Microsoft වෙතින් නව පේටන්ට් බලපත්‍රයක් ඔස්සේ laptops වෙතට නව ආරක්ෂන ක්‍රමයක් පිලිබදව හඳුන්වාදීමකට කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. දැනට ස්මාර්ට් දුරකථන සදහා භාවිතාවන wiped out ඔස්සේ දුරකථනය අක්‍රිය කර දැමීමේ ක්‍රමයට වඩා මදක් වෙනස් වම මෙහිදී “emergency call” technology ක්‍රමයක් ඔස්සේ භාවිතා කරන්නා හට සිම්පතක නැතිව පවා ගත හැකි දුරකථන ඇමතුමක් ඔස්සේ අදාල උපාංගය disable කිරීමේ හැකියාව ගෙනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ දුරකථනයේ සාමාන්‍යය cellular network සබඳතාවය නැති විටකදී (සිම්පතේ ගැටලුවක් නිසා හෝ මෘදු බදාකිරීමක් නිසා) මෙම “disablement communications” සංක්‍රියව පවතින අතර අදාල උපාංගය දෙසින් කොතරම් බාදා කලද ගැටලුවක් නැතිව මෙම ආරක්ෂිත බව ක්‍රියාත්මක වන නමුත් මෙහිදී උපාංගය cellular network වෙතින් අක්‍රිය කර තිබුනද තවමත් tracked down වීමේ හැකියාව පිලිබඳව අවධානය යොමුවෙමින් තිබෙනවා.