Back to Top

Category: History

අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් – මාන්නප්පෙරුම මොහොට්ටි ජයවීර බණ්ඩාර -4-

බුදු සමය යටපත්කර සිව සමය පැතිර වීමට උත්සාහ ගත් අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල් නම් වූ ආඬි ගුරාගේ- සීතාවක රජ්‍යයේ මහ ඇමතිකම් කල මන්නප්පෙරුම මොහොට්ටිගේ – කොට්ටේ රාජ්‍යයේ ධර්මපාල රජතුමාට සේවය කල ජය්වීර බණ්ඩාරගේ අවසානය, අචින්ති තම්පි භවිස්සති යන න්‍යාය ධර්මය ස්ථීර කරමින් මෙසේ සිදුවිය.
සීතාවක රාජ්‍ය සම්බන්ධ ඉතිහාසය චූල වංශයේ කෙටියෙනුත්, රාජවලියේ විස්තර වශයෙනුත් දැක්වේ.රාජාවලියේ කතෘ කරුනු ඉතිරිපත් කිරීමේදී නම් වශයෙන් සදහන් කරන වැදගත් සිදුවීම් වලට අදාල පුද්ගලයින් සම්බන්ද විස්තර කලින් දැක්වින. ඒ හැරුනු විට තවත් කිහිපදෙනෙකුගේ නම් සඳහන් වේ. මේ අයගෙන් වැඩි දෙනෙක් උපතින් බෞද්ධයන් වශයෙන් සිට ක‍තෝලික ආගම වැලදගත් අයයි. තව සමහර අය නැවතත් ආපසු බෞද්ධ ආගම වැලඳ ගත් අය වෙති. මින් සමහර දෙනෙක් ගෝවේ හෝ පෘතුගලයේ හෝ කලක් ජීවත්වූ අය වෙති. මේ නිසා කිහිප දෙනෙකුට නම් දෙකක් හෝ සමහර විට තුනක් හෝ තිබුනු හෙයින් කරුනු වටහා ගැනීමට අපහසු තත්වයක් තිබේ. කිහිපදෙනෙකුගේ විස්තර පෘතුගීසී ලේඛකයන් ගේ වාර්ථා සහ වෙනත් කෘතීන් ඇසුරින් පැහැදිලි කිරීමට ගත් උත්සාහයක් මේ කොටසින් ඉදිරිපත් කෙරේ. සමහර කරුනු සාස්ත්‍රීය විමර්ශනයකින් නිරාකරනය වී නැති නිසා සැකයට හා විවාදයට තුඩුදිය හැකි බවද සැලකිය යුතුය.
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply

ජයවීර රජු හා කරලියැද්දේ

සේනා සම්මත වික්‍රමබාහුගෙන් පසු උඩරට රජ්‍යයට පත්වූ යේ ඔහු පුත් ජයවීර රජුය. මොහුගෙන් රාජ්‍යකාලය පිලිබඳව මතබද පවතී. මතබේද කොතෙක් තිබුනද මොහුගේ රජ්‍ය කාලය අවසන් වූවේ 1551 හත්වන බුවනෙකබාහු රජුගේ මරනින් පසු බව නම් ස්ථිරය. 1521 දී මායාදුන්නේ කුමරු තමාගේ අයිතිවාසිකම් ලබා ගැනීමට ජයවීර රජුගෙන් උපකාර ඉල්ලන්නට ගියේ දෙදෙනා අතර තිබූ ඥාති සම්බන්දය නිසාය. ජයවීර රජුගේ බිසව වූයේ කීරවැල්ලේ මහරාලහාමිගේ සොහොයුරියයි.                              බුවනෙකබාහු හා මායාදුන්නේ සොහොයුරන් විවාහ කරගෙන සිටියේ කීරවැල්ලේ මහරාලහාමිගේ සොහොයුරියකි. බුවනෙකබාහු , රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ මේ සහෝදර දෙදෙනාගේ එක බිසවගෙන් උපන් දරුවෝය. එක්පසකින් සීතාවකද අනෙක් පසින් කෝට්ටේ රාජ්‍යයද පිහිටි නිසා මේ රාජ්‍ය දෙකෙන් බලයට පැමිනි කවර හෝ රජ්‍යය කින් උඩරටට තර්ජන එල්ල විය හැකි බව ජවීර රජු. තීරනය කලේය. ඒ නිසා පෘතුගීසීන් ගෙන් ආධාර ලබ ගැනීමට ඔහු උත්සාහ කලේය. පෘතුගීසී ආධාර ලැබීමට නම් උඩරට රජු ක‍තෝලික ආගම වැලඳ ගැනීම උඩරට පෘතුගීසී බඩු ගබඩාවකට ඉඩ දීම, කප්පං ගෙවීම, දියනිය පෘතුගීසීන් අනුමත කරන කුමරෙකුට විවාහ කරදීම වැනි කොන්දේසි ඉ‍ටුකල යුතුයැයි පෘතුගීසීහු කීහ. මේ කොන්දේසි සියල්ලම ඉ‍ටුවූ බවක් නොපෙනේ. එසේ උවත් 1546 දී ජයවීර රජු ක‍තෝලික ආගම වැලඳ ගත්තේය. ජයවීර රජුගේ මේ වෙනස් වීම නිසා උඩරට බෞද්ධ ප්‍රභූවරු ඔහුර විරුද්ධ වූහ. කීරවල්ලේ බිසව මියගිය පසු, ගම්පල කුමරියක් සරන කර ගත් ජයවීර රජු ඇයට උපන් කුමාරයාට රාජය පැවරීමට කටයුතු සැලැස්වීම නිසා කරලියැද්දේ කැරලි ගැසුවේය. පියා පලවා හැර උඩරට රාජ්‍යයේ පාලකයා බවට පත් විය.
ජයවීර රජු ඔ‍ටුන්න හා වෙනත් රාජ්‍ය භාන්ඩ ‍රැගෙන සීතාකට පලා ගියේය. මායාදුන්නේ රජුගේ ආරක්ෂාව පැතීය. මායාදුන්නේ රජ්ජුරුවෝ ජයවීර රජුට බොහෝ ගම්බිම් දී සි‍ටුවා ගත්හ. එහෙත් මේ ගම් බිම් හා පදිංචිවූ ස්ථාන ගැන විස්තරයක් නැත. කෙසේ වුවද, උඩරට රජ්‍ය ලබ ගැනීමට තම පුත්‍රයාට විරුද්ධව සටන් මෙහෙය වූයෙ නැත. ඔහුගේ අවසානයද සීතාවක රාජ්‍ය තුලම සිදු විය.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

ජයවීර රජු හා කරලියැද්දේ -2-

ජයවීර රජුගේ දියනිය සරන කර ගැනීමට එක්වන රාජසිංහ කුමරුගේද කැමැත්තක් විය. කරලියැද්දේ මෙයට විරුද්ධ විය. අවසානයේ ඇය කෝට්ටේ ධර්මපාල රජුට විවාහ කර දෙනු ලැබුවාය. මේ සරණ බන්ධනය නිසා රාජසිංහ හා කරලියැද්දේ අතර අමනාපයක් හට ගැනුනි. පැලැඳ නුවරින් පැනගිය වීදියේ බණ්ඩාරට ආරක්ශාව සපයා ආධාර කලේද මේ නිසාය.
1573 කරලියැද්දේගේ සොහොයුරිය වූ ධර්මපාල රජුගේ බිසව මියගියාය. කරලියැද්දේගේ දියනියද නෑදෑකම් වරද්දා ධර්මපල රජුට සරණකර දෙනු ලැබුවාය. මේ වන විට කරලියැද්දේ දොන් ජෝන් නමින් බෞතීස්ම ලැබ සිටියේය. ඇගේ දියනිය දෝන මාර්ගරීධා නමින් බෞතීස්ම ලැබුවාය. කරලියැද්දේ (දොන් ජෝන්) ක‍තෝලිකයෙකු වීම නිසා උඩරට රදලයන්ගේ අප්‍රසාධයට ලක්විය. එක්වන රාජසිංහ රජුද මේ අවස්තාවේන් ප්‍රයෝජන ගත්තේය. වීරසුන්දර බණ්ඩාරගේ සහයෝගය ඇතිව කරලියැද්දේ පලවා හැරියේය. 1582 ඒ රජුගේ (කරලියැද්දේගේ) කුමරයාත්, බෑනාත් සෝවි කුමාරිකාවත් තමාගේ බිහෝ අදහසිනුත් තමා පිරිවරත් යාපා ප‍ටුනට කිට්‍ටුව ක‍ටුපත හෙලිකර ගෙන හුන්හ යනුවෙන් ඔහු පලාගිය අයුරු රාජාවලිය විස්තර කරයි. කරලියැද්දේ සමග, බිසව, පුතුන් දෙදෙනෙක්, දියනිය හා බෑනා පලා ගිය බව රාජාවලි විස්තරයෙන් පැහැදිලිය. කුමාරයෝ දෙදෙනා කන්ද උඩරට අල්ලන්න ගොසින් වන්නි පත්තුවට ගොසින් මලාහ. යාපනේ රජුගේ තර්ජන නිසා පෘතුගීසීන්ගේ ‍රැකවරන පැතීමට සිදුවිය. කරලියැද්දේ හා බිසව ත්‍රිකුනාමලයේදී මියගියහ. දෝන කතිරිනා නම් දියනියද බෑනා වූ යමසිංහ ද පෘතුගිසී ‍රැකවරන යටතේ මන්නරාමේ සිටියහ. පසුකලකදී ආරක්ශාව සදහා යන සිංහ හා දෝනකතිරිනා කුමරිය පෘතුගීසීහු කොලඹට කැඳවා ගත්හ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් – මාන්නප්පෙරුම මොහොට්ටි ජයවීර බණ්ඩාර -2-

රාජසිංහ රජුගේ මරනින් පසු රාජසූරිය කුමාරයාට රජකම පැවරුවේ මොහුය. ඔහුගේ අනාචාර ක්‍රියා පිලිවෙතට අකමැති වූ ඔහු රාජසූරිය කුමාරයා මරා කලක් වීදීයේ බණඩාරගේ දේ විය වශයෙන් සිටි බිසෝ අදහසින් ගේ පස් හැවරිදි කුමරයා රජකමෙහි පිහිටෙව්වෙත් මොහුය. මේ කුමාරයා රජවීමෙන් පසු සීතාවක රාජ්‍යයේ ප්‍රධාන බලදරයාත් ආරක්ෂකයත් අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල් හේවත් මාන්නප්පෙරුම මොහොට්ටාල විය. මාන්නප්පෙරුම මොහොට්ටාල මෙසේ බලයට පත් වෙත්මසිංහල ප්‍රධානීගේ අප්‍රසාධයද වඩ වඩා දියුනු විය. කුමන්ත්‍රනයක් කර ඔහු පලවා හරිනවාට වඩා උපහාසයට හා අපකීර්තියට පත්කිරීමෙන් මාන්නප්පෙරුම කොන් කිරීමට කටයුතු සැලසිනි. මේ සදහා මුල්වී කටයුතු කලේ මහ පත්තුවේ දොලොස් හමුදාව භාර අතපත්තු ආරච්චිනම් නිලධරයාය. මාන්නප්පෙරුම මොහොට්ටිගේ අතීත ආඬි ජිවිකාවෘතිය සදහන් කර අපහාසාත්මකව කවි පද බැඳසීතාවක නගරය පුරාම කියවීමට සලස්වන ලදී. මේ අපහාස වලට මුහුන දීමට අපොහොසත්වූ මාන්නප්පෙරුම මොහොට්ටාල මොරවත්තේ පදිංචියට ගියේය. බිසෝ අදහසින්ගේ බලවත් ඉල්ලීම පිට ආපසු සීතාවකට ආවත් තත්වය පෙර සේම විය. අපහාසත්මක කවි සීතාවක නගරය පුරාම ‍රැව් පිලි ‍රැව් දෙන්නට විය. මානප්පෙරුම මොහොට්ටාල එවර ගියේ ගිරා ඉඹුලේ කො‍ටුවටය. මහ ඇමතිට ගමරට එපා වීමට තරම් ප්‍රබල වූ මේ සිව් පද මොනවාද?
සිව භක්තිකයන්ගේ ආගමික ගුරුවරු ආඬි ගුරුහුය. කහරෙඳි පොරවා ගෙන මිනි ගෙඩියක් අතින් ගෙන ඇටමලයක් කරේ ලා සැඩ පලු ගෙතුන ජොන්ඩය ඇතිව අලු භාජනයක් අතින් ගෙන “හරෝ හරා” හඬ නගමින් කෝවිල් කරවන ද්‍රවිඩ පූජකවරු අඬි ගුරු වශයෙන් හඳුන්වනු ලබති. අත පත්තුආරච්චි පබඳින ලද සිව් පද වලට මානප්පෙරුම මොහොට්ටාල ආඬි ගුරෙකු ලෙස සිටි කාලයේ විස්තර තොරතුරු ඇතුලත් වන්නට ඇති බව “ඒ ආඬින් එක්ක හිටියාට” යන පාඨයෙන් සිතා ගත හැකිය.
එදා අතපත්තු ආරච්චි ප්‍රබන්ද කල සිව් පද ග්‍රන්ථා රූඩ වී ඇති නම් බලවත් පාඩුවකි. එහෙත් ඒ සිව්පද වලින් කොට්සක් අද අප අතර ජනකවි බවට පත්ව තිබීම තරමක හෝ සැනසිමකි. මේ ඉන් එක් පැඳියකි.
අතුරු මිතුරු දඹදිවතුරු – රාජ කපුරු හෙට්ටියා
වරා ගහක් දුට්ටින් බොලන්- වරා ගහට ගිහින් බොලන්
අඬි ගොල්ල එක එකටයි
කොක්ක නම් පයිය වෙන වෙන මයි..
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply

“අවිස්සාවේල්ල” නම් ලැබීම…

      ලක් ඉතිහාසයේ සීතාවක රාජධානිය යනු ඉතා කෙටිකලක් පැවති මුත් දීප්තිමත් සටහනක් තබන ලද රාජයයක් ලෙසට පිලි ගැනේ. පෘතුගීසී ආක්‍රමනයන් හමුවේ මැද පෙරදී ලත් අති දරුනුතම පරාජයන් කැදවන්නට සීතාවක පලමු රාජ සිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුක් කටයුතු කල බවටයි ඉතිහාසය පවසා සිටින්නේ. අතීතයේ කීර්තිමත් මෙම රජදහන ආසන්නයේම වර්ථමානයේ පවතින නගරය වන්නේ අවිස්සාවේල්ල නගරය වන අතර මෙම නගරයේ නාමය නිර්මානය වීමේදී මෙම අතීතයට අයත් සිදුවීම් කිහිපයක් පාදකවී තිබිය හැකි බවටයි  විවිධ ජනශ්‍රැති හෙලිකර සිටින්නේ.
                            පෘතුගීසීන් වෙතට අනුග්‍රහය දක්වමින් සිටි ලාංකීය විවිධ ප්‍රභූවරු අතරට සීතාවක පලමුවන රාජසිංහ රජු මහත් අභියෝගයක්ව පැවති බැවින් ඔවුනගේ වහරට අනූව “දුෂ්ඨ” අයෙකු හදුන්වන “අවිසෝ” යන වදනත් ප්‍රදේශය යන්නට”වෙලා” යන  වදනත් ඇසුරින් “අවිස්සාවෙල්ල” යන නාමය නිර්මානය වූ බවටයි එක් මතයකට අනූව පිලිගැනෙන්නේ. එසේම වර්තමානයේ ශාන්ත මරියා පාසැල අසලින් වූ මාර්ගය පැරනි භාවිතාවේදී ඉදිකර තිබූ වෙල්ලක් නිරන්තරයෙන් ජල පහරල බිඳ වැටෙන්නට වූ බැවින් අවිස්වාස වේල්ල යන්න පසුව අවිස්සාවෙල්ල ලෙසට විවහාරයට පැමිනි බවට පැවසේ. මීට අමතරව උඩරට දෙවන රාජ සිංහ රජුගේ කාලයේ පෘතුගීසීන් හා ලන්දේසීන් හට වරින් වර රහසින් තොරතුරු සැපයූ රාජ්‍ය ද්‍රෝහීන් පිරිසක් මෙම අසලවූ වෙල්ලකට තබා මැටිගැසූ බවත් ඒ ඇසුරින් “අවිස්වාස අය මැටි ගැසූ වෙල්ල” නැතිනම් “අවිස්වාසයන්ගේ වෙල්ල”  පසුව “අවිස්සාවේල්ල” ලෙසට භාවිතයට පැමිනි බවටත් පිලි ගැනීමක් පවතී. කාල වකු වානු සැලකීමේදී 1850දී පමනසිට මෙම විවහාරය පැවති බවටයි හමුවන තොරතුරු පැහැදිලි කර සිටින්නේ
Posted in History | Leave a reply

රුවන්වැල්ල බලකො‍ටුව (Ruwanwella Fort)

    අවිස්සාවේල්ලේ සිට කෑගල්ල දෙසට ගමන් කරන ඔබට හමුවන ප්‍රධාන නගරයක් වන්නේ රුවන්වැල්ලයි. ඓතිහාසික වටිනාකම් කිහිපයක්ම සටහන් වන නගරයක් ලෙසට රුවන්වැල්ල සැලකීමේදී රුවන්වැල්ල බලකො‍ටුව ප්‍රධාන තැනක් ගනී. කැලණි ගඟ හා ගුරුගොඩ ඔය එක්වන ස්ථානයට ආසන්නව මෙම බලකො‍ටුව වර්ථමාන රුවන්වැල්ල නගරය තුලදී පිහිටා ඇත. සිංහල රජදරුවන්ගේ මුර කපොල්ලක් ලෙසට භාවිතාවූ මෙම ස්ථානය පසුව 1594දී පෘතුගිසීන්  විසින්ද 1665දී ලන්දේසීන් විසින්ද භවිතා කොට ඇති බවට තොරතුරු හෙලිවෙයි. පෘතුගීසී නිලධාරීන් යුධ කදවුරක් ලෙසට උඩරට ආක්‍රමයේදී මෙම ස්ථානය භාවිතාකරන ලද අතර පසුව ලන්දේසීන් ශක්තිමත් බල කො‍ටුවක් ලෙසට පරිවර්ථනය කල බවටයි තොරතුරු වාර්ථාවෙන්නේ.1802දී පෙඩ්‍රික් නෝත් ඉංග්‍රීසි ආන්ඩුකාරවරයා රුවන්වැල්ල බලකො‍ටුව ශක්තිමත් කර උඩරට ආක්‍රමනය කල මුත් පසුව සිංහල භටයන් එම කදවුර විනාශකරන ලද අතර පසුව යලිත් 1815දි පමන යලිත් වඩාත් ශක්තිමත්ව අක්කර 47ක විශාල භූමි භාගයක මෙම බලකො‍ටුව ඉදිකල බවටයි වාර්හා වන්නේ. වර්ථනායේ රුවන්වැල්ල පොලිස් ස්ථානය ආසන්න්ව මෙම බලකො‍ටුවේ පැරණි දොර‍ටුව හා ප්‍රකාර බැමි දැකිය හැකිය.

Posted in History | Leave a reply

සීතාවක රාජධානිය බිහිවීම….

    කෝට්ටේ රාජධානියේ පිරිහීම වේගවත් වන්නේ හයවැනි සිරි පැරකුම්බා රජුගේ අභාවයත් සමගිනි. විජයබාහු රජු රජකමට පත්වීමත් සමග තම මුල් දරුවන් සිටියදී කීරවැල්ලේ බිසවගේ සහෝදරයෙකු ලෙස සැලකෙන දේව රාජසිංහ කුමාරයාහට රජකම ලබා දෙන්නට කටයුතු කිරීම තත්වය පුපුරවා හරින්නට සමත්විය. අවසානයේ විජයබා රජුගේ මරනයත් සමග වැඩි මහලු බුවනෙකබාහු කුමරු කෝට්ටේ රජකමටද, රාජසිංහ කුමරුට රයිගම් ප්‍රදේශයද, මායාදුන්නේ කුමරුට සීතාවක ප්‍රදේශයද බාර විය. පසුව රයිගම් පාලකයාද මිය ගිය හෙයින් එම ප්‍රදේශයද මාය දුන්නේ කුමරුට බාරවූ බවටයි තොරතුරු හෙලි වන්නේ. පෘතුගීසීන්ට හිතැති පාලනයකට ඉතිරිව සිටි බුවනෙකබාහු රජුද වැඩි කැමැත්තක් දැක්වුව මුත් මාය දුන්නේ රජු එයට එතරම් එකග නොවීය. අනෙක් අතට ධර්මපාල නම් බුවනෙකබාහු රජුගේ දියනියකගේ පුත්‍රයෙකුට තම රාජ්‍ය හිමිකර දෙන්නට කටයුතු කිරීමද මායාදුන්නේ කුමරුගේ සිත් පාරවන කාරනාවක් විය. මෙම තත්වයන්ගේ ප්‍රථිපලයක් ලෙසට1530දී පමන සීතාවක උපරාජ්‍යය බිහිවිය. මෙම තත්වය වරක් මායාදුන්නේ කුමරුගේ අධික බල තන්හාව ලෙසට විග්‍රහ වන විට තවත් අතකින් මෙම පසුබිම යටතේ සිංහල ජාතියක් ගැන සිතන්නට ඉතිරිව සිටියේද මායාදුන්නේ කුමරුන් පමනක් බවට විග්‍රහ වේ.

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (8)

රාජසිංහ රජුගේ කකුලේ උණ ක‍ටුව ඇනුනේ පෙතංගොඩ උයනේදීය. රජු සීතාවකට කැඳවා නොගෙන පෙතංගොඩ උයනේ සිටම වෙදකම් කිරීමට සැලසුම් කිරීමද සැකයට තුඩු දෙන්නකි. මේ අවස්ථාවේ ඔහු පුත් රාජසූරිය කුමාරයා සිටියේ එල්ලාවලයි. රණ ශූරිය, දොඩම්පේ ගනිතයා ගේ දුව සමග අනියම් සම්බන්දයක් පවත්වා ගෙන යාම නිසා ඔහුත් දෝම්පේ ගනිතයාත් අතර හිතවත් කමක් තිබෙන දොඩම්පේ ගනිතයා යන්ත්‍ර-මන්ත්‍ර – හඳි හූනියම් ගැන හසල දැනුමක් හා පලපුරුද්දක් තිබූ අයෙකි. රජුට වෙදකම් කීරීමට ඉදිරිපත් වූයේ දොඩම්පේ ගනිතයාය. රාජසූරියා කූමාරයගේ උපදෙස් පිට රජුට විෂ බඳින ලද බව “… දොඩම්පේ ගනිතයා හූනියම්කර විෂ බැඳවීය. රාජ සූරිය අදහසින් විනකර වීය.දැනගත යුතුයි.” යන රාජාවලි පාථයෙන් පැහැදිලි වේ. මේ නිසා රාජසූරිය කුමාරයා පියා මරවන ලද බව සිතා ගැනීම වඩාත් යෝග්‍ය බව පෙනේ.
එක්වන රාජසිංහගේ මරණයෙන් පසු සීතාවක රාජ්‍යයට කිසිවෙක් පත්වූ බවක් චූල වංශය නොකියයි. ක්වේරෝස් ගේ වාර්ථාවලද නොදැක්වේ. උතුරේ සහ බටහිර ඉතා සුලු කොටසක් හැර ඉතිරි ප්‍රදේශයේ ප්‍රධාන පාලකයා බවට පත්ව් අසිටි රජෙකුගේ මරනයෙන් පසු, එහි රජකමට කිසිවෙකු පත්නූනා යැයි කිසි සේත් සිතිය නොහැකිය. මැති ඇමති වරු සේනාධිනායකයන් හා විශාල හමුදාවක් සිටි සීතාවක රාජ්‍යයේ අග රජු මියගිය පසු ඒ තනතුරට පත්කිරීමට කිසිවෙක් ඉදිරි පත් නුවුවානම් එය පුදුමයට කරුනක් විය යුතුය. ඒ නිසා චූල වංශයේ විස්තර සදහන් බොවුවත් කෙනෙක් පත්වන්නට ඇත. මේ අඩුව රාජාවලියෙන් හා පෘතුගීසී ලේඛකයන්ගේ වාර්ථා වලින් පිරිමැසේ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (9)

එක්වන රාජසිංහයන්ගේ මරණයෙන් පසු රාජසූරිය කුමාරයා සීතාවක රජකමට පත්විය. ඉන් පසු එල්ලාවල උන් රාජසූරිය කුමාරයින්ට රාජ්‍ය බාරකරවා සිංහසනා ප්‍රාප්ත කලහ. යන පාථය විනා රාජසූරිය කගේ කවුදැයි රාජාවලිය නොදක්වයි. ඔහු රාජසිංහ රජුගේ වැඩි මහල් පුත්‍රයා බව කූ‍තෝ දක්ව ඈත. රාජසූරිය, එකවන රාජසිංහ රජුගේ මුනුපුරෙකු බව වැලන්ටයින් සදහන් කරයි. රාජසිංහ රජුට බිසෝවරුන් කිහිපදෙනෙකු සිටි බවත්, රාජ්‍යයට හිමි කුමාරයා කලින් මරවන ලද බවත් සදහන් කරන ක්වේරෝස් වාර්ථාව මෙහිදී වඩාත් වැදගත් වෙයි. මේ අනූඋව රාජසූර්ය ප්‍රධාන බිසවගේ පුත්‍රයා නොවන බවට සැකයක් මතුවෙයි. මොහුගේ මරනයද ඉතා රහසිගත අන්දමින් සිදුවීමද මේ සැකයට හේතුවේ. රාජසූරිය කුමරු රජු බවට පත්වූ පසුද දොඩම්පේ ගනිතයාගේ දුව සමහ පැවත්වූ අනියම් සම්බන්දය නතර කලේ නැත. සම්බන්දය වඩාත් ඉතිර තත්ව්යට පත්කිරීම සදහා කටයුතු කල රාජසූරිය කුමරු ඇය සීතාවකට කැදවා ගෙන වුත් මානියම්ගම එක්තරා ස්ථානයක රඳවා හැමදාම රාත්‍රී එතැනට යමට පුරුද්දක් කරගෙන සිටියේය. දොඩම්පේ ගනිතයාගේ හා රාජසූරිය අතර සම්බන්දය නිසා රාජ්‍ය බලදරයා බවට පත්ව සිටි මාන්නප්පෙරුම මොහොට්ටිගේ සහය රාජසූරියට නොලබෙන්නට ඇත. මේ වන විට මායාදුන්නේ රජුගේ දියනිය වූ බිසෝ අදහසින් රාජ්‍ය ලබා ගැනීමට කුමන්ත්‍රනයක් කලාය. ඇය කලින් වීදියේ බන්ඩාරට විවාහ කරදෙනු ලැබ සිටියාය. වීදීයේ බණ්ඩාර කල අතවර නිසා මායාදුන්නේ රජුගේ නියමය පරිදි රාජසිංහ කුමරු එවකට වීදියේ බණ්ඩාර සිටි පෑලෑඳ නුවරට පහර දී බිසෝ අදහසින් හා ඇගේ බාල දියනියත් අල්ලා ගෙන සීතාවකට කැ‍ටුව ආවේය. ඉන් පසු ඇය මත්ත්මගොඩ පදිංචියට ගියාය. මේ අවදියේදී ඇය වෙනත් අයෙකු හා නැවත විවාහ සිටින්නට ඇත.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (10)

සීතාවක සේනාව රාජසූරිය කුමරුගේ අකටයුතු බිසෝ අදහසින්ම දන්වා යැවූ පසු, කඳුරගස් කපොල්ලේ උන් මාන්නප්පෙරුම මොහොට්ටාලට පනිවිඬ යවා ගෙන්වා මෙයට සුදුසු පිලියමක් යොදන ලෙසට දන්වා සිටියාය. මාන්නන්ප්පෙරුම් මොහොට්ටාල රාජසූරිය කුමරුදොඩම්පේ ගනිතයාගේ දුව උන් වාඩියට රාත්‍රියේ ගිය පසු පහර දී කුමාරය මරන ලදී. ඉන් පසු සීතාවක රජ බවට පත්වූවේ බිසෝ අදහසින්ගේ පස් හැවරිදි කුමාරයාය. මේ කුඩා කුමාරයා රාජ්‍ය උරුමයේ තබා බිසෝ අදහසින් හා මාන්නප්පෙරුම මොහොට්ටාල රාජය පාලනය කල බව සිතා ගත හැකිය. මේ සිද්ධිය හා සසධන විට රාජසූරිය කුමාරයා මැරවීමට බිසෝ අදහසින් හා මාන්නප්පෙරුම මොහොට්ටාල කුමන්ත්‍රනයක් කල බව සැලකීම වඩාත් යුත්ති සහගතය. මේ කුමාරයාගේ නම හෝ පියා හෝ ගැන යමක් රාජාවලියේ සදහන් නොවේ. මේ සිද්ධිය කූ‍තෝ ක්වේරෝස් යන දෙදෙනා ගේම වාර්ථාවල දැක්වේ. එහෙත් නම සදහන් වන්නේ ක්වේරෝස් ගේ වාර්ථාවේ පමනී. ක්වේරෝස් මේ කුමාරයාගේ නම “නිකපිටිය අදහසින්” ලෙස වාර්ථා කරයි. අද හසින් යනු කුමාරයා කුමාරිය යන දෙකටම භාවිතාකල පොදු වචනයක් වූවෙන් ඔහුගේ නම නිකපිටිය කුමාරයා, නිකපිටිය බණ්ඩාර විය.
බිසෝ අදහසින් හා මාන්නප්පෙරුමමොහොට්ටාලගේ කුමන්ත්‍රනය මෙතැනින් කෙරවල නොවීය. රාජ්‍ය නිලධරයෝ ඔහු කෙරෙහි විරුද්ධ වූහ. උපහාසාත්මක කවි පද බැඳ සීතවක වීදි වල මහ ජනයා ලවා කියවූහ. මෙයින් මහජනයාට මුහුන දීමට නොහැකි වූ මොහොට්ටාල මොරවත්තට ගොස් සිටියහ. බිසෝ අදහසින් පනිවිඬයක් යවා නැවතත් සීතාවකට ගෙන්වා ගත් මනම්පේරි මොහොට්ටාලට පෙර සේම උපහාසාත්මක ගායනා වලට මුහුන දිමට සිදුවූ නිසා තද බල ලෙස කනස්සල්ලට පත්විය. සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධයත්, අපහාසත් විඳ දරාගත් නොහැකි වූ මාන්නන්ප්පෙරුම මොහොට්ටාලගිරාඉඹුලේ කො‍ටුඅට ගොස් අඟුලග නැගී රහසේම කඩුදෙවොල රග්ගහ වහ්තට පැමින එතැනින් කොළඹට වෙස්වලාගෙන ගොස් ධර්මපාල රජු හමුවිය. ධර්මපල රජුද “ජයවීර බණ්ඩාර” යන පටබැඳි නාමය දී තමාගේ සේනාවට සම්බන්ද කර ගත්හ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (11)

ධර්මපාල රජුට හා පෘතුගීසීන්ට සීතාවක යටත් කර ගැනීමට බලවත් ආශාවක් තිබුනත් එයට එකම බාදාව වූවේ එකවන රාජසිංහ රජුගේ හා මන්නප්පෙරුම මොහොට්ටිගේ යුධ උපංක්‍රමයන්ය. රාජසිංහ රජු නැති නිසා මාන්නප්පෙරුම මොහොට්ටාල තම පක්ෂයට පත්ව ඇති නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ ධර්මපාල රජු කොට්ටේ හා ප්‍රතිකාල් සේනව සමග ජයවීර බණ්ඩාරගේ නායකතයෙන් යුතු හමුදාවක් සීතාවකට එවීය. මාස තුනක් පමන සුළු කාලයකදී සීතාවක ආක්‍රමනය කල හමුදාව ගෝනියක සැගවී ඇතින්නක පිට නැගී පලා ගිය බිසෝ අදහසින් දෙනවකගේ අල්ලාගෙන සීතාවක ගෙන ආවේය. බිසෝ අදහසින් මෙහිදී මරනයට පත් වූ අතර කුමාරයා පෘතුගීසී හමුදාව බාරයට පත්විය. ඉන්පසු සීතාව රාජ්‍යය ධර්මපාල රජුගේ බලයට යටත් විය.
පස් හැවැරිඳි වයසේ සිටි නිකපිටිය බණ්ඩාර නම් මේ කුමාරයා පෘතුගීසීන්ගේ භාරයට පත්වූ බව රාජාවලි කතෲ ස්ථිරවම කියයි. කොළඹ කො‍ටුවට ගෙන ගිය නිකපිටිය බණ්ඩාර පෘතුගාලයට යවනු ලැබීය. ක්‍රි.ව. 1608 දී පෘතුගාලයේ කොයින්බ්‍රා නගරයේදී මේ කුමාරයා කළුරිය කලේය. ක්‍රි.ව 1521 දී ප්‍රාදේශීය රාජයයල් වශයෙන් ආරම්භ වූ සීතාව්කා රාජ්‍යය වර්ෂ 71ක් පමන කාලයකදී ප්‍රබල රජයයක් බවට පත්විය. ක්‍රි.ව. 1557 දී කෝට්ටේ ධර්ර්මපාල රජ තුමාකිතු සමය වැලඳ ගැනීම නිසා එකම ප්‍රබල රජ්‍ය සීතාවක බවට පත්විය. දලඳා වහන්සේගේ අයිතිය සීතාවකට අයත් වීම නිසා ලාංකා රජ්‍යයේ උරුමය සීතාවකට හිමිවිය. එකවන රාජසිංහ රජුගේ රණ ශූරත්වයත් යුධ උපංක්‍රමත් නිසා උතුරේ හා බටහිර වෙරලේ ඉතා සුළු කොටසක් හැර මුළු දිවයිනෙ ප්‍රාධන රාජ්‍ය බවට පත්වීමට හැකිවිය. එසේම රාජසිංහ රජුගේ මරණයෙන් පසු තුන් අවුරුද්දක් පමන වූ සුලු කාලයකදී එහි සම්පූර්න පරිහනියද සිදුවිය.
එක්වන රාජසිංහ රජු නිර්භීත රණ ශූරයෙක්ද, අපකීර්තිමත් පුද්ගලයෙක්ද වූයේ අවුරුදු දොලහේ කාලයේ සිට වර්ධනය වූ රාජසිංහ රජුගේ ‍ටුද්ධ දක්ශතාවය පැලැඳ නුවරින් හා මුඩකොන්ඩ පොල නුවරින් වීදියේ බන්ඩර පලවා හැරීම, 1561 දී මුල්ලේරියා සටනින් පෘතුගීසීන් පරාජය කිරීම , 1564- 1579 , 1580 යන වර්ෂවලදී කොළඹ කො‍ටුව වටලෑම යන සටන් වලදී වඩාත් ප්‍රසිද්ධියට පත්විය. ලංකවේ පමනක් නොව යුරෝපයේද ඔහුගේ දක්ශතාවය පැතිර ගියේය. ඔහු වහා කිපෙන සුළු පුද්ගලයෙක් විය. කෝපාවිෂ්ඨ වූ විට නීතියක් හෝ යුත්තියක් නොසැලකුවේය. සිව සමය වැලඳ ගත්තේය. වීර සුන්දර බණ්ඩාර උපයෙන් මැරවීය. කුඩා කල සිට තමා හා එකට සටන් කල වික්‍රමසිංහ මුදලි වස දෙවා මැරුවේය. ප්‍රීතූ ඝාතක නමක්ද පට බැඳුනි.මේ නිසා එක්වන රාජසිංහ රජු අපකීර්තිමත් පුද්ගලයෙක්ද විය. එම නිසාම පලවා හැර සිරිලක එක්සේසත් කිරීමට ඔහු තුල තිබූ උතුම් අදහස මල්පල ගැන්වීමට අවස්ථාව නැතිවී ගියේය. සීතාවක රාජ්‍යය අවුරුදු 70කින් පමන අවසන් වීම නිසා එහි තොරතුරු විමසා බැලීමට තරම් ප්‍රමනවත් නටඹුන් ගොඩ නැගිලි සංක්‍යාවක් නැත. ලිපි ලේඛන, ශීලා ලේඛන නැත. ප්‍රමානවත් සාහිත්‍ය කෘතීන් නැත. සීතාවක රාජධානිය තුල ක්‍රමානුකූල පුරාවිද්‍යත්මක කැනීම් තවම කර නැත.ඒ නිසා ජනශෘතියේ නොනැනසී පවත්නා යම් යම් ඉස්ථාන හා සිද්ධීන් විමසා බැලීමෙන් රාජාවලිය වැනි පොත් පත් වලින්ද යුරෝපීය ලේඛක යන්ගේ වාර්ථාවලින්ද සොයා ගත හැකි තොරතුරු ‍රැසක් මතුකර ගත හැකිය.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක ඉතිහාසය බොහෝ දුරට විහිදෙන බව….

     සීතාවක අතීතය හදාරන්නන් වෙතට හමුවෙන්නේ  වසර 30000 තරම් දුරක සිට බව ඔවුන්ගේ අදහසය. කුරුවිට බට දොඹලෙනත්, බටතොට ලෙනත්, කිතුල්ගල බෙලි ලෙනත් මෙන්ම කොස්ගම අකරවිට වන අස්මඬල ලෙනත් හදාරන ඔවුන් ඒවායින් හමුවෙන ගල් ආයුධ මෙවලන් හා ඔවුන් ආහාරයට ගත් සත්වකොටස්වල ශේෂයන් හදාරමමින් මේ බව පෙන්වා දෙයි. තවත් විටක සංස්කෘතික සාහිත්‍ය ඉතිහාසය උපුට දමමින් පෙන්වාදෙන්නේ අවිස්සාවෙල්ල තානායම අසල වන සීතා ලෙන වෙතට සීතා දේවිය ‍රැගෙන විත් සගවා තැබීම සදහා භාවිතාකල අතර එම සිදුවීම ඇසුරෙන් මෙම පෙදෙස සීතාවක ලෙසට නම් වෙන්නට පටන් ගත් බවකි. රාමායනයට අනූව ලංකාධිපත් රාවන රජතුමා විසින් එසේ කරන ලද්දේ රාම කුමරු රාවන සොයුරියට කල අවමානයකට පලිගැනීම පිනිස බවටයි කිය වෙන්නේ.
තවත් දෙසකින් කරුනු දක්වන ඔවුන් දෙහිඔවිට තිබිරිපොල ගම්මාවනයේ වන රජ ලෙන හි වන බ්‍රාහමීය අක්ෂර සහිත ශීලා ලේඛන ඇසුරින් පැහැදිලි කරන්නේ ක්‍රි.පූ දෙවන සියවසේ එනම් අනුරාධපුර යුගයේත් ආරම්භක යුගයට වන්නට මෙහි වූ ගම් ප්‍රධානීන් කටාරම් කරවා භික්ෂූන් වෙතට මෙම ලෙන් පුජා කරන්නට කටයුතු කර ඇති බවයි. එසේම ක්‍රි.පූ. 103 ආසන්නයේ විසූ වලගම්බා රජතුමා ආනුරාධපුර සමයේ සිදුවූ ද්‍රවිඩ ආක්‍රමන වලින් සැග වෙන්නට පලා විත්  සල්ගල හකුරුගල මෙන්ම මානියම්ගම ප්‍රදේශවල වන ගල් ලෙන් ඇසුරේ හිඳිමින් සේනාව සංවිධානය කල බවයි.  

Posted in History | Leave a reply