Back to Top

Category: internet

අන්තර්ජාල ආකෘතියේ වෙනසක අවශ්‍යතාවය.

Facebook සේවාව පසුගියදා කෙටි වේලාවකට බිඳ වැටිනි. Mark Zuckerberg මේ පිලිබඳව තම Facebook ගිනුමේ සටහනක් තබන්නට කටයුතු කර තිබිනි. ලොව පුරා භාවිතාකරන්නන් ආසන්නව 827,000 පිරිසක් මේ සදහා තම ප්‍රථිචාර දක්වා තිබිනි. ඒවා අතර Namibia භාවිතාකරන්නෙකුගේ සටහනක් වූ ” මම දුරකථනය අලුත්වැඩියා කරන්නෙකු කරා ගෙන යන්නට කටයුතු කලා” වැන්නක සිට Italian භාවිතා කරන්නෙකුගේ අදහසක් වූ “හරිම අවාසනාවන්තයි, මට පවුලේ උදවිය සමග සම්බඳ වන්නට විදිහක් නැහැ” දක්වා විවිධ වූ බවක් ගනු ලැබිනි. තවත් අදහස් අතර “සිතාගත නොහැකි අත්දැකීමක්ය” යන්නේ සිට “සිදුවූ හානියට වන්දියක් ලැබිය යුතුයි” වැන්නන් දක්වා නෙක ආකාර ගත් බවටයි සටහන් වූයේ.
සමස්තයක් ලෙසට හැගෙමින් තිබෙන කාරනය වන්නේ ජාලගත වීම ක්‍රමයෙන් තොරාගත හැකි විකල්පයක සිට තීරනාත්මක ජිවිත මධ්‍ය ලක්ෂයක් වෙමින් තිබීමය. නෙක සේවාවන් අතර බිඳිය නොහැකි යැපීම් සිදුවෙමින් තිබීමය. උදාහරනයක් ලෙසට Facebook ඔස්සේ sign-in වීම තවත් සේවා වන් ‍රැසකට පිවිසුම් දොර‍ටුවක් වීම වැනි සරල තැනක සිට ඉහලට වන යැපීම් භාවිතාවක් නිර්මාණය වෙමින් තිබීමය. බොහෝ විට පසුගිය කාලයේ අප අත්විඳි Facebook මෙන්ම Gmail වැනි සේවාවල් වල බිඳ වැටීම් සමාජය මත කල සලකුනට විසඳුම අන්තර්ජාලයේ ආකෘතියේ වෙනස් කම් සදහා ආරම්භයක්ද වියහැක.
Pubudu Siriwansa

Posted in Facebook, internet |

සංවෘත රටවල් තව දුරටත් දේශපාලනික ආන්තිකයන්ගේ මතයක් පමනයි.

මිනිසා වඩාත් ලෝකවැසියෙකු වීමේ අනිවාර්ය සාධකය තව දුරටත් මග හැරිය නොහැකි බව මේ මොහොතේ වඩාත් සත්‍යයයකි. හදාරන්නන් පෙන්වා දෙන්නට කැමති වන්නේ අප පසුකරමින් සිටින යුගයේ මිනිස් ගොඩ නැගීම් තව දුරටත් හුඳු රටවල් මට්ටමින් විසඳා ගැනීමට නොහැකි තරමේ බරපතල ඒවා බවයි. උස් ගිරිදුර්ග, රළු සාගරයට තව දුරටත් මිනිස් සංස්කෘතිය බෙදා තබන්නට නොහැකි බව පමනක්ම නොව ඒවා තරනය කොට එකි නෙකා යාවීම මහා ධනවත් අයගේ ක්‍රියාකාරකම් පමනක් වීමේ පැරණි සත්‍යය අප වේගයෙන් පසු කරමින් සිටිනවා. නෙක පැහැගත් මිනිස් සංස්කෘතීන් තව දුරටත් එකි නෙකට එරෙහි වන්නට අනවශ්‍ය වන තරමට එකිනෙකාට පැහැදිලි වන්නට පටන් ගැනීම වඩාත් ආකර්ශනීය කාලපරාසයක් ගෙනෙමින් තිබෙනවා. අන්තර්ජාලය අනාගත මිනිස් සංස්කෘතියට අපූරු ආකෘතියක් යෝජනා කර සිටිනවා. එකි නෙකා මත නොයැපෙන මුත් සරලව එකි නෙකා හමුවන අපූරු ආකෘතියක් අප අද වන විට අත්හදා බලමින් සිටීම අන්තර්ජාලය ගෙනැවිත් ඔප්පු කරමින් සිටිනවා.
සංවෘත රටවල් තව දුරටත් දේශපාලනික ආන්තිකයන්ගේ මතයක් පමනයි. සාධාරනවන ආකාරයේ එකිනෙකා මත යැපීම හෙට දවසේ අභියෝගය වනු ඇති බව වඩාත් ආකර්ශනීය හා තාර්කික කාලීන මතයයි. වඩ වඩාත් තාක්ෂනික වන ලෝකය මේ සදහා මාර්ගය නිර්මාණය කරමින් සිටින බව පැහැදිලි කෙරෙනවා. සජීව අන්තර් භාෂා පරිවර්ථනය සාර්ටහකම ආරම්භයක්. අපගේ වසර දහස් ගනනක් පැරනි ජාන ගත පුරුද්දක් වන අනෙක් ගෝත්‍රිකයන් සැක කිරීම අනෙක් පසින් වන ප්‍රධාන බාදකයක්. අනෙකාට ගොදුරු නොවන මෙන්ම අනෙකාව ගොදුරු නොකරගන්නා ලෝක එකගතාවයක් ගොඩ නැගීම කිසිදාක අවසන් නොවන මිනිස් කථාන්දරයේ මීලග පරිඡ්චේදය වනු ඇත.
– Pubudu Siriwansa

Elon Musk යෝජනා කරන 700 satellites ජාලය…

    internet වෙතට බොහෝ පුද්ගලයින් අතර ඇත්තේ විවිධ අර්ථය. අයෙකුට එය යමක් උපයා ගන්නට ඇති තැනක් වන විට අයෙකුට තම අසංස්කෘතික අවශ්‍යතා සපුරා ගන්නට හමුවන අවකාශයක් වේ. තවත් අයෙකුට කාලය කාදමන ජීව්හ්ටයට අහිතකර අවකාශයක් වන විට තවකෙකුට දැනුම, මිනිස් සබඳතා තරකර ගන්නට පැමිනි මහගු සහයෙක් වේ. මෙවන් අර්ථ බොහෝ මුත් හදාරන්නන් එකගවන ප්‍රධාන තම මතයක් නම් එලබෙන ලොකයේ මූලික අවශ්‍යතාවයක් ලෙසට අන්තර්ජාලය පිලිගන්නට වීම ගැනනම් කිසිදු සැකයක් නැති බවය. මීලග ගැටලුව පැමිනෙනේ විශම පිහිටීමක් ඇති ලොවපුරා මෙම සම්බන්ධය අකංඩව බොදා හදා ගැනීම පිලිබදවය. තොරතුරු ලෝකයේ ප්‍රධාන චරිත බොහොමයක් (Steve Jobs, Bill Gates, Mark Zuckerberg) මේ සදහා නෙක යෝජනා මෙන්ම ඒ සදහා පියවර ද විටින්ජ් විට ගන්නා අයුරු විටින් විට දක්නට ලැබිනි.
Paypal, SpaceX හා Tesla Motors වැනි සාර්ථක ව්‍යාපෘති කිහිපයකම නිර්මාතෘ ලෙසට සැලකෙන Elon Musk වෙතින්ද පෙර කී උත්සාහය සදහා, සැටලයිට් 700කින් සමන්විත ඩොලර් බිලියන 10ක ව්‍යාපෘතියක් ඔස්සේ ලොව සෑම පෙදෙසක්ම ආවර්නය වන ලෙසට අන්තර්ජාලය බෙදා හැරීමේ යෝජනාවක් මේ වන විට පැමින ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. එක් සැටලයිටයක් ඔස්සේ සැතපුම් 750ක් ආවරනය වන පරිදි රාත්තල් 250ක් බ‍රැති මෙම උපකරන rocket launches ඔස්සේ ගුවනේ ස්ථාපනය කරන අතර පොලව මතදී සිදුවන වාට වඩා 40%ක වැඩි වේගයකින් මෙම ක්‍රමය ඔස්සේ දත්ත බොදාහරින්නට හැකිවීම ඔස්සේ 1Gbps වේගය පහසුවෙන් අත්පත්කර ගන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.තවමත් මෙම ව්‍යාපෘතිය පිලිබද දින වකවානු ප්‍රකාශයට පත්ව නැත.  – Pubudu Siriwansa

Posted in internet |

Safer Internet Day (SID)

     තොරතුරු ලෝකය භාවිතාකරන්නන් වෙතට 10 February 2015 වැදගත් වන්නේ Safer Internet Day (SID) එදිනට යෙදී තිබූ බැවිනි. 12 වන වරට සිදුවන වාර්ෂික සැමරුම වන මෙම දිනය “Let’s create a better internet together” තේමාව යටතේ සැමරීමටයි සැලසුම්ව තිබුනේ. ක්‍රමයෙන් සංකීර්න භාවිතාවක් මෙන්ම අනිවාර්ය භාවිතාවක් වෙමින් ඇති පරිසරයකදී වඩාත් සුරක්ශිතව එය භාවිතාවට අවශ්‍ය තොරතුරු කරුනු හුවමාරු කර ගැනීම මෙදින ප්‍රධාන තැනක් ගනු ලබනවා. පහත දැක්වෙන වෙබ් ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මේ පිලිබදව වැදි දුර විස්තර ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.saferinternetday.org/web/guest

www.rapidshare.com අඩවිය මාර්තු 15 සිට වසා දමන්නට නියමිතය….

     ගොනු හුවමාරු වෙබ් අඩවි වෙතට ගෙවීගිය වසර කිහිපය මුලුල්ලේම විවිද ආකාරයේ නෛතික ගැටලු පැමිනින. RapidShare අඩවිය මේ අතරින් තරමක පැවත්මක් දිනා ගත් වෙබ් අඩවියක වූවාය. පැමිනෙන නවතම නිවේදනයක් පවසන්නේ එලබෙන මාර්තු මස 15 වන විට එම වෙබ් අඩවියද සම්පූර්නයෙන් වසා දමන්නට නියමිත බවකි.ඔවුන් නිවේදනය කරන්නේ එම අඩවිය ඔස්සේ ගොනු බෙදා හදා ගැනීම කල භාවිතාකරන්නන් හට තම ගොනු backup කිරීමට කටයුතු කරන ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ එසේ තම ගොනු වල පිටපත් ලබා නොගන්නා බාවිතාකරන්නන්ගේ දත්තයන් මාර්තු 31 වන විට සම්පූර්නයෙන් හා නැවත ලබා ගත නොහැකි වන ලෙසට අහිමි වීම සිදුවන බවකි.

Posted in internet, web site |

නව HTTP status code, 451

       වේගයෙන් බහුල හා සංකීර්න වෙමින් ඇති Internet භාවිතාව තුල වඩ වඩාත් විධිමත් සැකසුම් අවශ්‍ය වීම ස්වාභාවිකය. අන්තර්ජාල භාවිතාවෙදී යම් වෙබ් අඩවියන් නෛතික කාරනයක් නිසා වැලකීම දිනෙන් දිනම වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතින මුත් මේ සදහා පැහැදිලි Code එකක් ඔස්සේ භාවිතාකරන්නට උත්සාහ කරන්නා වෙතට එම පනිවිඬය නොපැමිනීම ගැටලුවකි. බොහෝ විට මේ සදහා error code 403 – “Forbidden Access”- පැමිනියද එය සාර්ථක නැතිනම් පැහැදිලි හේතු දැක්වීමක් නොවන බව පිලිගැනීමකි. IEFT සමග කටයුතුකරන කන්ඩායමක් මේ සදහා HTTP status code, 451 Unavailable For Legal Reasons- යෝජනාකර ඇති අතර එය පිලිගැනීමට ලක්ව ඇති බවටයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් තවමත් මෙම නව භාවිතාව සතු ගැටලු කිහිපයක්ම පවතින බවට තොරතුරු පලවන අතර වැඩිදුර හැදෑරීම් සිදුවෙමින් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

නොදැනීම ඔබ මාධ්‍යවෙදියෙකු වීම හා නීතිය පැමිනීම….

        …… හොඳයි මම තත්වය මේ විදිහට පැහැදිලි කරන්නම්. හිතන්න.. අපි දන්නවා මෑතකදී මේ රටේ ජනධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට රටේ ප්‍රකට ස්වමීන් වහන්සේ නමක් හා අධිකරනය අතර ඇතිවූ ගැටලුවකට සම්බන්දව අන්තර්ජාලයට මුදා හැරපු පෞද්ගලික මට්ටමේ ප්‍රකශයක් සම්බන්දයෙන් මේ මොහොත වන විට අපේ රටේ අඪ්Eහිකරනමය ක්‍රියා වලියක් සිදු වෙමින් තිබෙනවා. මම හිතන්නේ Online ජීවිතයක් තිබෙන පමනක් නොව නොතිබෙන බොහෝ අය මේ සම්බන්දව යම් තැති ගැන්මකට ලක් වුනා. සරලව තත්වය පැහැදිලි කලොත් අන්තර්ජලය කියන්නේ නිවසේ නැතිනම් පාසැලේ වැඩිම උනත් උසස් අධයාපන ආයතනයේ බිත්ති පුවත්පතක් නොවේයි. අඩුතරමින් පුවත්පත්, ගුවන් විදිලිය විතරක් නෙමෙයි රූපවාහිනියටත් වඩා පුලුල් හා බල සම්පන්න මාධ්‍යයයක්. තවත් සමිපව තත්වය පැහැදිලි කලොත් මාධයයක් යනු කුමක්දැයි නැවත අර්ථ  ‍රැගෙන එන සුලු අත්දැකීමක්. පැතිරීමේ වේගය වගේම පැතිරීමේ වපසරිය ඉතා විශාල විය හැකි අවස්ථාවක්. අන්න ඒ නිසා තමයි මම කිව්වේ “සෙට් එකක් ඇතුලේ පට්ට විදිහට ෆෝම් වෙලා දෙන ටෝක්ස් අන්තර්ජාලය තුලට ගෙනෙනට පෙර දහස් වරක් හිතන්න කියලා”. ම්ගේ වෝල් එක නැතිනම් මගේ පර්සනල් ප්‍රොෆයිල් එක කියන කොට අපි මීට පෙර විඳිමින් තිබුන “මගේ” සීමාව බොහෝ සෙයින් ඉක්මවා ගිහිල්ලා. ඔබේ නිවසේ කියන පෞද්ගලික සීමාවේ පමන්ක් නොව ඔබේ කාබරය කියන අති පෞද්ගලික සීමාවේ සිට උවත් ‍රැහැනක් මගින් හෝ තරංගයක් මගින් ඔබ සම්බන්ද වන්නේ පුලුල් ලෝකයට. එහිදී ඔබව සංස්කරනය කරන්නට කවුරුත් නැති වීම නිදහසට කාරනයක් වන්නේ නැහැ. ඔබ දැන ගත යුතුයි සමාජජාලා යුගය කියන අතුරු අන්තර්ජාල යුගයේදි ඔබ කෙලින්ම මාධ්‍යවේදියෙක් වෙනවා. එපමනක් නොව ඔබ විවෘතවන අවකාශය ඔබටම සීමාකරන්නට බැරි වෙනවා. අවසනයේ ඔබව නීතියේ මෙන්ම සදාචාරයේ අවධානයට ලක්වන්නට ඇති ඉඩකඩ පිලිබදව ද අවධානයකින් කටයුතු කිරීම වැදගත් වෙනවා.  – Pubudu Siriwansa

Twitter වල 140-character සීමාව DMs වලදී ඉවතට…

    අන්තර්ජාල භාවිතයේදී කැපී පෙනෙන අනන්‍යතාවයක් ලබා ගත් භාවිතාවන් අතර Twitter සේවාව ඔස්සේ සැලසෙන්නේ අපමන සේවාවකි. තීරනත්මක අවස්ථාවන් බොහොමයකදී පුද්ගල මට්ටමේන් මෙන්ම ජාතික මට්ටමමෙන් මෙම භාවිතාව මිනිසුන් වෙතට සහය වූ ආකරයන් බොහොමයක් පසුගිය අතීතතය තුල සටහන් විනි. මෙහි වන 140-character සීමාව විටක අපහසුවක ලෙසට හැගුනද එම සීමාව නිසාම වන සරල බව වේගවත් හා පහසු භාවිතාවක් සදහා මනා සහයක් බව පිලි ගැනේ. පසුගිය කාලයේදී මෙම සේවාව තුලට video පහසුවද ගෙනෙන්නට කටයුතු කල එම ආයතනයේ CEO වරයා පවසන්නේ තම භාවිතාකරන්නන් අතර වන Direct Messages සදහා ඉහතකී 140-character සීමාව ඉවත්කරන්නට තමන් කටයුතු කරන බවකි. එල බෙන ජූලියේ සිට මෙම පහසුව ක්‍රියාත්මක බවටයි පැහැදිලි කෙරෙන්නේ

Posted in internet, Social Networks |

Windows Defender browser extension එකක් Google Chrome සදහා නිකුත්වේ.

Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක භාවිතාවක් ලෙසට සැලකෙමින් තිබෙනවා. නිවැරදි යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධති භාවිතාවක් ලැබෙන බව බොහෝ භාවිතාකරන්නන්ගේ මතය වෙමින් තිබෙනවා. තාක්ෂනිකව සැලකීමේදී ආරක්ෂක මෘදුකාංගයක් හා මෙහෙයුම් පද්ධති අතර වන සමහර නොගැලපීම් හා බාහිර ආරක්ෂක මෘදුකාංග සමාගම් අතර වන තරගය ඔස්සේ මෙහෙයුම් පද්ධතිවලට සිදුවිය හැකි අගතීන් මෙම නව දියුනු කිරීම් සමග පැමිනෙන ආරක්ෂක මෘදුකාංගය සමන්විත windows10 වෙතින් ලැබෙමින් ඇති බවටයි ඔවුන් පවසන්නේ.
නිකුත්වන නවතම තොරතුරු වලට අනූව Windows Defender browser extension එකක් Google Chrome වෙතට නිකුත්කරන්නට කටයුතු කර ඇති බවටයි වාර්ථාවන්නේ. Chrome Web Store වෙතින් ලබා ගන්නට හැකි මෙම නව නිකුතුව සමග භාවිතාකරන්නන් හට බ්‍රවුසරයක් හරහා ලැබෙන්නට ඉඩ ඇති බොහෝ හානිකර අවස්ථා මග හැරෙන බවට නිවේදනය වන අතර ඔවුන් පැහැදිලි කරන්නේ දැනට හානිකර පතුරන හා අවිස්වාශනීය URL වල දත්ත ගබඩා හා සසදමින් නිතරම භාවිතාකරන්නා හර සුරක්ෂිත බවක් ලබා දෙන්නට කටයුතු කරන අතර malicious programs ස්ථාපනය වැලකීම, phishing වැනි අවස්ථා වැලකීම ඇතුලු බොහෝ ආරක්ෂිත බවක් මෙම නව නිකුතුව ඔස්සේ ලැබෙනු ඇති බවයි.
https://chrome.google.com/webstore/detail/windows-defender-browser/bkbeeeffjjeopflfhgeknacdieedcoml
– Pubudu Siriwansa

2033 වන විට බ්‍රිතාන්‍යයේ සැමට Fiber සබඳතාවය.

Internet සබඳතාවය දෛනික ජීවිතය මත අත්‍යාවශ්‍ය කාරනවක් ලෙසට ස්ථාවර වෙමින් තිබෙන අතර ප්‍රමුක රටවල අවධානය එය වඩාත් විදිමත් මට්ටමකද ස්ථාවර කිරීම ඉලක්කයක් වෙමින් තිබේ. බ්‍රිත්‍යානය පවසන්නේ 2033 පමන වන විට එරට වැසියන් සැමට Fiber ආකාරයේ සබඳතාවයක් ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ 2033 වන විට Fiber to the Premises (FTTP) මට්ටමින් වන එම ඉලක්ක ගත සබඳතාවය දැනට එරට භාවිතා වෙමින් ඇත්තේ අඩු ප්‍රථිශතයක බවයි. හදාරන්නන් පවසන්නේ දැනටමත් Portugal හා Spain වැනි රටවල් තම රටවැසියන් අතර FTTP networks ගත කිරීම 89% හා 71% වැනි ඉහල ප්‍රථිශතයක පවතින බවකි. වඩාත් ප්‍රචලිත වෙමින් ඇති mobile internet වල මීලග යුගය වන 5G networks වෙතට බහුතර භාවිතාව ස්ථාවර වීම 2027 වන විට බලාපොරොත්තු වන බවටත් ඔවුන් පවසනවා.
– Pubudu Siriwansa