මිටිපොලට දිවෙන මාර්ගය ඔබට හමුවෙන්නේ රත්නපුර කොලඹ මාර්ගයේ මීන්නන ප්‍රදේශයේදීය.  එම මාවත දියේ කිලෝමීටර දෙකක් පමන ගිය විට මාලිගාතැන්න නම් ඓතිහාසිකව කියවෙන ස්වභාව අපූරත්වයෙන් අනූන ස්ථානය හමුවේ. කදුගැටයක් මතවන මෙහි සිට සතර දිශාවම පැහැදිලිව දැක ගන්නට හැකි ආරජ්ශිත අතින්ද වැදගත් ස්ථානයකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ අලංකාර වටපිටාව අතින් මෙන්ම ආරක්ශාව අතින්ද මනා පිහිටීමක් ඇති මෙහි මාලිගාවක් ඉදිකර තිබෙන්නට ඇති බවයි. අද මෙම භූමිය රබර් වගාවට වෙන්ව තිබුනද මාලිගාව වූවේයැයි සැක කරන ස්ථානයේ අඩි 100ං40 ප්‍රමානයේ ගොඩ නැගිල්ලක ක්ශේෂයන් දක්නට හැකිව තිබ ඇත. කපා ඔප්මට්ටම් කල ගල් පුවරු කිහිපයක් මෙන්ම ඒවා කපා ගන්නට භාවිතාකල විදාල ගල් කුලක්ද ම්ව්හි දක්නට ලබෙන බව හදාරන්නන් පෙන්වා දෙයි. සමහරුන් උමගක් යැයි විස්වාස කරන ගල් ගුහාවක් මෙන්ම ගල් තලාවේ පිහිටි ස්වාබාවික පොනක්ද ඇති අතර එය දැඩි නියගයන්දී පවා අපහසුවකින් තොරව ජලය ලබා ගන්නට හැකි බවටයි පිලි ගැනෙන්නේ.