Back to Top

Category: Intel

intel වෙතින් එන Skylake වල දුර්වලතාවයක්…

               intel වෙතින් නිකුත්වන 6th Gen Intel Core family වල  Skylake ප්‍රොසෙසරයක් වල භාවිතාවේදී Prime95 (a mathematical modeling application used to find special types of prime numbers) නම් සංකීර්න අවස්ථාවේදී හමුවන freezing issues අවස්ථාවක් මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ Linux මෙන්ම Windows-based systems අවකාශයහිදී තත්වය පැමිනෙන මුත් තවමත් ගැටලුවේ පදනම තවමත් පැහැදිලි නොමැති බවයි. පරිගණකයක benchmark මෙන්ම stress-test  අවස්ථාවන් නිර්නය සදහා යොදා ගන්නා Prime95 අවස්ථාවේදී හදා ගෙන ඇති මෙම දුර්වලතාවය ඉලක්ක කොටගත් BIOS update එකක් ලෙසට වන විසදුමක් ඉන්ටෙල් ආයතනය සංවර්ධනය කර ඇති බවත් ඉදිරියෙදී භාවිතාකරන්නන් වෙතට පැමිනෙනු ඇති බවටත් නිවේදනය වෙනවා. හදාරන්නන් පැහැදිලි කරන්නේ සාමානය භාවිතාවෙදී මෙම ගැටලුව හමුවීම විරල මුත් scientific මෙන්ම financial institutions වැනි අවකාශවල භාවිතාවේදී සැලකිලිමත් විය යුතු බවයි.

Posted in Intel, issues |

Intel වෙතින් Atom x3, x5 and x7 smartphone chipsets නිවේදනය වේ…

   Intel ආයතනය තම නවතම processors පෙල නිවේදනය කර තිබෙනවා. ඔවුන්ගේ Atom x3, x5 and x7 smartphone chipsets පෙල පිලිබදව පැහැදිලි කරමින් විස්තර කෙරෙන්නේ පෙරදී “SoFIA” සංකේතනාමයෙන් හැදින්වූ Atom x3 series නිකුතුව low end devices එනම් tablets and phablets සදහා වන අතර පෙර සංකේත නාමයවූ “Cherry Trail” ලෙසින් හැඳින්වූ Atom x5 / x7 නිකුතුව premium tablets හා small-screen 2 in 1s සදහා වන්නට නියමිත බවකි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ තම Atom x3 processorsය දැනටමත් නිෂ්පාදකයින් 20කට අධිකව අවධානය ලබා ගෙන ඇති බවත් ර්ම යොදා ගැනීම් මූලිකව Android සදහා මුත් ඉදිරියේ දී Windows 10 උපාංග සදහාද වන්නට ඉඩ ඇති බවකි. මෙහිදී ඔවුන් පැහැදිලි කරන්නේ Combining 64-bit multi-core Intel Atom processors සමග 3G / 4G LTE connectivity, the integrated communications SoC combines the applications processor, image sensor processor, graphics, audio, connectivity මෙන්ම power management components in a single system chipset ලෙසට වීමේදී නිෂ්පාදකයින්ට පහසුවෙන් full-featured tablets, phablets හා smartphones සදහා මේවා භාවිතයට ගන්නට හැකි වනු ඇති බවකි. මෙම Atom x3 chipset වල මිල ගනන් $75 – $249 අතර වීමට නියමිත අතර මෙහි 3G enabled සංස්කරනය වසර මුල් භාගයේ නිෂ්පාදකයින් වෙතට නිකුත් වන්නට නියමිත අතර LTE version සංස්කරනය වසරේ දෙවන භාගයේ නිකුත් වන්නට සැලසුම්ව ඇති බවකි.

Posted in Intel |

5th Generation Intel Core processor family නිවේදනය වේ..

    Intel වෙතින් එන්නට නියමිත බවට පෙර ප්‍රකාශවී තිබූ 5th Gen Core processors නිකුතුව මේ වන විට නිල ලෙසට නිවේදනය වී තිබෙනවා. CES වලදී සිදුවූ මෙම නිවේදනයවීම අනූව 14nm නිෂ්පාදන ක්‍රමවේදයට අනූව නිර්මානය වන මෙම නිකුතුව දියුනූ කල performance මෙන්ම graphics මෙන්ම battery life ගෙනෙනා බවටයි Intel වෙතින් පැවසෙන්නේ. පැවති Haswell ප්‍රොසෙසර් සමග සැසදීමේදී සියයට 20-30 ක බැටරි ජීවකාලය ජංගම උපාංග භාවිතය බහුල වන මෙම යුගයේ අවශයතාවය වඩාත් හොඳින් සපුරන්නට සූදානම් බවටයි දැක්වෙන්නේ. Intel පවසන්නේ තම 5th generation processors සමග 2 in 1s, ultrabooks, notebooks, Chromebooks, All-in-One PCs and mini PCs ආදී සියලුම් උපාංග සදහා වඩාත් සිහින් නිමාවක්, අඩු බ‍රැති බවක් මෙන්ම කාර්යක්ෂම භාවිතාවක් ගෙනෙනු ඇති බවත්ය. එසේම එම ආයතනය පැහැදිලි කරන්නේ තමන් Core i3, i5 මෙන්ම i7 සියලුම නිකුතූන්ට අදාල වන ලෙසට නව තාක්ෂනය සමග එන ප්‍රොසෙසර් 14 නිකුත් කරන්නට කටයුතු කරන බවයි. මීට අමතරව Intel මේ වන විට පවසා සිටින්නේ තම නව නිකුතුවේ tablets සදහා වන සංස්කරනය “Cherry Trail” නමින් නිකුතුවටද සූදනම් බවකි. මෙම SoC (System-on-Chip) නිකුතුව සමග 64-bit, දියුනුකල graphics හැකියාව , හා වැඩි battery life එකක් ගෙනෙන්නට සමත්වනු ඇති බවය.

Posted in Intel |

Intel වෙතින් එන 10nm Chip 2017දී..

   Intel ආයතනය පවසන්නේ තමන් 2017 පමන වන විට 10nm Chip නිෂ්පාදනය වෙතට සැලසුම් කරමින් සිටින බවකි. මෙම “10-nanometer” ඉලක්කය බොහෝ විට එලබෙනවසරේ දී පැමිනීමේ ඉඩකඩද බොහෝ බවටයි වැඩිදුරටත් අනුමානය වන්නේ. ප්‍රකට Moore’s Law ඉක්මවන ප්‍රවනතාවක් පෙන්වන මෙම දියුනු කිරීම “tick tock tock” ලෙසින් සංකේථාත්මක හැදින්වීමකට ඔවුන් පෙලබ සිටිනවා. ක්‍රමයෙන් දියුනු වන තාක්ශනයන් තුනක් මෙම නාමය ඔස්සේ කියවනු ලැබෙනවා. ආයතනය ඊලග වසර දෙක තුලදී 7 nanometers වෙතට පිවිසීමේ අභියෝගාත්මක අත්හදා බැලීමේ මට්ටමට පැමිනීමක් පිලිබදවද ඉගිකරමින් සිටින අතර ද්‍රව්‍ය තාක්ශනය පිලිබදව සීමාමාත්මක මෙම මට්ටම පිල්බදව තවමත් වැඩි දුර විස්තර හෙලිවෙන්නේ නැත. එම සංකේථානය නිර්මානය වන ආකාරය 14nm process-tick, Skylake microarchitecture – tock, Kaby Lake – tock. ලෙසටයි හදාරන්නන් පැහැදිලි කර සිටින්නේ. වේගයෙන් කුඩා වෙමින් ඇති උපාංග ලෝකයේ මෙන්ම වඩාත් වේගවත් වීමේ අවශ්‍යතාවය විසින් තොරතුරු තාක්ශනය මෙලෙස තීරනාත්මක ලෙසට ඉදිරියට තල්ලුකරමින් සිටීමයි හදාරන්නන්ගේ වැඩි දුරටත් වන පැහැදිලි කිරීම වන්නේ.

Posted in Intel |

INTEL මීලග processors පෙල Skylake.

    තොරතුරු ලෝකයේ හඳවත බදු ප්‍රොසෙසර ලොකයේ Intel වෙතට හිමිවන්නේ ප්‍රධානතම තැනකි. ඔවුනගේ ප්‍රොසෙසර් නිෂ්පාදන පෙලෙහි මීලග නිකුතුව එනම් 6th generation වල මීලග සූදානමෙහි නොනිල තොරතුරු කිහිපයක් මේවන විට පැමින ඇත. මෙම නිකුතූන් වල Desktop සංස්කරනයන්ගේ නිකුතූන් 10ක් පිලිබදව තොරතුරු පැමිනෙමින් ඇති අතර ඒවායේ benchmarking data සැසදීමේදී 15% ක ක්‍රියාකාරීත්වයේ ඉදිරියට පැමිනීමක් වන බවටයි පැහැදිලි වන්නේ. මෙම processors පෙල 35W “T” series chips වල සිට ඉහලට ලෙසට දැක්වෙන අතර එහි “K” series වලදී (unlocked chips) වලදී overclocking හැකියාව වන බවට දැක්වෙනවා. DDR4 සහය දක්වන මේවායේ නව socket 1151 සූදානමින් පැමිනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් මෙම නිකුතුව සදහා දින වකවානු සඳහන්ව නැත.

Posted in Intel, New Technology |

intel වෙතින් එන Skylake අගෝස්තු දක්වා ප්‍රමාදවන බවක්!!

    intel වෙතින් පැමිනෙන්නට නියමිත මීලග DeskTop ප්‍රොසෙසරයේ සංකේථ නාමය ලෙසට Skylake ගැනේ. 2015 දෙවන කාර්තුවේ මෙම නිකුතුව සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු තිබුන මුත් එය August දක්වා කල් යනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු වෙනවා. 14nm තාක්ශනය යටතේ මෙය නිෂ්පාදනයට සැලසුම්ව තිබෙන අතර පසු සංස්කරන 10nm මට්ටමේ ඒවා වනුඇති බවටයි බලාපොරොත්තු පල වන්නේ. හය වන පරම්පරාවේ Core processor වන මේවා පිලිබදව නිල නොවන තොරතුරු හෙලි වීමකදී Skylake-U (mobile) හා Skylake-S (desktop) ලෙසට වනු ඇති බවට තොරතුරු හෙලිවී තිබෙනවා.

Posted in Intel |

Intel ගෙනෙන ” PC in a stick ” ..

   ඔවුන් එය නම් කරන්නේ Intel Compute Stick ලෙසටය. නමුත් එය Intel Atom Bay Trail ප්‍රොසෙසරයකින්, 32 GB(eMMC) ගබඩා හැකියාවකින් හා 2 GB RAM හැකියාවකින් යුතුව පැමිනෙන්නේ Bluetooth 4.0, 802.11 b/g/n සමග USB port (powering සඳහා) හා HDMI (1.4a) ද සමගය. මෙම උපාංගය සරලව අර්ථ දැක්වෙන්නේ සම්පූර්න පරිගණක හැකියාවක් ගෙනෙන කුඩා සැකසුරුවමක් ලෙසටය. මෙම stickය පැමිනෙන්නේම Windows 8.1 සම්පූර්න සංස්කරනයක් සහිතවම වන අතර Bing ද සහිත මෙම නිකුතුව සමග තාක්ශනිකව ඔනෑම Windows සහය applicationයක් ධාවනය කිරීමේ හැකියාව තිබෙන බවට තොරතුරු හෙලි වනවා. විශාල පරිමානයේ Screens සමගද කටයුතු කල හැකි වන මෙම නිකුතුව Bluetooth keyboard හා mouse ශ සමගම $149.99 මිලකට වෙළඳ පොලට පැමිනෙන බවටයි හෙලි වන්නේ. මීට අමතරව ඔවුන් පවසනවා ඔබ Windows ලෝලයෙන් නොවන්නේ නම් මෙහි Ubuntu සංස්කරනයක් 1GB ‍රැම් හා 8GB ප්‍රමානයේ storage හැකියාවක් සහිතව $89 මිලකටද ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය.

Posted in Intel |