දැනට Apple ආයතනයේ iOS devices සදහා default මට්ටමේ සෙයුම් යන්ත්‍රය ලෙසට භාවිතවන Google සමග එලබි එකගතාවය එන වසරේ අවසන් වීමට නියමිත අතර මීලගට මේ සදහා Apple තොරාගන්නේ Bing වීමේ වැඩි ඉඩක් ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනනවා. පසුගිය සතියේ Mozilla ආයතනයද තම Firefox සදහා සෙයුම් යාන්ත්‍රනය Yahoo ලෙසට තොරා ගැනීමේ තීරනයක සිටින බවට තොරතුරු හෙලිවූවා. Apple ආයතනයටද තමන්ගේම වන search engineයක් නොමැති අතර Apple වල iOS සමග තරග වදින ප්‍රධාන තරග කරුවා වන Android හා සම්බන්ද ආයතනයක් මග හැර සිටින්නට කැමතිවනු ඇති බවටයි අනුමානනය වන්නේ. එසේම භාවිතාවන දස මිලියන ප්‍රමානයක iOS උපාංග සමග advertising ආකාරයට Google වෙතට එන ආදායමද සැලකිය යුතු මට්ටමක ඇති බවටයි පිලිගැනෙන්නේ. Bing සමග දැනටමත් Apple හි Siri හා OS X කටයුතු කරමින් සිටින අතර iOS භාවිතාකරන්නන් හට අවශ්‍ය විටකදී අවශ්‍ය සෙයුම් යන්ත්‍රය ලෙසට Bing හෝ Yahoo අතර චලනය වන්නට අවශ්‍ය ඉඩකඩ තිබෙනු ඇත.
