KMPlayer යනු භාවිතාකරන්නන් අතර ඉතා ජනංප්‍රිය ප්ලේයර මෘදුකාංගයක් ලෙසට පිලි ගැනේ. බොහොමයක් ගොනු වර්ග (formats) සදහා සහය දක්වන media playerයක් මෙන්ම වඩාත් සුපැහැදිලි රූ රටා ගෙනෙන මෙන්ම හඬ රටා ගෙනෙන මෘදුකාංගයක් ලෙසට ඔවුන් එය අගයනු දැකිය හැකිය. මෙම මෘදුකාංගය සහය දක්වන Format අතර VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia හා QuickTime ඇතුලු තවත් බොහොමයක් වන අතර වඩාත් පුලුල් ආකාරවල subtitles සදහා සහය දැක්වීමද සිදුවේ. එසේම මෙම මෘදුකාංගය සමග audio, video වන් capture කර දෙන්නට හා screenshots ලබා දෙන්නටද එය සහය දක්වනු ඇත. තාක්ශනිකව ලබා ගත හැකි මීට අමතර බොහෝ පහසුකම් සමග එන මෙම මෘදුකාංගය Tablet උපාංග සමගද, ස්පර්ශකතිර සහය වැනි මෙහෙයවීම් අවශ්‍යතාවලට සහයද දක්වන මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ.

http://update.kmpmedia.net/player/download/52