Back to Top

Category: History

වික්‍රමසිංහ සෙනවිතුමා…

    හදාරන්නන් පෙන්වා දෙන්නේ වික්‍රමසිංහ සෙනවිතුමා යනු සිතාවක රාජධානියේ වඩාත් දිදුලන නමක් හිමිකරගත් සේනාධිපතිතුමෙකු වන බවය. මෙතුමක් කෝට්ටේ මෙන්ම පෘතුගීසීන්ට එරෙහිව වූ බොහෝ සටන් වලදී සීතාවක වෙතට ජය ‍රැගෙ එන්නට සමත් දක්ශතාවයක් පෙන්වූ වෙකු ලෙසටයි සැකකෙන්නේ. වරක් සීතාවකට එරෙහිවූ විදිය බන්ඩාර මැඬලීමට පැලඳ නුවරට සේනාව සමග  යන්නට මෙතුමන් කටයුතු කල අතර තවත් වරක මාතොට දිසාව යටත් කරගන්නටද මෙතුමන් කටයුතු කර ඇති බව පෙන්වා දේ. එසේම කොලඹ කො‍ටුව වැටලීමට මෙන්ම මුල්ලේරියා සටන් වලදීද මෙතුමන් අතින් ඉමහත් කාර්යභාරයක් ඉ‍ටුවූ බව ඉතිහාසය පවසන බව ඔවුන්ගේ මතයයි.

Posted in History | Leave a reply

සීතාවක රාජධානියේ දළඳා වහන්සේද වැඩසිටි බවට….

     හදාරන්නන් පෙන්වා දෙන්නේ වර්තමානයේ සෝමාරමයට යාබදව වන කඳු මුදුනත තාවකාලිකව දළඳා සමිදුන් වැඩ සිටි ප්‍රදේශයක් වන බවයි. කෝට්ටේ රාජධානිය වෙතට එල්ලවන සතුරු කරදර නිසා හිරිපිටිය දියවඩන නිලමේ විසින් රහසිතව සීතාවක රාජධානියට වැඩම කර මායාදුන්නේ රජතුමාට දළඳ වහන්සේ භාරකල බවත් අදත් මෙම උස් බිම මළුව පිටවත්ත ලෙසට ව්‍යවහාරවන බවත් ඔවුන් පෙන්වා දෙයි. වර්ථමනයේ මෙහි කිසිදු පෙර සලකුනක් ඉතිරිව නැති මුත් අනුරාධපුර යුගයේ සිටම දළඳා වහන්සේගේ තේවාවන් සදහා රාජකාරී නියමවූ පිරිස ගණ වැසියන් ලෙසට නම් වන බවත් ඔවුන් පදිංචිව සෛටින ප්‍රදේශය ගන පංතිය ලෙසට හැඳින්වූ බවත් අදද තල්දූව සතිපොල ආසන්නයේ වන භූමිභාගයක් ගණ පංතිය ලෙසට හැදින් වෙන බවටත් පෙන්වා දේ. පැරන්නන්ගේ මතක සටහන් අනූව 1940 පමන වනතෙක්ම මෙම ප්‍රදේශයේ පැරනි නටබුන් තිබුනු බවට එම හදාරන්නන් වැඩි දුරටත් පෙන්වා දෙන්නට කටයුතු කරයි.

දේවත්වය මෙන්ම යක්ෂත්වයද සීතාවක ඉතිහාස කථාවේ වේ…

      දේවත්වය මෙන්ම යක්ෂත්වය සමහර විටක මිනිස් ස්වභාවයන්ගේම උපරිමයන් උලුප්පාලන්නට භාවිතවන වදන් විය හැක. තවත් විටක මිනිසුන්ට වඩා සූක්ශම සිරුරක් දරන මිනිස් සීමාවන් ඉක්මවා යන හැකියාවන් ඇති වඩාත් ඉහල හෝ පහල ජීවයක්ද විය හැක. සත්‍ය කෙසේ වුවද අතීතයේ පටන් මෙම දේවත්වයන් ගෙන් මෙන්ම යක්ෂත්වයන්ගෙන් පුරාන සිදුවීම් ආශ්‍රිත වී ඇත. මැදගොඩ සත්පත්තිනි මෙන්ම කඹුලුමුල්ල දේවාලයන් ආශ්‍රිතව “ගනේගොඩ” දේවත්වයක් නිතර සදහන් වේ. මෙම දේවත්වයට පෙර එම ආත්මය යක්ෂත්මයක්ද දරමින් සිටි බවට අතීත සටහන් විස්තර කර දේ. සීතාවක රාජ සිංරජු මරනයෙන් පසුව මෙම දේවාත්වයට පත්වූ බවට මෙම සටහන් පවසයි. වරක් කෝට්ටේ සත්වන බුවනෙකභාහු රජතුමන්ගේ අග බිසවට මෙම රාජ සිංහ රජුගේ දේවාත්මට පෙර වූ යක්ෂාත්මය වැසුනු බවත් යන්ත්‍ර, මන්ත්‍ර දන්නා හිමිනකගේ පිහිටෙන් එම උවදුරෙන් මිදුනු බවත් සදහන් වන අතර පසුව මායාදුන්නේ රජතුමන්ගේ අග බිසවටද මෙම යක්ෂාරූඩය පැමිනි බවත් පෙර කී භික්ෂුව ඇයවද එම උවදුරෙන් ගලවා ගන්නට කටයුතු කල නිසා එම යක්ෂ ආත්මය මායා දුන්න අග බිසවගේ කුසෙහි දරුවෙකු ලෙසට පිලිසුඳ ගත් බවටත් කියවේ. මෙසේ උපන් එම දරුවා “ටිකිරි රජ්ජුරු” නමින් බන්ඩාර නම්වූ අතර රාජසිංහ රජු සතුවූ මේ අසාමාන්‍ය බලය මෙම යක්ෂ මායාමය බලය හැටියටත් සමහරුන් අර්ථ දක්වන්නට පෙලබේ. පසුකාලීනව සිදුවූවායි සැලකෙන සංඝයාවහන්සේ පන්සිය නමක් “කනා මැදිරි වලේ” ගිල්වා දැමීමට මෙමද මෙම වෛරය බලපෑ බවට එම ජනවහර පැහැදිලි කර දේ.

Posted in History | Leave a reply

“භේරුණ්ඩ” පක්ෂියා…

          භේරුණ්ඩ පක්ෂියා තුන් කෝරල කොඩියේ ප්‍රධාන සංකේතය වේ. විටක සංකල්පයක්ද විය හැකි මෙම සංකේතය පිලිබදව ජනවහරේ එන එක් පැහැදිලි කිරීමක් අපූව බවක් ගනු පෙනේ. සීතාවක රාජධානියට ආරක්ශාව සැලසෙන මුරපොලක් මානියම්ගම කඳු වැටියේ පිහිටි අතර එහි සේවය කල භටයෙකු කිහිපවරක්ම විශාල ප්‍රමානයේ මාලුවන්ගේ කඳ කොටස් ඇතුලු ඔවුන්ගේ දිරා ගිය ඇටක‍ටු ගොඩවල් විසිර තිබෙනු දැක ඒ පිලිබදව විමසිලි මත්ව සිටීමේදී දැක ඇත්තේ විශාල පක්ෂියෙකු පියබා යනෙන බවකි. එම පක්ෂියා විසින් ගෙනෙන විශාල මසුන්ගේ ඔලුව පමනක් කා දමා ඉතිරි කොටස් පහලට හෙලන බවට දු‍ටු නිරීක්ශනය රජතුමා වෙතට සැලකල සිටියහ. ලත් තොරතුරු ගැන සතුටට පත්වන රජිදුන් එම තොරතුරු සැපයූ අයවෙතට “ගල බලන්නා” පට බැඳි නාමයක් ප්‍රධානය කල බවට හා අදත් ඒ අසල වන “ගලබත” ග්‍රාමයෙහි එයින්පැවත එන්නන් සිටින බවට තොරතුරු හෙලිවේ.
රජතුමාහට මෙම කුරුලු පැටවෙකු ලබා ගැනීමේ කැමැත්ත අනූව ගලබලන්නා විශාල යකඩ කූඩුවක් ගෙන ගොස් එම පක්ෂියා පිටතට ගිය පසුව අයෙකු ඇතුලු කොට කුඩා කුරුලු පැටවෙකු ගත් බවත්, එම කුරුලු පැටවා කලක් රජවාසලේ වෙසීමේදී හීලෑවී හැදුනු වැඩුනු අතර වරක් ශක්තිමත් මුවෙකු දඩමට උත්සාක කරන විටකදී මුවාව තම නියෙකි පටලවා ගෙන අනෙක් පාදය ගසක පටලා ගෙන එඩිය මඩින්නට උත්සාහ කිරීමේදී ඉරී දෙපලු වී ගිය බවත් රජතුමන් මහත් ප්‍රියකල මෙම පක්ෂියාගේ වියෝව වෙනුවෙන් එම “භේරුණ්ඩ” පක්ෂියා ගේ සංකේතය තුන් කෝරලයේ කොඩියට එක්කල බවට ප්‍රකාශවේ.

Posted in History | Leave a reply

“අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල්” නාමය සීතාවත ඉතිහාස කථාවේ…

     “අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල්” නාමය සීතාවත ඉතිහාස කථාවේ නිතරම සදහන් වනු පෙනේ. වංශවත් පෙරුමාල් හත් කට්‍ටුවක් ලංකාවට පැමින සාමානය ජන ජීවිතය සමග මිශ්‍ර වූ බවට සදහන් වන අතර ඔවුන් සීතාවක රාජසිංහ රජතුන් වෙතටද විශාල මැදිහත් වීමක් කල චරිතයන් ලෙසට ඉතිහාස සාක්ෂි වේ. ඔවුනගේ රණ ශූරත්වයත් සමග මෙම බැදියාව වඩාත් ශක්තිමත් වූ අතර ශිව ආගමට සිතාවක ඉතිහාසය සඩාත් සමීකරවන්නටද එම සම්බන්දය බලපාන්නට ඇති බව විද්වතුන්ගේ මතයකි. රාජසිංහ රජුගේ මරනින් පසුව රාජත්වය ලැබූ “රාජ සූර්ය” කුමාරයා එම මරනයටද සම්බන්ද බවට සැක කරන ලද අතර ඔහු වෙතට නෙක ආකාරයේ විරෝධතා නිරන්තරයෙන් විනැයි සදහන්ය. මෙම කුමරු රජ කම ලැබීමෙන් පසුව මානියම්ගමට ගෙනැතිත් නවත්වන ලද දොඩම්පේ හහීයාගේ දියනිය රහසින් හමුවන්නට මානියම්ගම්,අට යන්නට පුරුද්දක් කර ගෙන සිටින අතර පෙර කී මනම්පේරි නොහොත් පෙරුමාල් සැගව සිට ඔහුව මරා දැමූ බවත් සඳහන් වේ. අනතුරුව රජකම පුරප්පාඩුව පිරවීම භාර වූවේ බොසෝ බන්ඩාර පුත්‍ර නිකපිටිය බන්ඩාරටය. බිසෝ බන්ඩාර හා මනම්පේරි අමනප වන ලද්දේ ඇගෙ දියනියක සරනපාවා ගන්නට කල යෝජනාවකින් අනතුරුව යැයිද පසුව පලා ගිය මනම්පේරි “ජයවීර බන්ඩාර” නමින් පෘතුගීසීන්ට හා ධර්මපාල රජුට එක්වූ බවටත් අතීතයේ සදහන්ය,

Posted in History | Leave a reply

ලංකාව වෙතට කිතුදහම මුල්න්ම පැමිනීම ප්‍රාග් පෘතුගීසී යුගයේදී???

      සෙනරත් පරනවිතාන ශූරීන් ගේ “The Story of Sigiri” උපුටා දක්වන හදාරන්නන් යෝජනා කරන්නේ කිතු දහම ලක්දිව පැතිරයාම අනුරාධපුර යුගයේ සීගිරි රාජධානිය සමයෙහි පවා ශිලා ලේඛනවල වන සටහන් සමග පිලිගත හැකි බවකි. සාමාන්‍යයෙන් පිලිගැනීම වන්නේ පෘතුගීසීන්ගේ පැමිනීමත් සමග ලක්දිවෙහි කිතුදහම පැතිරීම සිදුවී යැයි උවද ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ බටහිර ජාතීන් කිතුදහම හඳුනා ගන්නට පෙර සිට ලාංකාවෙහි මෙම දහම පැතිරීම සිදුව ඇති බවකි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ජේසු සමිඳුන්ගේ ගෝලයන් 12 දෙනා අතරින් ශාන්ත ‍තෝමස් තුමන් ඉන්දියාව වෙතට ක්‍රි.ව. 53දී පමන පැමින ඇති බවත් එහිදී එතුමන්ගේ වසර 17ක දහම් කටයුතු කාලය තුල ලංකාව වෙතටද එන්නට ඇති බවට පිලිගත හැකි බවකි. වැඩි දුරටත් කරුනු දක්වන ඔවුන් යෝජනා කරන්නේ ඉතිහාසය පිලිබදව විද්වතෙකු වූ “රිබේරියෝ” ද උපුටා දක්වමින්  උතුරු නැගෙනහිර ප්‍රදේශවල ධීවර හා මුතු කිමිදීමේ යෙදී සිටි පිරිස් අතර මෙම දහම පැතිරීම පලමුවෙන් සිදුවන්නට ඇති බවකි. කොළඹ කොච්චිකඩේ ජෙන්තුපිටියෙන් හමුවූ ප්‍රාග් පෘතුගීසී කුරුසිය මේ බව වැඩි දුරටත් සනාත කරන බව ඔවුන්ගේ මතයයි.

Posted in History | Leave a reply