පුවක්පිටිය නගරයෙන් හැරී තුම්මෝදර මාවත දීගේ කිලෝ මීටර තුනක් පමන යන විට අඹන්ගම ඔය ගල්කුලකින් ඇද හැලෙමින් නිර්මාණය කරන කුමාරි ඇල්ල කොළඹ දිස්ත්‍රික්කයේදී හමුවන විසිතුරුම තවත් ස්වාභාවික සම්පතක් බව හදාරන්නන්ගේ අදහසයි. උසින් අඩි පහලොවක පමන වන මෙම දිය ඇල්ලේ දිය පහර ඇස්වත්තෙදී කැළණි ගඟට එක්වන අතර සීතාවක රාජසිංහ සමයේදී මෙම කුමාරි ඇල්ල ස්ථානය රජ කුමාරියන් දිය කෙලිය සදහා භාවිතාවූ ස්ථානයක් ලෙසට පිලිගැනේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ සීතාවක රාජසිංහ රජිදුන්ගේ දූකුමාරිය නමින් මෙම ඇල්ල නම්වන බවත් පුවක් පිටිය අවට වන Pittukanda හා Dukkalahelena කඳු දෙක ඔස්සේ පැමිනෙන ජල පහර දෙකක් ප්‍රධානව එක්විමෙන් මෙම ඇල්ල නිර්මානය වන බවකි.  මෙතැන් සිට පුවක් පිටිය නගරය ආසන්න වන තෙක්ම ගල් පර අතරින් ඇදහැලෙමින් විසිතුරු රටා මවමින් ගලා බසින මෙම දිය දහර සමග දෙපසින් වන ඉවුරු වල වන මීවන ඇතුලු ශාකයන්ගෙන් ගැවසී ඇති අතර පැමිනෙන්නන් වෙතට වඩාත් නෙත්කලු බවක් ගෙන දේ. නගරය ආසන්නයේ වීම සමග නිතර නරබන්නන්ගෙන් ගැවසගත් ස්ථානයක් ලෙසට මෙම ස්වභාවික ස්ථනය හඳුනවා දිය හැකි අතර නොසැලකිලිමත් නරබන්නන් අතින් නිතර අපවිත්‍රවන තැනක් ලෙසටද හඳුන්වා දෙන්නට සිදුවේ.