Back to Top

Category: issues

AVG භාවිතාකරන්නන් හට අනතුරු ඇගවේ….

       AVG භාවිතකරන්නන් වෙතට අනතුරු අගවමින් හදාරන්නන් පෙන්වා දෙන්නේ එම ආටක්ශක මෘදුකාංගය ස්ථාපනයේදී නොමිලේ පැමිනෙන “Web TuneUp Chrome extension” ඔස්සේ වෙබ් පහර දෙන්නෙකු හට පිවිසීමකට  අවස්ථාව සලසා දෙමින් ඇති බවටයි. ඔවුන් පැහැදිලි කරන්නේ ” “force-installed” ආකරයට ස්ථාපනය වන මෙහි ක්‍රියාකාරීත්වය ඔස්සේ භාවිතකරන්නා වෙතට “unsafe search results” පිලිබදව අනතුරු අගවන්නට කටයුතු කරන්නට සූදානම් අතර එය විසින් Crome වෙතට ස්ථාපනය කරන JavaScript API’s ඔස්සේ මෙම පිවිසීමල ලබා ගන්නට හැකි බවත් එයින් search settingsවලට හා new tab page වලට hijack කිරීමේ හැකියාව වන බවයි. හදාරන්නෙකු පෙන්වා දෙන්නේ මේ වන විට ලොව පුරා භාවිතාකරන්නන් මිලියන නමයක් පමන මෙම අනතුරට මුහුන දෙමින් සිටින අතර තවමත් AVG ආයතනය නිසි පිලිසකර ගෙනැවිත් නැති බවයි. සංකීර්න ක්‍රියවලියක් ඔස්සේ වන්නට හැකි මෙම අවස්ථාව වැඩි දුරටත් පැහැදිලි කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ man in the middle ආකාරයයේ පිවිසීමක් ගෙන පහර දෙන්නෙකු හට https ආකාරයේ අඩවි ලෙසට වන  GMail, Banking වැනි සේවාවන් වෙතටද පිවිසීමක් කරන්නට හැකි වනු ඇති බවයි. AVG ආයතනය පසුගිය කාලයේදි තම , AVG updated its privacy policy තුලදී භාවිහාකරන්නන්ගේ browsing හා search query history තොරතුරු තෙවන පන්තිය වෙතට අළවි කිරීමේ හැකියාව ලබා ගෙන ඇති බවටත් තොරතුරු හෙලි වනවා. Pubudu Siriwansa

Posted in Google, issues, Malware |

intel වෙතින් එන Skylake වල දුර්වලතාවයක්…

               intel වෙතින් නිකුත්වන 6th Gen Intel Core family වල  Skylake ප්‍රොසෙසරයක් වල භාවිතාවේදී Prime95 (a mathematical modeling application used to find special types of prime numbers) නම් සංකීර්න අවස්ථාවේදී හමුවන freezing issues අවස්ථාවක් මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ Linux මෙන්ම Windows-based systems අවකාශයහිදී තත්වය පැමිනෙන මුත් තවමත් ගැටලුවේ පදනම තවමත් පැහැදිලි නොමැති බවයි. පරිගණකයක benchmark මෙන්ම stress-test  අවස්ථාවන් නිර්නය සදහා යොදා ගන්නා Prime95 අවස්ථාවේදී හදා ගෙන ඇති මෙම දුර්වලතාවය ඉලක්ක කොටගත් BIOS update එකක් ලෙසට වන විසදුමක් ඉන්ටෙල් ආයතනය සංවර්ධනය කර ඇති බවත් ඉදිරියෙදී භාවිතාකරන්නන් වෙතට පැමිනෙනු ඇති බවටත් නිවේදනය වෙනවා. හදාරන්නන් පැහැදිලි කරන්නේ සාමානය භාවිතාවෙදී මෙම ගැටලුව හමුවීම විරල මුත් scientific මෙන්ම financial institutions වැනි අවකාශවල භාවිතාවේදී සැලකිලිමත් විය යුතු බවයි.

Posted in Intel, issues |

ආරක්ශක මෘදුකාංගය විසින්ම ඔබව අනාරක්ශිත කිරීමක්….

       ඔබගේ දත්ත උපාංගයේ ආරක්ශාව සදහා ම ස්ථාපනය කරනු ලබන මෘදුකාංගයම ඔස්සේම අනාරක්ශිතවීමක් හමුවීම වඩාත් අවධානය දිනා ගන්නා කාරනාවකි. පසුගියදා Google Project Zero හි හදාරන්නෙකු විසින් මෙම “පෙර සැකසුම්” ආකාරයේ දුර්වලතා පෙන්වා දෙමින් Symantec ආයතනය වෙතට අවදානය යොමුකරන ලද අතර අවධාරනය කර සිටියේ, භාවිතාකරන්නාගේ කිසිදු මැදිහත් වීමකින් තොරව දුර්ස්ථව සිටින පහර දෙන්නෙකුට උපාංගයේ මෘදුකාංග පරිසරයේ ඉහල නිදහස් මට්ටේ අවකාශයක් වෙතට පිවිසෙන්නට හැකිවන බවය. තත්වය වඩාත් පැහැදිලි කරන එම හදාරන්නන් පවසන්නේ එම නිෂ්පාදන සමග ක්‍රියාත්මක වන විවෘත මට්ට්මේ මෘදුකාංග කොටස් ආශ්‍රිතව හමුවන මෙම දුර්වලතාවය ගෙනෙන අවකාශය වසර 7ක් පුරාවට කිසිදු යාවත්කාලීන කිරීමකින් තොරව භාවිතා වෙමින් තිබූ බවයි. පසුව Symentec ආයතනය තම නිෂ්පාදන 20ක් පමන වෙතට පිලිසකර නිකුත්කරන්නට කටයුතු කල බවට වාර්ථා වුනා.

Posted in Hack, issues, Malware |

uTorrent සමග mine bitcoin මෘදුකාංගයක්ද ඇත..

  bittorrent client uTorrent භාවිතාකරන්නන් සදහා අනතුරු ඇගවෙන පුවතක් හෙලි කරන්නේ එහි නවතම සංස්කරනයන් සමග bitcoin miner සංයුත්තව පැමිනීමේ අවධානමක් පවතින බවකි. download files කටයුතු සදහා බහුලව භාවිතාවන මෙම මෘදුකාංගය සමග එහි නිර්මාන කරුවන් දැනුවත්වම මෙම සංයුත්තකිරීම සිදු කර ඇති බවට සැක කරන්නේ ඔවුන් විසින් නිකුත්කර ඇති “[Epic Scale is] a great partner for us to continue to generate revenue for the company, while contributing funds to (philanthropic initiatives).” ප්‍රකාශය සමග බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. සමහර විටක ඔබගේ පරිගණකය සමගද uTorrent ධවනය වන්නේ නම් http://www.freefixer.com/library/file/EpicScale.exe-153377/ නම් අඩවියට පිවිස පිරික්සීමෙන් මෙම අනවසරව පැමින ඇති මෘදුකාංගය ඔබගේ දෘඩ තැටියේ ඇති බව හා ඇත්තේනම් ඉවත්කිරීමේ හැකියාව වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

http://www.freefixer.com/library/file/EpicScale.exe-153377/

Posted in issues |

IE 11 භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවීමක්..

  Internet Explorer 11 භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවීමක් කරමින් හදාරන්නන් පවසන්නේ නව zero-day vulnerabilityයක හඳුනාගෙන ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම දුර්වලතවය ඔස්සේ පහර දෙනෙකුට පහසුවෙන් malicious content බ්‍රවුසරය වෙතට inject කීරීමේ හැකියාව ඇති බවයි. ඒසේම භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට, online movements හදාරන්නට ඒ ඔස්සේ හැකිවන බවයි. පලමු කොට භාවිතාකරන්නෙකු malicious website වෙතට කැදවා ගැනීම සිදුවන අතර ඒ සදහා විසදුමක ලෙසට SmartScreen සංක්‍රියව තබා ගැනීම ඔස්සේ ‍රැකවරනය ලබා ගන්නට හැකි වනු ඇති බවයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft සමාගම ප්‍රථිචාර දක්වමින් පවසා සිටින්නේ තමන් දුර්වලතාව හඳුනාගෙන ඇතිබවත් පිලිසකරයක් නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

Posted in Browser, issues, Microsoft |

Qualcomm Snapdragon 810 වල ගැටලු විසදේ…

  Snapdragon 810 Application Processor (AP) නිකුතුව මහත් අවධානයක් මෙන්ම බලාපොරොත්තුවක් ගෙන ආ නිකුතුවක් වූ මුත් පසුව හෙලිවූ overheating හා slowdown ගැටලු සමග 2015 මුල්භාගයේ එය උපාංග වල සංයුත්තවීම කල්ගතවන බවට තොරතුරු පලවිනි. මේ වන විට පැමිනෙන නවතම තොරතුරු හෙලි කරන්නේ එහි වූ එම ගැටලු විසදී ඇති බවත් එම processor ය වෙළඳපොලට වෙතට නිකුත්වීම එලබෙන මාසයේ අරබන්නට කටයුතු සූදානම් වෙමින් ඇති බවකි. ඒ අනූව ඉදිරියේදී පැමිනෙන flagship devices සමග මෙම ප්‍රොසෙසරය පැමිනීම සිදුවනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇත. දැනටමත් LG G4, unannounced HTC One M9 වැනි උපාංග සදහා මෙම ප්‍රොසෙසරයේ සංයුත්තවීම නිවේදය වී ඇත.

Posted in issues |

Win 10 සමග AMD වල graphics drivers අතර ගැටලුව!!

   AMD වල graphics drivers හා Windows 10 preview builds අතර ඇතිවී ඇති ගැටලුව තමන්ගේ අවධනයට ලක්ව ඇති බවත් එහිවන compatible නොවන ප්‍රශ්නය සමනය කිරීමට තමන් කටයුතු කරමින්සිටින බවටත් එම ආයතනය නිවේදනය කරනවා. Windows 10 හි 9926 build නම් වන නවතම නිකුතුව සමග එම උපාංගය හඳුනා නොගැනීමේ ගැටලුවක් වාර්ථා වන අතර එය Device Manager වල “code 43” ලෙසට දැක්වෙන බවටයි සටහන් වන්නේ. Twitter ඔස්සේ මුලින්ම මෙම ගැටලුව මතුපිටට පැමිනි අතර AMD ආයතනය මේ පිලිබදව පැහැදිලි පිලිතුරක් නොදුන්මුත් පසුව Microsoft සමාගමේ විමසුමකට පිලිතුරු සපයමින් AMD වල ඉහල නිලධාරියෙක් priority basis ආකාරයට මෙම ගැටලුව සදහා කටයුතු කරමින් සිටින බවට පැහැදිලි කර සිටින ලදී. මෑතදී Windows 10 පෙර සංස්කරනය සමග අත්හදා බැලීමට වැඩි පිරිසක් පෙලබෙමින් තිබෙන බවට හැදෑරුම් වාර්ථා පෙන්නමින් ඇති අතර AMD වෙතින් පැමිනෙන update ඔස්සේ දැනට එමසංස්කරනය සමග ගැටලු සහිත වාන් භාව්තාකරන්නන්හට සහනයක් වනු ඇති බවට බලපොරොත්තු වෙනවා.

Posted in issues |