තොරතුරු යුගයේදී මිනිස් සබඳතා පිලිබදව වන තීරනාත්මක අවකාශය සමාජ ජාල ලෙසට පිලි ගැනේ. feacebook ආයතනය මේ අතුරින්ද වඩාත් කැපී පෙනෙන අනන්‍යතාවය සලකුනු කරන්නට සමත්ව ඇති බවටයි පිලිගැනෙන්නේ. දෛනිකව තම භාවිතාකරන්නන් අතර හුවමාරුවන අපමන්ක් වන posts අතරට ප්‍රතිචාර දක්වන්නට අනෙකුත් භාවිතාකරන්නන් අතරට වූ එකම තේරිමක් ලෙසට ‘like’ යන්න සැහෙන කාලයක් වූ අතර ආයතනිකව වඩාත් අවස්ථා ලබා දෙන්නට වන උත්සාහයන් යටතේ සොයා බැලුනු ‘dislike’ වැනි තේරීම් වෙතට එතරම් ප්‍රසාදයක් පල නොවුනි. facebook.com ආයතනය මේ වන විට වඩාත් පුලුල් ලෙසට භවිතකරන්නෙකුගේ ප්‍රථිචාර දක්වන්නට අවශය අවකාශ ලබා දෙන්නට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා ‘love’, ‘haha’, ‘wow’, ‘sad’, ‘angry’ලෙසට වඩාත් පුලුල් තලයකදී එම තේරීම් අවස්ථා ලබා දෙන්නට සැලසුම් වෙමින් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩිදුරටත් පැහැදිලි කෙරෙන්නේ මොබයිල් මට්ටමේ භාවිතාකරන්නන් වෙතට Like බටනය මද වෙලාවක් ස්පර්ශව තැබීමෙන් මෙම අමතර අවස්ථා තොරා ගන්නට අවස්තාව ලැබෙන අතර ඒවා අනන්‍ය icons ලෙසට පැමිනෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම pop up ආකාරයේ අවදිවීම ‘Reactions’ලෙසට ඔවුන් නම් කර සිටිනවා. ගෙවී ගිය වසරේදී Spain හා Ireland භාවිතාකරන්නන් අතර කල සාර්ථක ආත්හදා බැලීම් වලින් අනතුරුව ඉදිරි කාලයේදී ඇමරිකානු භාවිතාකරන්නන තරටද ඉන් අනතුරුව අනෙකුත් භාවිතාකරන්නන් අතරටද මෙම හදුන්වාදීම කරන්නට facebook ආයතනය කටයුතු කරමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ