Comcast පවසන්නේ තමන් වෙබ් අඩවිවල කතෘ අයිතීන් නොසලකා හැරීම් සදහා  man-in-the-middle (MITM) ආකාරයේ මැදිහත් වීමකට සූදානම් බවයි.  ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය ආකාරයට භාවිතාකරන්නෙකු URL එකක් තම බ්‍රවුසරයේ යොදා සෙවුමකට පෙලබීමේදී අදාල සර්වරයෙන් websites source code ලබා ගෙන එම අඩවිය දක්නට හැකි වුවද අවශ්‍ය අවස්ථාවලදී මැදිහත්ව අදාල සර්වරයෙන් ලැබෙන websites source code මතට තම alert අඩංගු code එක inject කර භාවිතාකරන්නා වෙතට ලැබෙන්නට සලස්වන බවය. එහිදී “An important message from Comcast. As part of the Copyright Alerts System operated by the Center for Copyright Information, a copyright owner has sent Comcast a notice claiming your internet service from Comcast was used to copy or share a movie, television program or song improperly. We have sent an e-mail with more information about this notice to the comcast.net e-mail address of the primary account holder in your household.” දැන්වීම එම අඩවිය මතට දැක්විමට සැලැස්වෙනු ඇති බවට පැවසෙනවා. කෙසේ වෙතත් මෙම හැකියාව ඇත්තේ  HTTP සබඳතා මත පමනක් වීම පෙන්වා දෙන හදාරන්නන් පවසන්නේ HTTPS වලදී මෙම අකාරයට hijacked වීමට අවස්ථාවක් නොමැති බවයි.