Back to Top

Category: History

Thibiripola Raja Lena

       තිබිරිපොල පිහිටි රන්පත්ගල ආසන්නයෙන් සීතාවක ඔය තරනයකර කිලෝ මීටර එකක් පමන යකහ‍ටුව කන්දේ ගමන් කල විට කටාරම් කොටා සකස් කරන ලද විශාල ගල් ලෙන් දෙකක් හමුවේ.හත්තක හැඩයට පිහිටි මෙහි එක වර දහස් ගනනකට වුවද නොතෙමි සිටින්නට ඉඩකඩ වේ.බිම් මලු දෙකකට සකස් කර තිබූ බවට ලක්ෂන ඇති මෙහි එක් කොටසක් ආරාමයක් ලෙසට භාවිතාකරන්නට ඇති බවට උපකල්පනය කල හැක. එහි වන කෙටි බිත්ටිවල කොටස් අදද දකින්නට හැක.මෙම ලෙන් දෙකෙහිම කි.පු. දෙවන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත ලිපි දෙකක්ද වේ. එම ලිපියට අනූව තිස්ස නම් උපාසකයෙකු විසින් මෙම ලෙණ සංඝයාට පූජා කරන ලද බවක් කියවේ. අසලින් වන කුඩා ලෙනෙහිද එකවර පනහක පමන පිරිසක් සිටිය හැකි විශාලත්වයක් වන අතර ගල් කුලෙහි වන කුඩා වලවල් වලින් මෙහි දැව වහලයක්ද කරවා තිබූ බවට උපකල්පනය කල හැක.අසලින් ගල යන කුඩා දිය පහර මෙම ස්ථානයේ සුන්දරත්වය වඩාත් ඔප්නංවයි. මෙම තොරතුරුද ඇසුරෙන් සැලකූ විට ක්‍රි.පූ. දෙවන සියවස පටන්ම සිතාවක ආශ්‍රිතව යෝගාවචර භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට වඩාත් තහවුරු වේ.

Posted in History | Leave a reply

Nawagamuwa Pattini Devalaya

       අවිස්සාවෙල්ලේ සිට කොලඹ දෙසට වන පැරනි මාර්ගය ඔස්සේ ගමන් කරන්නෙකුට හමුවන නවගමුව විහාරය හා පත්තිනි දේවාලය හමුවේ. නවගමුව නාමය නිර්මානය වන්නේ නා ගස් බහුලව වූ නිසා බවටයි පිලි ගැන්න්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ අනුරාධපුරවරයේ රජකම් කල ගජබා රජතුමා 24000ක් වන සෙබලුන් ‍රැගෙන සොලී රට සිට නැවත පැමිනීමේදී පත්තිනි සලඹද සහිත නැව කුනා‍ටුවකට හසුවූ බවත් එය කැලනි ගන ඔස්සේ නවගමුව ප්‍රදේශයට පැමිනි බවත් ගංඉවුරේ නවාතැන් ගත් ස්ථානයෙන් නැවත එම සලඹ ගත නොහැකි වන සේ නාගයන් විසින් ආරක්ශා කරන්නට වූ නිසා එම සලම තැන්පත්කර මෙම දෙවාලය කල බවටත් සදහන්වේ. පසුව සීතාවක රජ දවස නවගමුව විහාරය හා දේවාලය දියුනු කරන්නට කටයුතු කල බවත් පැමිනුන ආක්‍රමනික පෘතුගීසි, ලන්දේසි මෙන්ම ඉංග්‍රීසීන් විටින් විට මෙහි වූ වස්තුව කොල්ලකමින් පුද බිම විනාශ කල බවත්ක්‍රි.ව. 1964දී කල ඉදිකිරීම වර්ථමානය දක්වා වන බවත් පිලි ගැනෙන අතර දෛනිකව දස දහසක් බැති මතුන් වෙතට මහත් සේවයක් සලසන මෙම දේවාලය වෙතට ලෙඩරෝග , දරුවන් ගැන වන ගැටලු ආදී දහසක් ගැටලු වලදී පිහිට ලබා ගන්නා බවටයි දැක්වේ.

පිවිසුම

සීතාවක යුගයෙන් එන අවිස්සාවේල්ල ප්‍රදේශ නාමකරනය

අවිස්සවේල්ල
ලන්දේසි යුගයේ පටන් භාවිතා වූ නමකි. නම පිලිබඳ මතවාද කිහිපයකි.
අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලය අසල වෙල හරහා තාවකාලිකව පස්ගොඩ කර මාර්ගය සාදා තිබුනි. වර්ෂා කාලයේ සැඩ ජල පහරක් වේල්ල හරහා ගගට ගලා යාම නිසා වේල්ල් බිඳීයාම නිතර සිදුවිය. අවිස්වාස වූ වේල්ල තිබූ නිසා අවිස්වාස වේල්ල පසුව අවිස්සාවෙල්ල විය.
පෘතුගීසි ඇතුලු බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අවි ගත් රණකාමීන් සිටියේ සීතාවක රාජධානීයේය. සතුරාට එරෙහිව සීතාවක හමුදාව අවි+ඉස්සූ+වෙල පසුව අවි+සහ+වෙල වී අවිස්සාවෙල්ල විය.
පෘතුගීසීන් ලංකාවේ සිටියම් සකස් කීමේදී පාලන ප්‍රදේශ වෙන්කර දැක්වූහ. සීතාවක අවට වෙන්කර දැක්වූවේ අවිසෝ+වෙලා යනුවෙනි. අවිසෝ යනු සතුරාය. වෙලා යනු ප්‍රදේශයයි. සතුරාගේ ප්‍රදේශය හෙවත් අවිසෝ වෙලා පසුව අවිස්සාවෙල්ල විය.
මානියම්ගම
මායිම් කෙටූ ශීලා ස්ථම්භ හතරක් හතර කොන පැවති නියම් ගම් දස දහසකින් යුත් විසාල ප්‍රදේශයකි. මානියම්ගම රට හෙවත් මානියම්ගමයි.
ගල්පීල්ලවත්ත
බැලුම් කන්දේ සිට එන උල්පත් ජලය මිනිස් අවශ්‍යතා සදහා ලබ ගැනීමට පීල්ලක් ගල් ඇන්දක සවිකර තිබුනි. මෙම ජල පීල්ල ගලෙන් එන නිසා ගල්පීල්ල නම් වූ අතර වර්ථමානයේත් ඇත්පංතිය පාරේදී ගමන් කරන විට මෙය හමුවේ. බැලුම් කො‍ටුවේ සිටි පෘතිගීසීන්ද ජලය ලබා ගත්තේ මෙම පීල්ලෙනි. ගල්පීල්ල නිසා මෙම ප්‍රදේශය ගල්පීල්ල වත්ත නම් විය.
ඇත් පංතිය
සීතාවක රජවාසලේ අලි ඇතුන් සිටි ඇත්ගාල තිබූ ප්‍රදේශයයි. අලි ගාල තිබූ ස්ථානයයි. දිය නෑවූ වැව හා හෙන්ඬු ගෑ ගලද අදත් එම ප්‍රදේශයේ දැක ගත හැකිය.
බන්ඩාර වත්ත
බණ්ඩාරවරුන් යනු උසස් කුලවල සාමාජිකයන්ටයි. (රජපවුලේ සාමාජිකයන් හෝ රදල කුලයේ අය) මේම් ප්‍රභූ වරයෙකුට අයත් ප්‍රදේශය බන්ඩාර වත්ත හදුන්වයි.
මාලිගාවත්ත
සීතාවක රජ මාලිගාවේ හා ලන්දේසි බල කො‍ටුවේ නටඹුන් පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට අයත් ඉඩමයි.
බන්ඩිගෙ වත්ත
දොම්පේ ගනිතයාගේ දුව බන්ඩිය රාජසූරිය කුමරු සීතාවක රජකමට පත්වූ පසු ඇය කැදවා ගෙන විත් නවත්වා සිටි ප්‍රදේශයයි.
ගල බලන කන්ද
රාජ සිංහ රජතුමාට හිස සුන් මාළුවෙකුගේ කඳ ගෙනවුත් දුන් යකහ‍ටුව කන්දේ මුල පොලේ සෙබලාට “ගලබලන්නාගේ”  යන වාසගම රජතුමා ප්‍රධානය කරන ලදී. ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සිටි කන්ඳ ගල බලන්නලාගේ කන්ද පසුව ගල බලන කන්ද විය.
පතහවල
විශාල දිය වලක් තිබූ නිසා මෙම ප්‍රදේශය පතහවල නම් විය. එහෙත් ගංවතුරෙන් හා පස සෝදා විත් එම වල ගොඩ වී සරුසාර කුඹුරු යායක් බවට පත්වී ඇත
පට්ටිය වත්ත
රජවාසලට පස් ගෝ රස සැපයූ ගව පට්ටිය සිටි ප්‍රදේශයයි.
වලව්වත්ත
රාජකීය පවුලට අයත් ප්‍රභූවරයෙකු සිටි භූමියයි. මෙම ඉඩම වට සීමාව දක්වන අගලක් හා ඇලද ඇති අතර මෙහි පදිංචිව ප්‍රභූවරයා කවරෙක්ද යන්න ඉතිරවම හදුන්වා දීමට නොහැකිය.
Posted in History | Leave a reply

සීතාවක යුගයේ අවසන් කාලය…

නෙක ආකාරගත් හැලහැප්පීම් වලින් බහුල වූ සීතාවක යුගය ක්‍රි.ව. 1592 වන විට අවසානය බව සටහන් වන්නේ සීතාවක රාජසිංහ රජුගේ අභාවයත් සමගය. අස්ථාවර වූ සීතාවක සිහසුන වෙනු වෙන් පැවති බල අරගලය නිසා තවත් දුර්වල විය. පෘතිගීසීන් සමග එකතු වූ අරිට්ඨකීවෙන්ඩු පෙරුමාල් ක්‍රි.ව. 1595 දී කෝට්ටේ හමුදා සමග පැමින සීතාවක යටත් කරගෙන වස්තු, දේපල සොයා නගරය කොල්ලකා ඉන්පසු ගිනි තැබූහ. රජමාලිගය, බිසෝමාලිගාවත් පරිවාරමන්දිර ආදියෙන් දෙව්පුරය සේ අලංකාර සීතාවක පුරය විනාශකර දැමූහ.
ෆරියායි සෞසා නම් යුද්ධ නිලධාරියා පවසන්නේ ක්‍රි.ව. 1619 වන විට මහාර්ඝ මාලිගාවල හෝ නිත්‍යා දෘෂ්ටික සිද්ධස්ථාන වල සැබැවින්ම ගලක් මත ගලක් ඉතිරි නොකල බවයි. තවකෙකු දක්වනුයේ ඒ මහා නගරයේ පැවතියේ එක්ම එක අටල්ලක් බවයි. මේ අනුව සීතාවකට කඩා වැදුනු පෘතුගීසී හමුදා මාලිගා සංකීර්නය පමනක් නොව මානියම්ගම රජමහා විහාරයද විනාශ කල බව සිතිය හැකිය. සීතාවක යුගයේ මානියම්ගම රජමහ විහාරයේ වැඩ සිටි කොටකේදෙනියේ දම්මරංසි, සිටිනා මළුවේ සෝභිත, සිටිනා මළුවේ ධම්මපාල යන හිමිවරු ආරක්ෂාව පතා කන්ද උඩරටට පලා යන්නට ඇත.
– පොත පත ඇසුරෙනි.

Posted in History | Leave a reply

නිසි අවධානයට ලක් නොවූ පුරවරය “සීතාවක රාජධානිය”

අවිස්සවේල්ල සීතාවක ඉතිහාසය සොයා බලන්නන් අතර ඉමහත්ම අවධානය ලබ ගන්නා ස්ථානයක් වන්නේ ඓතිහසික මානියන්ගම රජ මහා විහාරයයි. සිතාවක රජධානියක් ලෙසට ස්ථාපනය වන්නටද වැදගත්ම සාධකයක් වන්නට ඇතැයි ලෙසට සැලකෙන එම පූජා භූමිය සීතාවක රාජධානී යුගයෙන්ද ඔබ්බට විහිදෙන්නෙකි. වලගම්බා රජතුමන් තම සතුරු සේනාවන්ට එරෙහිව සංවිධනය වන්නට වූ කාලයේ සැඟව සිටි ස්ථානයක් ලෙසට සැලකෙන මෙහි ඉන් අනතුරුව තම නැවත රාජාභිශේකයෙන් පසුව මෙහි පුදබිමක් ලෙසට නැංවූ බවත් පසුව මහනුවර සමයේදී වඩාත් ක්‍රමවත්කර දැනට පවතින පුරාන විහාරස්ථානය කල බවටත් සැලකේ. මෙහි එන එක් පුරාවෘතයකට අනූව රාජසිංහ රජතුමන් මෙන්ම මයාදුන්නේ රජතුමන්ගේද ගෞරවාදරයට පත්වූ මෙහි එකල විසූ ප්‍රධාන ස්වාමීන්වහන්සේ මෙම නරවිරුවන් දෙදෙනාගේම වේලපත්කඩ සකසන්නට දායක වීම හා ගුප්ත ශාස්ත්‍රයේ මනා නිපුනත්වයට පත්ව සිටීම එයට ප්‍රධාන සාධයකයක් වන්නට ඇති බවට විස්වාස කෙරේ.
නොකඩවා පවත්වා ගෙන එනු ලබන මානියම්ගම කරල් පෙරහැර මේ වන විට 200 වාරයද ඉක්මවා පැවැත්වෙන අතර ලංකවේ පැවැත්වෙන එකම කරල් පෙරහැර බවටද කියැවේ. විහාරස්ථානය පි‍ටු පසින් දිවෙන කඳුයාය ප්‍රධාන මුදුනත් තුනකින් නම් වන අතර රජදවස සිටම ඒවා අශ්‍රිතව පැවතෙන ජනංප්‍රවාදද රාශියකි.ප්‍රාග් ඓතිහාසික යුගයටද නෑකම් කියන “බෙලිලෙනක්” පිලිබඳවද මෙම කඳු වැටිය ආශ්‍රිතව කියැවෙන අතර පොලොන්නරු, අනුරාධපුර යුග වලදී රචිත ග්‍රන්ථවලද මෙම සරුසාර භූමි භාගය පසුකරමින් රටේ අන් දෙසට ගිය පිරිස් විසින් දු‍ටු සංශ්‍රීක බව විස්තර කර තිබේ.
සීතාවක ඉතිහාසය ගැන හදාරන්නන් හා උනන්දුවක් දක්වනන් අතර කථා බහේදී නිතරම පැවසෙන කරුනක් වන්නේ ඉතාම අවාසනාවන්ත ලෙසට මෙම කාලපරිච්චේදය පිලිබඳව කරුබු සොයා බැලීම් , ගවේශනයන් ඉතාම අවම මට්ටමක වන බවයි. බොහෝ ඓතිහාසික ස්ථාන අනාරක්ෂිතව පවතින බවක් පැවසෙන අතර කැනීම් වැනි කටයුතු අවම මට්ටමක වන බව ඔවුන්ගේ අදහසයි. ලක් ඉතිහාසයේ තීරනත්මක සටහනක් තැබූ සීතාවක රාජ්‍ය සමය ආශ්‍රිත තොරතුරු පිලිබඳව මීටවඩා වැඩි අවධානයක් යොමු වේවායි ප්‍රාර්ථනා කරමු.
www.avissawella.com

Posted in History | Leave a reply

උක්වත්ත වසම නාමය සෑදුන ආකාරය

ඉංග්‍රිසී පාලනය යටතේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ රබර් හා තේ වගාව අරඹන ලදී. එම වැවිලි බෝග ප්‍රවාහනය සඳහා 1905 දී අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ග ඉදි විය. 1908 දී රත්නපුර දක්වා එය දීර්ඝ විය. මුඩුබිම් පනත යටතේ දේශීය ජනයාගෙන් රජයට පවරා ගත් රතු පස් සහිත උස් ඉඩම්වල තේ හා රබර් වගාව ආරම්භ වුණු අතර පහත් බිම් තීරයන් නිරතුරුවම ජල ගැලීම්වලට ලක් විය. අවිස්සාවේල්ල නගරය ආශ්‍රිත උස් බිමි රබර් හා තේ වැවිලිවලට සමාගම් යටතේ යොමු විය.
අවිස්සාවේල්ල දුම්රිය පොළට බටහිරින් හා දකුණින් කැළණි ගඟ දක්වා වු පහත් බිම් තීරය සියලු පසින් යුතු සරුසාර බිමක් විය. එවකට ලංකාවට පැමිණි සිටි වැවිලිකරුවන් අතර උක් වගාව ගැන දැන සිටි විදේශිකයන් සතු අක්කර 100 ක පමණ බිම් තීරයේ උක් වගාව ආරම්භ කර ඇත. උක් දඬු ඇඹරීමේ කර්මාන්ත ශාලාවක් ද එහි ආරම්භ කර ඇත. කිතුල් පැණි හා කිතුල් හකුරු පමණක් දැන සිටි ලාංකීකයන්ට මෙය අළුත් අත්දැකීමක් විය.
වසර 20 පමණ ඉතා සාර්ථකව සිදු කළ සීනී කර්මාන්ත ශාලාවේ සේවක වැටුප් පිළිබඳ ගැටළුවක් මතුවීම නිසා අර්බුදයක් මතු විය. උක් වගාව ආශ්‍රිත සර්පයින් විශාල ලෙස ගැවසීම සිදු විය. මෙහි දී යන්ත්‍ර ක්‍රියාකරන පිරිස් පාලකයන් සමඟ උරණ වී උක් දඬු සමඟ සර්පයින් ඒ තුළට දෑමීමෙන් සීනීවලට සර්ප විෂ ඇතුළු වී ඇති බව ප්‍රචාරයක් යවන ලදී.
අවසානයේ ඉහළ පාලකයින් මේ පිළිබඳ මැදිහත් වී ඇඹරුම් යන්ත්‍ර පරීක්ෂාවේ දී සර්පයින් දමා සීනී වලට විෂ ඇතුළත් වීමට කටයුතු කර ඇති බව සොයා ගන්නා ලදී. ඒ අනුව රජය මඟින් සීනී කම්හල වසා දමන ලදී. එහි යන්ත්‍ර සූත්‍ර පසු කාලයේදී හොනිටන් පෙදෙසේ පැවති බවද වාර්තා විය. මේ අනුව ලංකාවේ ඇරඹු ප්‍රථම උක් සීනී කම්හල අභාවයට පත් වූ අතර එම උක් වගා ප්‍රදේශය අද උක්වත්ත නමින් හඳුන්වනු ලබන බවද කියැවේ.

Posted in History | Leave a reply

ආරක්ෂාව පතා රංවල දෙවියන්ට කෙරෙන ආයචනයයි ඒ….

සීතාවක පහල ප්‍රදේශයේ කැළණි ගඟ දෙපස රන්වල දෙවියන් පිදීමද ප්‍රචලිතය. ප්‍රදේශයේ කාටත් හිතවාදීව ජීවත් වූ මෙහු මියයාමෙන් පසු දේවත්වයෙ පිදුම් ලබයි. කොළඹ අවිස්සවෙල්ල මහ මග හිඟුරල අඹ ගස ලග මේ දෙවියන් වෙනු වෙන් පඬුරු ඔප්පු කෙරේ. ගඟ දෙපස මිනිසුන් දෙවියන්ට උපහර වශයෙන් පුහුල් පහන් දල්වති. විශේෂයෙන් ගඟ දිගේ ලී පහුරු ගෙන යන අයට මේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බව විස්වාස කෙරේ. කෑගල්ලේ රංවල ධාන්‍ය ගබඩාවක් රකිමින් සිටි අස්වන් රාලහි රන්කිරිරාල දෙවන රාජසිංහ රජුගේ උදහසට ලක්වූවෙන් පැන විත් කැළණි ගඟ දිගේ පහලට පහුරු දෙකක් පැදගෙන ගියහ. දංගල්ල හරියේදී ගඟ වැල්ලේ සිටි සූරූපියක් දැක ඇය හා හාද වී අස්වන්රාල පවුල් දිවිය ඇරබීය. රන්කිරිරාල නොනවතී පහලටම ගියේය. ගමේ අය හා හොඳින් හිතවත් වූ අස්වන් රාලට හිඟුරල ප්‍රදේශයේ වාස භූමිය විය. දැහැමි අස්වන්රාල මියගිය පසු දේවත්වයට පත්විය. රණවල දෙවියන්ගේ අවතාරය හිසේතලප්පාවක් බැඳ සුදු ඇද ගත් ආරෝහ පරිනාහ පුද්ගලයෙකි. අගුලකින් ගඟ පහලට යන මේ අවතාරය ඇතැම් අය දැක ඇතැයි ගැමියෝ කියති. රන්වල පෙදෙසේ නයි ගලත් කපුගොඩ පල්ලිය වත්ත තො‍ටුපොලත් මල්වානේ රාසපාන තො‍ටුපලත් දෙවියන්ගේ ඇල්ම බැල්ම වැඩි තැන්ය.
” කැළණි ගංගාවට, රංවං අඟුලට , ලෙනවර රජ මහ විහාරයට, නයිගල වලට, පල්ලිය වත්ත තො‍ටුපලට රස්ස පාන ගලට අරක්ගෙන වැඩ වදාරනවා සත්‍ය වාදී නම්, හිඟුරල අඹ ගසට දිවැස්ලා කැළණි දෙගම්බඩ කෙත්වතු බව භෝග ආරක්ෂා කරත්වා සත්තවාදී සැබෑ නම් රංවල දෙවිහාමුදුවන් වහන්සේ මේ නර පනුවන් නමින් ධන ධාන්‍ය කැවිලි පෙවිලි පුද පඬුරු භාරගෙන දුක් කරදරයක් අතුරු ආන්තරාවක් නැතිව කරන ගොවිතැන් දිවුනු පමුනු කර ‍රැක දෙන්නට ඔබ වහන්සේ වරම් දෙන්නට අවසර.” ආරක්ෂාව පතා රංවල දෙවියන්ට කෙරෙන ආයචනයයි ඒ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

බලියාග, තොවිල් ආදිය බෞද්ධ මුහුනුවරකින් කිරීමට…..

බලියාග, තොවිල් ආදිය බෞද්ධ මුහුනුවරකින් කිරීමට තොටගමුවේ හිමිත් වීදාගම හිමිත් උපදෙස් දුන්හ. අසු ගැබ, දිය කොරහ, මහ නිලඟරාස්සය, දශා ක්‍රෝධය, විස්කම් බලිය, සෙනසුරු ඒරාෂ්ටකය ආදී බලියාග පවත්වා අවසන ආඝෝර නවනාථ, සංජීවනී, මෝර්තුංජය වැනි යන්ත්‍ර පැලඳීම මෑතක් වන තුරුම මේ සමාජයේ මුල් බැසගෙන තිබුනි. ජෝතියරත්න ගනිත දොඩම්පේ ගනිත ආදීහු එදා රජුත් ඇසුරුකල නැකැත්ද දතුවෝය. මේ යන්ත්‍ර මන්ත්‍ර විධි කෙරෙහි මහායාන බල පෑම ඇති සේ පෙනේ. වානිජ සමාජ ක්‍රමය මගින් පැරණි ග්‍රාමීය සමාජ ක්‍රමයේ ජිවන සුවඳ මැකී යමින් පවතී. මිනිසුනට අපලකල යකුන් අතර රීරියකා(ලේ) මහසෝනා(සෙම) හා කළු යකා (වාතය) මුල් තැන ගනී. ඔවුන් සතු‍ටු කර සෙත සැලසීම සදහා තොවිල් කිරිනි. දෙවියන් සතු‍ටු කිරීමට ගම්මඩු, දෙවොල් මඬු, දානේ මඬු, පහන් මඬු, පුනා මඩු ආදිය නැටූහ. කිහි‍රැලි උපුල් වන්, සමන් බොක්සැල්, විභීෂණ කන්ඳ කුමාර ශ්‍රී ලංකාව භාර ප්‍රධාන දෙවි වරුන්ය. ගම්භාර සූනියම් දේවතාවන් ප්‍රදේශයේ තවමත් පිදෙන දෙවියෙකි. නවගමුව වැනි හැම දෙවොල් බිමක්ම වාගේ එකම දෙවියෙකු සදහා පමනක් නොව ප්‍රධාන දෙවිවරුන් හැම දෙන සදහාම කැපවී ඇත.
අ‍ටුළුගමට නුදුරු දේවාල කන්දේ මංගෙදර පැරණි පත්තිනි දෙවොලක් විය. ක්‍රි.ව. 1582 දී එය කබුළුමුල්ලේ අද පවත්නා ස්ථානයට ගෙන ගියේ රාජසිංහ එකවන රජුගේ උපදෙස් ඇතිවය. මැදගොඩ පත්තිනි දේවාලයද මේ අවධියේම නැවත ආරම්භ වූවකි. රජතුමා ගගදිගේ දේව අඟුලෙන් පෙතන්ගොඩට යමින් සිටියේය. මැදගොඩ පැරණි දෙවොල් බිම අසල දී අඟුල ඉබේම නැවතුනි. අඟුල පදිමින් සිටි මාලමීගොල්ල නැමැත්තා දියට බැස බෑලූ නමුත් කිසිම හේතුවක් නොපෙනුනි. මේ දේව හාස්කමක් හැටියට සැලකූ රජතුමා තව දුරටත් විඅම්සා බලන විට පත්තිනි දෙවොල සොයාගන්නට හැකිව ඇත. දේවාලය යලි ගොඩ නගන්නට තීරනය කල විට අඟුල ඉබේම ගග ඉහලට ගමන් කොට මාදෙයියා ගල නම් ගල මත නැවතුනි. ඊට පසුව සතිටට පත් රජතුමා මැදගොඩ පත්තිනි දේවාලය අළුතින් කරවූ බව කියවේ.
ගනේගොඩ දෙවියන්ද සීතාවක පෙදෙස් තෙද බල පාන අයෙකි. මේ අනෙකෙකු නොව සීතාවක රාජසිංහ රජතුමාය. භික්ෂූන් (ගණයන්) බෙලි කපා ගොඩ කල බැවින් ගනේගොඩ වී ඇත. මැදගොඩ, කබුළුමුල්ල පත්තිනි දේවාල වල පූජා පැවත්වීමේදී සිද්ධ ගනේගොඩ දෙවිහාමුදුරුවනට මුල්තැන ලැබේ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

තල්දූව දූපත්වලින් සෑදුනු ගමකි…

තල්දූව දූපත්වලින් සෑදුනු ගමකි. ගැටහැති ඔයත් සීතාවක නදියත් එකවන මේ පෙදෙස නිතර ගංවතුරට යටවේ. සීතාවක නඳියට වඩා ප්‍රබලව ගැටහැති ඔය ගෑලූ ඈත අවදියක ගැටහැති ඔයේ ගෙන ආ මැනික් ඉල්ලම්ස් සහිත අවසාධිත තැන්පත් වී පහල තල්දූවට මැණික් පහල වන්නට ඇත. ගුරුපස්ගොඩට ඉහලදී සීතාවක නඳිය දෙපස මැණික් ඉල්ලම් නැත. එසේ නම් ගැටහැති ඔය ඈත අවදියකදී කෝවිල් බිමද පසුකොට උතුරුට ගලාවිත් ගුරුපස්ගොඩ හරියේදී හැරී තල්දූවේ උස්බිම් වටකරමින් ගලා යන්නට ඇතැයි සිතමි.
තල්ශූවේ පිහිටි දූපත් කවරේදැයි විමසා බලමු. භෛරව කෝවිළ පිහිටි බිම එකකි. අද සෝමාරාමය පවතින බිමත් මළුව පිටවත්තත් තවත් දූපතකි. ගණ පංතියද මීගහගොඩැල්ලද දූපත්ය. තල්දූව නගරය පිහි‍ටුයේ අංගම්පිටිය ගොඩ වත්තේයය. එද යුධ සරඹ දැක්වූයේ මෙහිවිය හැකිය. පැරණි මුස්ලිම් වෛද්‍ය පරම්පරවේ ඉඩමද ගොඩවත්තකි. රාජසේකර දූවේගොඩ රණසිංහ මුදියන්සේ වූ මුස්ලිම් වෛද්‍ය පරපුරට අයත් දූවේගොඩ වත්ත මිස අන්තැනක් නොවේ. තල්දූවෙන් ඇපලපිටිය ගුරුගල්ල පාර ආශ්‍රිතව ගොස් යාලේගම නාපාවල, කපුවැල්ල, දයිගල හරහා රුවන්වැල්ලට පැරණි මාවත වැටී තිබුනි. තල්දූව වෙළඳ පොලට වම් පසින් ගණ පංතියේ එදා භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නට ඇත. තැපැල් කාර්යාලය අසල වලැවත්ත ප්‍රභූවරයෙකුගේ වලව්වක් තිබුනු බිමයි. මුස්ලිම් පල්ලිය පිහිටි බිම කුස්සිය මුල්ල වත්තයි.
තල්දූව පසුකර මද දුරක් ගියවිට දකුනු පස පෙදෙස කිරිඅම්මල කන්දයි. වම් පසින් ගොලෑබොක්කයි. වීරසුන්දර බණ්ඩාරට වලගම වට්ටාරම දෙන ව්‍යාජයෙන් සීතාවකට ගෙන්වා ගොලෑබොක්කේ බොරුවලක දමා මැරවූ බව ජනවහරයි. තව ටික දුරක් යන විට වැලිවිටියයි. උඩරටින් පැරදී ආපසු එන රාජසිංහ රජුට පෙතන්ගොඩ උයනේදී උණ ක‍ටුවක් ඇනී අසාධ්‍ය විය. කරවනැල්ල හරහා සීතාවකට එන විට කරවනැල්ලේදී කොරවුනු බව කියවේ. (රජු කොරවුනු ඇල්ල) කරව නැල්ල වූබව් අගමියෝ කියති. ආපසු කැළණි ගඟ දිගේම පහල අඟුලෙන් විත් යලි සීතාවක නඳිය දිගේ ඉහල එමින් සිටියදී කිකිලි බිත්තර වැල්ලේදී රජු මියගියේය. ගඟේ සිට ඇලමගක් දිගේ අඟුල පිටින්ම රාජදේහය පාකර ගෙන විත් දෝනාවක් තුලට දමා අවසන් කටයුතු කල බව ගැමියන්ගේ විශ්වාසයයි. මේ සොහොන් බිම අදද වැලිවිටිය හරියේ හොයා ගෙන ඇත. රාදේහයට අත තැබීමට සුදුසු රාජකීයයෙකු නොසිටියෙන් මෙසේ අප්‍රසිද්ධව අවසන් කටයුතු නිමකල බව කියැවේ.
ආඬිගුරුවරුන් ගඟ හරස් කර පස්ගොඩ ගුරුපස් ගොඩ විය හැකිය. මේ හරියේ ගඟට සමාන්තරව ගොඩ කල වැටියක ලක්ෂන ගං ඉවුර දිගේ පෙනේ. ගංවතුර ගැලූ විට ගග මෙතැනින් හැරී ගැටහැතිඔයේ එන ජලයත් සමග තල්දූව නගරය මැදින් ගොස් ගොලෑබොක්කේදී නැවත ගගට එක්වෙයි. මෙසේ අවිස්සවෙල්ල, මානියම්ගම , තල්දූව , මාදොල යන ගම් එදා සීතාවක නගරයට ඇතුලත්ව තිබුනු බව පැහැදිලි වේ. තැලුම්පිටිය දිවුරුම්පිටිය වැනි ගම්වලදී වැරදිකරුවනට දඩුවම් පැමින වූ බවද විශ්වාස කෙරේ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

පරරාජ සිංහ

සීතාවක රාජධානිය ඇරබෙන්නේ කෝට්ටේ රාජධානියෙනි. විජයබා රජිදුන්ගේ යම් ක්‍රියාකලාපයහි තිබූ දුර්වලතා මේ සදහා හොඳින් පසුබිම් වූ බවයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. ඉතිහාස සටහන් වල වැඩි දුර සටහන් නොවන අනු කථාවක් ලෙසට “පර රාජසිංහ” එනම් විජයබා රජතුමාගේ දරුවන් සතර දෙනාගෙන් එක් අයෙක් ලෙසට පෙන්වා දෙයි. ඔහු දුර්වල ලෙඩ රෝගවලට නිතර ගොදුරුවන අයෙක් ලෙසට හදාරන්නන් හඳුන්වන්නේ මෙලෙසය. ” ලෙඩින් වැහැරුන, බල සිහින්, තලේලළු සිරුරක් ඇති පරරාජසිංහ මන්ද උත්සාහි පුද්ගලයෙකි. සිරෙහි පසුවෙද්දී මටනම් මෙතැන හොඳාය. කරදරයක් නැතිව පසු වන්නට ලැබෙනවා යැයි ඔහු කියන කථාව රජසිරි ලැබීම පිලිබඳ අදහසක්වත් නැතිවීයන රජය ගැන ඔහුතුල නොවූ බව පෙන්නුම් කරයි. ” මෙම පරරාජසිංහ කුමරු සිරෙහි පසුවෙද්දී හැසිරෙන අයුරුද සිනා උපදවන සුලුය. සූර්ය වංශික රජුන්ගේ තොරතුරු සොයා ගෙන ඊට තමාගේ සම්බඳය ඇතිකල තැනැත්තා පිලිබඳ තතු සෙවීමත් තම ජන්මපත්‍රයේ තමාට බලපා ඇති ශනි ග්‍රහයාට ස්තොත්‍ර කීමත් ඔහුකල කාර්යයි. ”
පරරාජසිංහ යනු මායා දුන්නේ කුමරුගේ වැඩිමහල් සොහොයුරෙකු වන බවත් වරක් සිදුවූවක් ලෙසට හදාරන්නන් සටහන් කරන ” මේ කිමෙක්ද මලයන්ඩිය ඔබ මේ රෑ දවල් දෙකේ උන් හිටි තැන සිදුවිල්ලේ යෙදුන ගමන්? යනුවෙන් පරරාජසිංහ කුමරු තම මලනුවන් වන මායාදුන්නගෙන් අසන සැටියෙනොහුගේ සිදුවිලි කෙතරම් බොලඳද යන්න පැහැදිලි වේ” සටහන් වලි පැහැදිවේ.අවසානයේදී රයිගම්-වල්ලල්ලාවිට, පස්යොදුන් කෝරලවල ප්‍රථිරාජ පදවිය පරරාජසිංහ කුමරුට ලැබුනු බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (7)

එක්වන රාජසිංහ රජු මාන්නප්පෙරුම මොහොට්ටාලත් සමග සේනා සවිධානය කර බලන දක්වා ගමන් ගත්තේය. මාවෙල වාඩිලා ගත්තේය,. එතැන්සිට උඩරටට විරුද්ධව සේනාව මෙහෙය වූවද බලනෙන් ඔබ්බට යා නොහැකිව පසු බසින්නට සිදු විය. එක්වන රාජසිංහ රජු මාන්නප්පෙරුම මොහොට්ටාල සේනා සහිතව කඳුරු ගස් කපොල්ලේ නතර කර සීතාවක බලා පිටත් විය. පෙතන්ගොඩ උයනේදී ක‍ටු උණ ක‍ටුවක් රජුගේ කකුලේ ඇනී තත්වය වඩාත් උග්‍රවිය. රාජකීය අඟුලක හිදවා ගත් රජු සීතාවකට ගෙනයන අවස්ථාවේ මිය ගියේය. එකොලොස්වන වියේ සිට සටන් මෙහෙය වූ රණ ශූර රජෙකුගේ අවසානය බලාපොරොත්තු නොවූ පරිදි මෙසේ කෙලවර විය. රජු මිය ගියේ ඔහුගේ පුත් රාජසූරිය කුමාරයාගේ කුමත්‍රනයක් නිස බව කියති. උණ ක‍ටුවක් පතුලේ ඇනීමෙන් කෙනෙකුගේ මරනය සිදු වීමට නම් බැරිවීමකින් ඉබේ සිදුවූවල් ලෙසට නොව සිතාමතා පිලියෙල කරන ලද සැලසුමක ප්‍රතික්‍රියාවක් විය යුතුය. කෙසේ වුවද රජුගේ මරණය සම්බන්දයෙන් කුමත්‍රනයක් තිබූ බව ජනතා විස්වාසයට පත්විය. ජනතාව අතර එවැනි විස්වාශයක් ගොඩ නැගීමට   නම් එහි කිසියම් සත්‍යයක් ගැබ්ව තිබිය යුතුය.
මායාදුන්නේ විසින් විජයබාහු රජ මරවන ලද බව ජනතා විස්වසයට පත්විය. බුවනෙකභාහුද, රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ යන කුමාරවරු තිදෙන මැරවීමට කුමන්ත්‍රනයක් තිබූ බව දේවරාජ කුමාරයාගෙන් දැන ගත් ඔහු කෝට්ටේ මාලිගය කොල්ල කෑමට සේනාවට ඉඩ දුන්හ. රජු මැරවීමට මායාදුන්නේ අන කලත් සේනාවෙන් කිසිවෙක් ඉදිරිපත් නොවූහ. කුලියට ගත් සලොමන් නැමැත්තෙකු ලවා රජ මරවන ලද බව ඉතිහාසයට එක් විය. සලමාන් කියන ආගන්තුකය ලවා රජ මරවන ලද බව රාජාවලිය කියයි. වැලැන්ටයින්ගේ වාර්ථාව අනූව මොහුගේ නම “සලම්” ය. කූ‍තෝ හා ක්වේරෝස් යන දෙදෙනාම විජයබාහු මරණ ලද්දේ මායාදුන්නේ කුමරු බව ඉස්ථිරවම කියති. එක්වන රාජසිංහ රජු විසින් තම පියා වූ මායදුන්නේ රජ මරණ ලද බව චූල වංශය කියයි. මායාදුන්නේ රජුගේ දෙවන බිසවකගේ පුතෙක් වූ හෙයින් රාජසිංහ රජු පියා මරණ ලද බව කූ‍තෝ හා ක්වේරෝස් යන දෙදෙනාම කියති. පියා මැරූ පව් ගෙවීමට නොහැකි බව මහා සංඝයා වදාල විට උන් වහන්සේලා දියේ ගිල්වා මැරූ බවත් සිව සමය වැලඳ ගත් බවත් ප්‍රසිද්ධියට පත් විය. සීතාවක ඉතිහාසය සම්බන්දයෙන් වැඩි විස්තර සඳහන් එකම පොත වන රාජවලියෙහි රාජසිංහ පිය්ටා මැරවූ බවත් සදහන් නොවේ. එක් වන රාජසිංහ රජු කෝපයට පත්වූ විට ඉතා දරුනු පුද්ගලයෙකි. උඩරට වීරසුන්දර බණ්ඩාර ගොලෑ බොක්කේ දී බොරුවල දමා මරවන ලදී. මේ සිද්ධීන් ගැන සලකා බලන විට පියා හෝ වෙනත් අයෙකු හෝ මැරවීමට සීතාවක රජපෙලපතේ සුළු සිද්ධියක් බවට පත්ව තිබුන බව පිලිගත යුතුව තිබේ.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් ( 2 )

“සීතාවක” යන නාමය ප්‍රසිද්ධියට පත් මුල් කාලයේදී රාජ්‍ය පාලනය අතින් වැදගත් ප්‍රදේශයක් වශයෙන් සැලකීමට ඓතිහාසික සාධක මෙතෙක් හමුවී නැත. ගජබාහු රජුගේ මරනින් පසු ක්‍රි.ව. 1153 දී එක්වන පරාක්‍රමභාහු රුහුනේ අධිපතිව සිටි මාණාභරනට එරෙහිව දකුනු දෙසින්ද සේනාව මෙහෙය වීය. කේෂ ධාතු දේවිල හා කේෂධාතු ලෝක යන නායකයන් දෙදෙනාගේ හමුදාව පලමුව කදවුරු බැඳ ගත්තේ ‘මහනිය්‍යම’ ප්‍රදේශයේ බව චූල වංශය කියයි. මහාපරාක්‍රමභාහු රජුගේ කාලය වන විට සීතාවක ප්‍රසිද්ධ ස්ථාන නාමයක්ව නොතොබූ බව “මහානිය්‍යම” -මහානියම්ගම- මානියම්ගම- සදහන් කිරීමෙන් මනව පැහැදිලි වේ.
සීතාවක , වැදගත් ස්ථානයක් වශයෙන් ලංකා ඉතිහාසයේ සදහන් වන්නේ ක්‍රි.ව. 1521න් පසුවය. ක්‍රි.ව. 1521 ඇති වූ විජයබා කොල්ලය නමින් හඳුවනු ලබන රාජ්‍ය පෙරලිය නිසා විජයබාහු රජු මරනයට පත්වූ අතර කෝට්ටේ රාජ්‍ය ඔහුගේ පුතුන් තිදෙනා අතර බෙදී ගියේය. වැඩි මහල් පුත් බුවනෙකභාහුට කෝට්ටේ රාජ්‍යයත් දෙවන පුත් රයිගම්බණ්ඩාරට රයිගම්පුර ප්‍රදේශයත් මායාදුන්නේට සීතාවක රාජ්‍යයත් වෙන්කර ගැනිනි. කෝට්ටේ ප්‍රධාන රාජ්‍ය අතර රයිගම හා සීතාවක ප්‍රාදේශීය රාජ්‍යය විය. මායාදුන්නේ සීතාවක සිට ප්‍රදේශය පාලනය කිරීමට ආරම්භ කිරීමත් සමග සීතාවක රාජ්‍යයේ ආරම්භය ඇති වූවේය.
සීතාවක රාජයය කාලය අවුරුදු හැත්තෑ තුනක් පමන සුලු කාලයකට සීමා වූ අතර ප්‍රධාන වශයෙන් රජවරු දෙදෙනෙකුගේ කාලයට එය සීමා වූයේ යැයි කියුවද වරදක් නැත.
1. මායාදුන්නේ රජු – ක්‍රි.ව. 1521 – 1581 අවුරුදු 60
2. එක්වන රාජසිංහ රජු ක්‍රි.ව. 1581 – 1592 අවුරුදු 11
3. රාජසූරිය කුමරා ක්‍රි.ව. 1592
4. පස් අවුරු කුමාරයා ( නිකපිටියේ අදහසින්)
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply