවීම වැනි කටයුතු කල අතර සමස්තයක් ලෙසට සැලකීමේදී සීතාවක යුගයේ සාහිත්‍ය කටයුතු අතර දිදුලන නාමයක් ලෙසට සටහන් වන්නට මෙතුමාට හැකිවීම හදාරන්නන්ගේ පිලි ගැනීමකි.
Posted in History | Leave a reply

සීතාවක යුගයේ ජන සංස්කෘතිය -5-

ගෘහ නිර්මාන ශිල්පය-
සීතාව්කා ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ වත ගොත සොයන විට අවස්ථා තුනකට අයත් නිදර්ශන ඉදිරිපත් කල හැකිය. ප්‍රථම අවස්ථාව තිඹිරිපොල රජලෙනයි. ස්වාභාවික ගල්ලෙන පිරිසිදුකර, ඇතුලට වතුර ගලා ඒම නැවැත්වීමට කටාරම් කොටා ඝන බිත්ති බැඳ ඇතැම් තැනකට ලී වහලක්ද යොදා භින්ෂූන්ගේ ප්‍රයෝජනය සදහා සඝ සතු කොට පුදා ඇත. මානියම්ගම විහාරය දෙවන අවථාවයි. මෙය ක්‍රමවත්ව ගොඩ නගා තිබුනකි. ආරම්භය වලගම්බා අවදියට අයත්ය. මහනුවර ක්‍රීර්ති ශ්‍රී රාජසිංහ අවධියේදී පිලිසකර කර ඇත. ප්‍රථිමා ගෘහයේ ඇතුල් කාඹරයත් ආලින්දයත් වෙන්වී ඇත්තේ ඝන බිත්තියකිනි. පහලදී බිත්තිය අඩි 6ක් පමන ඝනයය. බිත්තිය හරහා ඇතුල්මාලයට ඇතුල් වීමට දොර‍ටු දෙකකි. ඒවායේ උඩ අර්ධ වෘතකාරය. ඝන දොර පියන් ඇත. ආලින්දයේ ඉහල සොල්දර තට්‍ටුව් අමත පොත්ගුලයි. සංඝාවාසයද ගල්ලෙන යටම වේ. වතුර සපයන උල්පත් ලිඳද ගලයට වේ. පෘතිකා ගෘහයට උඩ පත්තේ පිටතින් කතරගම දේවාලයයි. විෂ්ණු දෙවියන්ට පූජා පැවත්වෙන්නේ ප්‍රථිමා ගෘහය ඇතුලේය.
සීතවක ගෘහ නිර්මාණය පිලිබඳ තෙවන අවස්ථාව බෛරන්ඩි කෝවිලයි. අඩි 120ක් පමන දිග , අඩි 95ක් පලල, අඩි 10ක් පමන උස් වූ පදනමක් මත සලපතර මළුවකි. එහි මැද අඩි 33ක් පමන දිග අඩි 25ක් පලල තවත් අඩි 6ක් පමන උස පදනමක් මත දේවාලයයි. දේවාල කඹරය අඩි 15ක් අඟල් 9, දිග හා පලල සම චතුරශ්‍රයකි.
මනියම්ගම බන්ඩාර වත්තේ පිහිටි රාජසිංහ මාලිගයේ මෙබඳු ක්‍රමවත් ශිල්පීය ක්‍රම තිබුනු බවට කිසිවල් ඉතිරව නැත. එබඳු ගොඩනැගිල්ලක් කරවීමට තරම් මායදුන්නේට වත්, ටිකිරි බන්ඩාරටවත් විවේකී චින්තනයක් නොවීය. බෛරන්ඩි දෙවොල රාජසිංහ අවධියට වඩා පැරනි බව පෙනෙන්නේ මාලිගය සමග සැසදීමෙනි. කෝවිල් පදනම මේ දක්නට ලැබෙන සුවිශේෂ සියුම් ශිල්පීය ක්‍රම ජ්‍යාමිතික දැනීම පොලොන්නරුවේ නටබුන් හා සසදා බලන ලෙස වියතුන්ට ආරාධනා කරමි.
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply

දෙවන රාජසිංහ රජතුමන් හට… Deraniyagala

දෙවන රාජසිංහ රජතුමන් හට අපූරු සිහිනයක් පෙනිනි. සුදු හැඳ ගත් සෞම්‍ය වූ අසිරිමත් තැනැත්තෙකු පැමින හොරගස කඩා වැටී ඇති හරස් මග ස්ථානයේ රමණීය කඳු මුදුනක් පෙනෙන්නට සැල්ස්විමයි. පපුදාම ක්‍රියාත්මක වූ රජතුමා දෛවඥයින් කැඳවා විමසීමේදී පැහැදිලි කර සිටින ලද්දේ අන් කවරෙකු නොව මතු ලොව්තුරා බුදු බව පතන උතුම් ශ්‍රී සුමණ සමන් දිව්‍ය රාජයා බවත් පෝන්වා දුන් සුදුසු ස්ථානයේදී උන්වහන්සේ සදහා මනරම් වූ දේවාලයක් තන්වා දීම අවශ්‍ය බවත්ය. අණ බෙර කරුවන් ලවා මෙවන් ස්ථානයක් සදහා තොරතුරු විමසීමට රජු ක්‍රියාකරන ලද අතර දැන ගත් තොරතුරු වලට අනූව මෙම රමණීය ස්ථානය වෙතට පිරිවරින් පැමිනි රජතුමා දේවාලයක් තනවන ලදී. පවතින ව්‍යවජ්හාරයට අනූව ශ්‍රී සුමණ සමන් රජයා හී සැරයක් එවා හොර ගස මගින් ගඟ අවහිර කල බවත් එමගින් වත් හිමි කුමාරයා පලවා හරින ලද බවටත් කියවේ. අදටත් සීතාවක ගඟ ක්ශනිකව වෙනස් වන ස්වභාවයේ වන බව කියවේ. 
මෙයින් පසුව දෙවන රාජසිංහ රජුන්ගේ අන පරිදි රාජකාරී පෙල ගැසුනු බවත් ගම්වර 48ක් නම් කොට ගමවර ලට නියම රාජකාරී පවරන ලදී. එම ඉඩම් භුක්ති විඳිමින් තම රාජකාරී කිරීම ඔවුන්ගේ වගකීම වේ. නොවැම්බර් 4 දරන ආඥාපණත වැඩ ලේඛන පොතෙනි රජතුමාගේ නියමයෙන් ලිඛිත සටහනක් බවට සැලකේ. දෙවණ රාජසිංහ රජතුමන්ගේ අන පරිදි නානුමුර මංගල්යය ඇරබුනු බවට පිලිගැනේ. 1586දී ආරම්භ කරන ලද පෙර හැර සැම වර්ෂයකම ඇසල මාසයේ සුදුසු හෝරා අනූව පවත්වනු ලබයි.ආගම් භේදයකින් තොරව මෙම මංගල්යය පවත්වන බවත් කියවේ. දේවාලයේ වාර්ෂික ඇසල මහා පෙරහැර වසරේ අගෝස්තු මාසයේ 2-8 දා දක්වා පැවැත්වෙන අතර 8 වෙනිදා රාත්‍රියේ අවසාන පෙරහැර වීථි සංචාරය කෙරේ. https://deraniyagala.com

Posted in Deraniyagala, History |

Deraniyagala – වත් හිමි කුමාරයා

මෙම භූමිභාගය පිලිබඳව වන තවත් අතීත පුවතකින් කියවෙන්නේ “ඔල්” නම් ක්‍රිතියානි පූජක වරයෙක් මෙම සීතාවක ගංතෙර වන රමණීය භූමිභාගය වෙත ලොල් වී නවාතැන් ගත් බවත්, කිතු දහම පැතිරවීම සදහා එහි නවතැන් ගත් බවත්ය. එතුමන් දේවස්ථානයක් ඉදිකරගෙන තම කටයුතු කරමින් සිටින අතර තුර ප්‍රදේශයේ වූ වස්තු සම්භාරයක් ‍රැස්කරගත් බවටත් කියවේ. ඒවා තර රන්, රිදී , මුතු මැණික් ද වූ බවට කියවේ. මෙම කාලවකවානුවේදී සබරගමුවෙන් බිහිවූ දාමරික තැනැත්තෙක් තම පිරිස් බලයද යොදවා ඉහත කී වස්තු සම්භාරය පැහැර ගන්නට කටයුතු කල බවත් ඒ සමගම ඔහුව වස්තු හිමි කුමාරයා ලෙසටත් පසුව වත්හිමි කුමාරයා ලෙසටද නම් වෙමින් පසුව රාජ සභාවක් පිහිටවා ගනිමින් කටයුතු කල බව කියවේ. ඔහු එසේ කරන ලද්දේ ප්‍රදේ ශයේ විසූ සාමකාමී බෞද්ධ ජනතාවගේ යහපතට බවට පිලිගැනෙන අතර ඔහු සමග සමීප ඇසුරක් තිබුනු මනා දැනුමකින් හෙබි “දෙරණගල” ගණිතයා නම් දෛවඥයෙකු සිටිබවට කියවේ. තොරතුරු වැඩිදුරටත් පවසන්නේ මෙම ගනිතයා විසින් ප්‍රකාශ කල අනාවැයක් වූ බවත් එය ශක වර්ෂ 1580 වෙසක් පුන් පොහොයදා රජුගේ මාලිගය අසලින් ගලා බස්නා රමණීය නඳිය ප්‍රචණ්ඩත්වයට පත්ව රජුගේ මාලිගය යටවන බවත් මෙයට හේතු වශයෙන් ගනිතයා කියා ඇත්තේ සීතාවක නදිය හරහා බොතොට පිහිටි විශාල වූ හොරගස කඩා වැටී ගඟ උඩුගම් හැරී ඇතිවන ගංවතුරින් මෙම හානිය වන බවයි. උස් බිමක පිහිටි මාලිගය ගංවතුරෙන් යට වන බව ඇසූ වත්හිමි කුමාරයා කෝපට පත්ව එම ප්‍රකාශිත වෙලාවට මෙවැනි දෙයක් සිදුවන තෙක් රාජකීය දෛවඥයා බංඩාරවත්තේ දඩු කඳේ ගැසීමට රජ අන කරල බවත් කියවේ.ගනිතය බැගෑපත් වී බංඩාරවත්ත නම් ස්ථානය පහත් බිමක් බැවින් දඩු කඳේ ගසන්නේ නම් උස් බිමකදී එය කරන ලෙස බැගෑපත් වන ලදී. එය එසේ ඉ‍ටුවිය. උඩහේන් කන්ඳ ප්‍රදේශයේ ඔහුව දඩුවමට පමුනවන ලද බව කියවේ. නියමිත කාලයේදී සැලකර තිබූ අනතුර සිදුවූ අතර රජතුමා රහසින් ජල යාත්‍රාවක් තනා ගෙන තිබූ බවත් එමයාත්‍රාව තන අගැනීම සත්ව හම් ලබා ගත් ප්‍රදේශය “හම්බානාවල” ලෙසට නම් වූ බවත් සටහන් වේ. එම ජල අනතුරින් ගැලවීම සදහා වත්හිමි කුමාරයා රජ බිසවත් සමග පලාදෙනිය ඔය හරහා බේරී ගොස් රාජු ගලට ලගාවන ලදී. මෙම පලා ගිය ඔය අදට පාලාදෙනි ඔය ලෙසට ව්‍යවහාර වන බව කියවේ.අදටත් රාජුගල ලෙසට ව්‍යවහාර වන ප්‍රදේශයක් වේ. 
හැකිතරම් වස්තුවද ‍රැන ගිය මෙම වත් හිමි කුමාරයා එම වස්තුව රාජුරුවාගල පිහිටි වලක තැන්පත් කල බවත් එකැස් පුද්ගලයෙක් බිලීදී බහිරව තනතුරට පත් කල බවත් කිය වෙන අතර පැ‍රැන්නන් පවසන්නේ එම වල ආශ්‍රිතව රත්තරන් ‍තෝඩු දාගත් මාලිවෙකු වර්ෂයකට වරක් එහි දක්නට ලැබෙන බවත් කියවේ. මෙම වල දැක ගන්නට නැවත වරක් එම ස්ථානයට් ගිය විටකදී පොලගෙගු ඔහුට දෂ්ඨ කල බවත් රජතුමා රත්න පුර ප්‍රදේ ශය සේන්දු වූ බවත් සිරුර ප්[උරා තුවාලව සිටි රජතුමා සිටි එම ප්‍රදේශය කෂ්ට පිටිය නැතිනම් කට්ටා පිටිය ලෙසට අදටද නම්ව තිබේ. පැල්මඩුල්ල ලෙසට පසුව නම් වූ පැල්වාඩිය ප්‍රදේශය දක්වා රජු ගිය බවත් එහිදී පැලකදී අසරනව රජ මිය ගිය බවත් කියවේ.

සීතාවක රාජසිංහ ( Seethawaka Rajasinghe )

ක්‍රි.ව. 1412- 1467 වකවානුවේ ඒකීය රාජ්‍යයක් වූ කෝට්ටේ බෙදී යාම නිසා 16 වන සිය වසේදී සීතාවක රාජධානිය බිහි විය. යාපා ප‍ටුන – කොලොන්තොට හැර අනෙක් ප්‍රදේශ සීතාවක නිසා ගිනියම් විය.
මායා දුන්නේ රජ – කැලිකට් හි – සැමොරින් “මොසල්මානුවරුන්ගේ” උපකාරයෙන් සතර කෝරලේ – තුන් කෝරලේ – දෙවන – කුරුවිට කෝරලය හා හේවාගම් කෝරලය තුළ අනසක පතුරා ඔහුගේ ඇවෑමෙන් ටිකිරි කුමරු රාජසිංහ සම්ප්‍රාප්තිය සිදුවිය. මේ කුමරුගේ ප්‍රසූතියදා පරංගි කො‍ටුවේ බැමි පුපුරා ගියේලු.
“කු‍තෝක්වෙරෝස්, ස්පිලිබර්ජන්, බාල්දියෙස්, පර්ගසන්” වැනි යුරෝපීය ලේඛකයෝ කුමරුගේ සහජාත, අවජාතභාවය ගැන විග්‍රහ කර ඇතත් “මන්දාම් පුර පුවත” කෘතියෙහි සාක්ෂීන් අනූව ටිකිරි කුමරු මායාදුන්නෙගේ සහජාත පුත්‍රයෙකි . ඔබටදා උපනා – තෙදයැයි බෙලෙන් දිලිනා දම් සිප් දැනෙනා – මෙකල රජෙකි බවෙකි හොබනා” එහි එන මෙකවිය ඊට සාක්ෂිවේ.
“රාජාවලිය- අලකේශ්වර යුද්ධය” කෘතීන්ට අනූව රාජසිංහ තුළ යක්ෂ මායම් බලවේග, ද්වාත්මක බලය, දේවාත්මක බලය, මනෝප්‍රභවය, මිනිස්කම අභිබවා ක්‍රියා කිරීම හා අද්විතීය ශාරීරික මානසික බලයක් ආරෝපණය වී තිබීම හා උත්පත්ති වාසනා ගුනය තිබී ඇත.
දශ්මා කඩු ශිල්පය ප්‍රගුණ කොට යුගාන්ත මාරුතය විනිවිදව යන අසරුවකු ලෙස රණකාමී යුද්ධයේ කෙළ පැමිණියෙකු ලෙස රාසිං නම් දැරීය. ” සැවුල් සංදේශයේ අලගියවන්න මුකවෙටිතුමා ඒ ගැන මෙසේ වර්ණාකරයි.
සොබන නකුල සරඹ දත් මෙහිමි ගෙන තට
ලෙසට විදුලි ලෙළවන රිසිනි අසු පිට
දෙපිට සිය දහස් වර වීදිය පිට පිට
මොහුට ඉන්සරි කවුරුද කගක පිට
රාජසිංහ රජු ශිව භක්තිකයෙකි. එනිසා බුදු සසුනට වෛර කළේය. ශාසනය වැනසුවේය. ශ්‍රමණධාරීන් කණාමැදිරි වලේ හැට ඈදුත්තක් ගිල්වා මරා දැමුවෝය. පීතා ඝාතකයෙකි. කෲර පාලකයෙකි. යන අදහස් ඔහුගේ සතුරන් පතුරවා හරි කටකථා වන්නට පුළුවන.
ටිකිරි කුමරුගේ පළමු සටන “අළුත් නුවර” මුල් කරගෙන වීදීය බණ්ඩාරට එරෙහිව සිදුවිය. දොන් ජුවන් ධර්මපාල , පෘතුගීසි , කන්ද උඩරට පෙරමුණු තුනට එරෙහිව එක්වර සටන් කරන විට ඔහුගේ වයස අවුරුදු 11-12-13 විය. රටේ එකීය භාවය ඉහළින්ම ඇති කළ පාලකයෙකි.
රාජ සිංහ රජුගේ දේශපාලනමය, සමාජමය පැත්ත බැලීය යුතුව ඇත. ජීවිත කාලයම යුද්ධයට කැපවීම නිසා ධර්මයට, කලාවට , ලේඛණ කලාවට කාලයක් තිබී නැත.නමුත් තල්දූවේ මුස්ලිම් පරම් පරාවලට “වෙදනම්බුනාම දී” ජාතිවාදී හැගීම් නොතිබුනු බව ඔප්පුකර ඇත. දෙල්ගමුවේ වැඩසිටි දළඳා හාමුදුරුවන්ට සිරිත් විරිත් ප්‍රකාර පෙරහැර පවත්වාද , සමන් දේවාලය ඉඩම් පිරිනමාද , අගමික හැගීම් පෙන්වාදී ඇත. සබරගමුව කන්ද උඩරට-කොළඹ සිට දිවෙන මාර්ගයේ කේද්‍ර කරගෙන වූ “සීතාවක” ආර්ථිකයේ මිශ්‍ර වෙළඳ රටාවන කෝපි- රබර්- කරදමුන්ගු- මැණික් – අලි ඇතුන් සරුවට තිබී ඇත. කැළණි නදී නිම්නය ආශ්‍රිතව සරු කෙත්වතු මගින් කෘෂිකර්මාන්තය නගා සිටවා ඇත. ඒ සදහා කුඩා වැව් තැනූ ඒවායේ නටබුන් අදත් ගැටහැත්ත- මානියම්ගම -පින්නපොල – ඇස්වත්ත-පෙතන්ගොඩදී දැක ගත හැක. පශු පාලනයද මැනවින් සිදුවී ඇත. කෘෂිකර්මන්තයේ මල් ඵල දැරූ “ඓතිහාසික මනියම්ගම කරල් පෙරහැර” අදද වාර්ෂිකව සිදුවේ. සීතාවක යුගය සාහිත්‍ය කලාවට අදුරු යුගයක් බව කීවත් මානියම්ගම වැඩ විසූ සිටිනා මලුවේ ධම්මපාල හිමි, හිස්වැල්ලේ ධර්මද්වජ පඬිතුමා , අලගියවන්න මුකවැටි තුමා ඒ සමයේ ප්‍රවීන ලේඛකයන් වූ අතර සැවොල් සංදේශය, කුසදාවක, සුභාෂිතය , මුණිගුණරත්න මාලාව ඔවුන් අතින් ලියවුන ඉහල පෙළේ කෘතීන්ය.

Posted in History | Leave a reply

අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් – මාන්නප්පෙරුම මොහොට්ටි ජයවීර බණ්ඩාර -3-

අවුරුදු 450 පමන කාලයක් තුල ජනවහරෙහි එන මේ කවි කාලයත් සමග වෙනස් වෙන්නට ඇතුවාට සැක නැත. පද සතරට පසුව කියන “ආඬි ගොල්ල එක එකටයි- කොක්කනම් පයිය වෙන වෙමයි” යනුවෙන් කියන ධ්‍රව පදය නැතිවද මේ කවිය ජනවහරේ පවතී. එහෙත් රාජාවලිය කියන වෙන පද කොක්ක නම් කියා යන පඨය හා කොතෙක් දුරට මේ ධ්‍රර පදය ගැල පේදැයි සිතා බලන්න. රාජකපුරු හෙට්ටියා-ඇස්ස සිඟා කාපු වෙදා- රන්තැටියේ පුදා තියා-අළුත් ගෙනා මනමාලී වැනි පද කොතරම් දුරට මානප්පෙරුම මොහොට්ටිගේ අතීත ජීවිතය හා සැසදේ දැයි බලන්න.
මේ සිව් පද ඇසීමෙන් ලැජ්ජවාට පත්වී ගමත් එපා වූ මාන්නප්පෙරුම මොහොට්ටී ගිරා ඉඹුලේ සිට රහසේම අඟුලක නැගී කඩුවෙලට ගොස් කෝට්ටේ ධර්මපාල රජු හමුවිය. බොහෝ කාලයක් සීතාවක රජ්‍ය ජයගැනීමට උත්සාහයක යෙදී සිටි ධර්මපාල රජු හා පෘතුගීසී සේනාව මාන්නප්පෙරුම් මොහොට්ටාල සාදරයෙන් පිලිගෙන “ජයවීර බණ්ඩර” යන පට බැඳි නාමයෙන් පුදනු ලැබීය. මෙතැන් සිට ඔවුහු හැඳින්වූවේ ජයවීර බණ්ඩාර යන නමිනි.
ජයවීර බණ්ඩාරගේ උදවු ඇතිව තෙමසක් පමන වු කෙටි කාලයකදී ධර්මපාල රජුට සීතාවක ජය ගැනීම හැකි විය. ඊලගට ඔහුගේ ඉලක්කය වූයේ කන්ඳ උඩරට ජය ගැනීමයි. ධර්මපල ජයවීර බභ්ඩර හ ප්‍රතිකාල් අනදෙන නිලධාරී යන අයගෙ හමුදාවෝ උඩරට ජය ගැනීමට පිටත් වී “දන්තුරේ” වෙන වෙන්ම වාඩිලා ගත්හ. හමුදාව ප්‍රබල බව දැනගත් උඩරට විමල ධර්ම සූරිය රජු උපායෙන් ජය ගැනීමට කල්පනා කලේය.
හෙට ඉර මුදුන් වීමට පෙර පරංගි හමුදාව අල්ලා දෙනු. පාතරට මම රජකම් කර උඩරටට කප්පං දෙමි. යනු පනිවිඬය ජයවීර බණ්ඩාර විසින් විමලධර්ම සූරිය රජුට ලියන ආකරයට ලියා හේවයෙකු අතට දී පරංගි වාඩිය මැදින් යන්නට සලස්වන ලදී. පරංගි හමුදාවට අසුවූ හේවායා අත තිබූ තල්පත කියවා බලා දුරදිග නොබලා ජයවීර බණ්ඩාර මරන ලදී.
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply