Back to Top

Category: Lifestyle

පසු කොරෝනා යුගය …

පසු කොරෝනා යුගය කෙබඳු වේවිද? ක්‍රමයෙන් මතවාදී කරලිය ආක්‍රමනය කරමින් ඇති නවතම සංවාදයව ඇත. පොඳුවේ ගත් කල පෙර කොරෝනා සමයේදී ලොව තුල භාවිතාවූ ජීවිත ආකෘති නැවත හමු නොවන ලෙසට වෙනස්කම් වලට භාජනය වී හමාර බව එම හදාරන්නන්ගේ මතය වෙමින් තිබේ. “සමහර සාම්ප්‍රධායික සංස්කෘතික අර්ථ මේ වන විට ජීවිත භාවිතාවලින් ගිලිහී ගොස් ඇති ආකාරය හරිම පුදුම සහගතයි. ඒත් ඒක එහෙම වෙලා තියෙනවා”. ඔවුන් තත්වය පැහැදිලි කරමින් සිටිනවා. “ඒක පුද්ගල්ක අර්ථ වල සිට සමස්ථ රාජ්‍ය අර්ථ දක්වාම විනිද යනවා දකින්නට පුලුවන්” ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරනවා. තවමත් හෙට දවස ගැන විස්වාසනීය අර්ථයකට යන්න කාලය ඉක්මන් වැඩියි. කිසියම් උකටලි බවක් එක්ක කාරනා වෙනස් වෙමින් තිබෙනවා. ඔවුන් විචාරන මනස එලස් විවෘතව තබන්නට උත්සාහ කරමින් සිටිනවා.
Pubudu Siriwansa

විශ්වයේ…

විශ්වයේ ඔනෑම පෙදෙසක බිහිවන බුද්ධි පුලිගුවක් වැඩී ප්‍රස්ථ බවකට පැමිනෙන්නට මෙන්ම තම ජීවීතය නම් උභතෝටිකයේ සිට විශ්වය නම් අපමන ගැටළුව දෙසට විහිදෙන්නට සිදුවීම සාමාන්‍ය මාවත වෙනවා විය යුතුය. ඇත්තෙන්ම ඔවුන් වෙන මොනවා නම් කරන්නද?
Pubudu Siriwansa

Posted in Lifestyle |

පැමිනෙන අඩ අඳුර…

පැමිනෙන අඩ අඳුර විසල් රුක්ෂයන්ගේ පත්‍රවල යට පස අදුරින් වසාලන මොහොත සැදෑවක අපූරත්වයේ උපරිමය ලෙසට මට දැනේ. පසුබිමින් පෙනෙන සැදෑ හිරු කෙමි වලින් දිලෙන වලාකුලු පොදි මෙන්ම ඈතින් යාන්තමට දිලෙන ගම්මාන කඳුවැටිය මේ විසිතුරු බව වඩාත් ඔපවත් කරන්නාක් බදුය. තැනින් තැන් වන නිවෙස් වල දැල්වෙන පහන් සිලු මේ අපූරත්වය වඩාත් වර්නවත් කරන්නේය. පමාවී කැදලිකරා පියා සලන පක්ෂීන් ‍රැන් මේ සිත්තමට අවසන් පින්සල් සටහන් තබනවා වැනිය

Pubudu Siriwansa

Posted in Lifestyle |

සිසිල් සැදෑව..

සිසිල් සැදෑව කඳුකරේ පා සක්මනකට ලැබෙන උනුසුම් ඇරයුමකි. කඳුමුදුනත මතින් දිවෙන දිගු මාවත් වටය නැවත නැවත පසුකලද ඒකාකාරී බවක් නොගෙනෙන්නේ ඉක්මනින් වෙනස් කාලගුන රටාවල් නිසාය. ඒකාකාරී ජීවන රටාව විසින් සිරකර දමන්නට තැත් දරන ජීවිතයට මෙහි එන සැදෑව ඔසුවක් වන්නේ එබැවිනි.
Pubudu Siriwansa
siriwansa

Posted in Lifestyle |

අන්තර්ජාලය මූලික මාධ්‍ය යුගය..

අන්තර්ජාලය මූලික මාධ්‍ය යුගය වඩාත් තිරනාත්මකය. සාම්ප්‍රධායික අත්දැකීම වන එක් දිසාවකට මූලිකව චලනය වන හා සීමිත ප්‍රභූ අනන්‍යතාවයක සිට විශාල බහුතරයක් දෙසට තොරතුරු චලනය වීම වෙනුවට සියල්ලන්ම අසා සිටින්නට වන මෙන්ම සියල්ලන්ටම දෑ කියන්නට සම අයිතිය ලැබෙන යුගයක අත්දැකිම අප පසුකරමින් සිටින්නෙමු. මෙය සාම්ප්‍රධායිකව සැලකීමේදී වඩාත් දියුනු සමාජ භාවිතාවකි.
Pubudu Siriwansa

ආශ්‍රමයේ හිමිදිරි උදෑසන ..

ආශ්‍රමයේ හිමිදිරි උදෑසන මහත් ජීවයෙන් පිරී යන්නකි. ඈත නැගෙනහිර කඳු පෙල පරදවන උදෑසන පලමු හිරු කිරන පොදිය මෙහිවන අපමන ජීව අනන්‍යතා අවදිකරවන්නේ මහා ප්‍රබෝධයකිනි. ජිවය පිලිබඳ සියලු කථාන්දර එකට ගොනු කරවා ඇති සේය. සියත් අවදිවන්නන්ගේ මෙන්ම අවදිකරවන්නන්ගේ නාදය, චලන රටා අපමනකින් හාත්පස පිරී ඉතිරී යයි. එය කවරදාකවත් කියවා ඉවරකල නොහැකි පරිච්ඡේදයක් වැනිය.
Pubudu Siriwansa

Posted in Lifestyle, Nature |

Stay at Home

මිනිස් කථාන්දරයේ තවත් සංකීර්නතම යුගයක් පසුකරමින් සිටින සාමාජිකයින් කොටසක් බවට අප පත්ව ඇත. තම දිගු වංශ කථාවේ ඉතා ඈතින් හමුවන අභියෝගයක් ජයගැනීම සදහා ඔවුන් සතු අපූර්ව ජීවවිද්‍යාත්මක මෙන්ම සංස්කෘතික කුසලතා ඉල්ලා සිටින සමයක අප සිටින්නෙමු. මිහිමත ජීව කථාන්දරයේ අතීතය හා සැසදීමේදී මීට වඩා අපමනක් අභියෝග ජයගත් අප මේ අත්දැකීම මනාව කලමනාකරණය කරගනිමින් හෙට දිනට දෙසට තම ජීව සටහන ගෙන යන්නට ඔවුන් සමත් වනු ඇත. ඔවුන් සතු ජීවවිදයාත්මක හැකියා වන් මෙන්ම සංස්කෘතික නවතාවයන් ‍රැසක් මේ නව අභියෝගය යෝජනා කර ඇතුවාසේම හෙට දිනයේදී තවත් අත්පත් කරගනිමින් අප ඉදිරියට යනු ඇත. සැම බිඳ බැටීමක්ම ඔවුන් වෙත සහතික කර ඇති යෝජනා දෙකකි. එනම් ආපස්සට යාම හෝ වඩාත් පිරිපුන් නව ආරම්භයක් සදහා අවස්ථාවක් ලෙසට ඒවා වනු ඇත. විවාදයකින් තොරවම දෙවන ආකාරයේ නව හෙට දවසක් සදහා අප සූදානම් විය යුතුව ඇතියි මම සිතමි.

– Pubudu Siriwansa

විෂය පතය..

ඇත්තෙන්ම තවදුරටත් තොරතුරු තාක්ෂණයේ විෂය පතය හුඳු තාක්ෂණික කාරනාවක්ම නොවේ. එය ක්‍රමයෙන් සංස්කෘතියක් බවට පත්වෙමි තිබේ. විනය වැදගත් වෙන්නේ එබැවිනි.

  • Pubudu Stiwansa
  • #siriwansa

සාර්ථක දේශනයක්..

සාර්ථක දේශනයක් යනු ආත්මීය විරේකයක් බඳුය. අදහස මනාව සංනිවේදනය වී ඇති බව හැගෙන විට නැගෙන තෘප්තිය තව තවත් අපමන බුද්ධි අවකාශ මනස මත විවර වෙන්නේ ලැබෙන ත්‍යාගයක් මෙනි.
“Tharu Minisa”
– Pubudu Siriwansa

Posted in Lifestyle |

මිහිමත ආධිපත්‍ය

වඩාත් රෞද්‍රම හෝ වේගවත්ම සත්වයා නොවුනු ඔවුන් මිහිමත ආධිපත්‍ය අරගලය ජය ගත්තේ තම මනසේ දියුනු වූ හැකියාවන් ගෙනි. අප පසුකරමින් සිටින යුගය වන්නේ මෙම හැකියාවද යන්ත්‍රික කරදමන යුගයයි. එබැව්න්ම එලබෙන යුගය කවර අයුරු ගනීද යන්න තවමත් විවෘත පැනයක්ව තිබේ.
“Tharu Minisa”
– Pubudu Siriwansa

Posted in Lifestyle, Tharu Minisa |

“කියවන ලියන” අයගේ රාත්‍රිය

බොහෝ නගරවල සෑම රාත්‍රියක්ම එක වාගේය. නගර උද්‍යානයේදී නම් මේවා අතර වෙනස් කම් ඇත්තේය. ඒවා සාම්ප්‍රධායික ඒවාය. ඔවුන් සතියේ දින හත නෙක ආකාරයට බෙදා ජීවිතය සමබර කරගන්නට සහය වෙයි. “කියවන ලියන” අයගේ රාත්‍රිය වඩාත් නිශ්චලය. නගරයේ වන පොත පත කියවන්නට ලැදි වුන් ගෙන් උද්‍යානය පිරී යයි. එදිනට උද්‍යාන්යේ කෙරවල් වල විවිධ සාහිත්‍යධරයන් ප්‍රිය කරන්නන් කන්ඩායම් ගතවී තම ප්‍රිය සටහන් කරුවන් ගැන රුචි අරුචිකම් බෙදා හදා ගනී. මේ අපූරු සිකුරාදාවන් කිහිපයකට පසු මා තැබූ දින සටහනක් මතකයට නැගේ. එනම් ” දැන් මා ජීවත් විය යුත්තේ ඇයිදැයි පැහැදිලිය. ඒ එලබෙන සිකුරාදාත් උද්‍යානයේ සහිත්‍ය සක්මන සදහායි”
“Tharu Minisa”

  • Pubudu Siriwansa
Posted in Lifestyle |

ප්‍රතිභාවාත්මක

යම් සමාජ ස්තරයක් මතට ප්‍රතිභාවාත්මක පොලාපැනීමක් පැමිනීම දුර්ලභ අවස්ථාවකි. තව අතකින් සාපේක්ෂ කාරනාවකි. සමහර සමාජ ස්වභාවයන් වලදී හා කාල වකවානු වලදී එහි ප්‍රමිතිය ඉහල අගයක් ගනී. සමහර අවස්ථාවලදී එගි ගාමකය මහත් ඛේදවාචනීයය.
“Tharu Minisa”

  • Pubudu Siriwansa

Posted in creativity, Lifestyle |