2015 සැප්තැම්බර් මාසයේ Apple ආයතනය ඉදිරිපත්කරන ලැදැයි සැලකෙන පේටන්ට් බාල පත්‍රයක් ඔස්සේ iPhone හෝ iPad එකකින් බල ගැන්වෙන laptop එකක් පිලිබඳව හෝඩුවාවක් මේ දිනවල හදාරන්නන්ගේ අවධානයට ලක්ව තිබෙනවා. එම හෙලිදරව්වට අනූව display, physical keyboard, GPU ports, ඇතුලු ලැප්ටොප් උපාංගයක් සදහා අවශ්‍ය අනෙකුත් අංගවලින් සමන්විත මෙම උපාංගයේ central processing unit එකක් නොමැති අතර ඒ සදහා iPhone නැතිනම් iPad එකක් භාවිතා කිරිමේ හැකියාව වන බවටයි පැහැදිලි කරන්නේ. ප්‍රධාන වශයෙන් දෙයා කාර යෝජාවන් එහි වන බවට පෙන්වාදෙන හදාරන්නන් එකක්දී trackpad එකක් ලෙසටද පෙරකී ස්මාර්ට් දුරකථන යොදා ගන්නට හැකිවන අතර අනෙක් අවස්ථාවේදී iPad ය ඩිස්ප්ලේ එකක් ලෙසටද භාවිතයට සුදානම් ආකාරයක් ගන්නා බවට පෙන්ව දෙනවා. Lightning නැතිනම් Smart Connector වැනි ආකාරයකට මේවා වෙතට බලය ලබා දීමේ හැකියාවකින්ද සමන් විත වන බවටයි පැහැදිලි කරන්නේ.
