Microsoft පවසන්නේ තමන් මේ වන විට තම digital assistant දියුනු කිරීම වන Cortana සමග ලිපියක් ආශ්‍රිතව විමසීම් වලට පිලිතුරු සැපයීමේදී මිනිස් මට්ටමින් කටයුතු කරන්නට හැකි අකාරයේ දියුනුවක් ලබමින් සිටින බවයි. 2018 “year of AI” ලෙසට නම් කරන්නට කැමති වන ඔවුන් පවසන්නේ Wikipedia articles සමග කල අත්හදා බැලිමේදී මිනිස් නියෝජනය 82.304 ලෙසට තම හැකියාව සටහන් කරද්දී Microsoft වල AI හැකියාව 82.650 ලෙසට ඇගයීම ලබා ගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එකම කරුනක් සදහා එක් ආකාරයකට වන සටහනක් ගැන වෙනත් ආකාරයට විමසීමේදී ඒබව තේරුම් ගෙන නිවැරදිව පිලිතුරු සපයන්නට හා වඩාත් සංකීර්න ආකාරයේ ගැටලු ලෙසට වන නීති සටහන් නැතිනම් වාහනයක උපදෙස් සටහන් වැනි කරුනු සමගද කටයුතු කරන්නට තම දියුනු කිරීම සමත් වෙමින් සිටින බවයි. මෙසේ වන natural language processing හැකියාවේ පෙර සංස්කරනයක් Bing search engine සමගද මේ වන විට කටයුතු කරමින් සිටින බවටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa