Microsft වඩාත් තීර්නාත්මක පරිවර්ථන යුගයක් පසුකරමින් සිටී. මෘදුකාංග නිෂ්පාදනයක් ලෙසට කලින් කලට පැමිනි මෙහෙයුම් පද්ධති වෙනුවට සේවාවක් ලෙසට windows 10 පවත්වා ගෙන යන්නට තීර්නය කිරිම ඒ අතර කැපී පෙනෙන්නකි. මේ අතර කලක් තිස්සේ පැවති IE වෙනුවට වඩාත් නම්‍ය හා වේගවත් බ්‍රවුසර පැමිනීමක් සටහන් කරමින් නිවේදනය වූ Project Spartan වල අවසාන නිකුතුව Edge browser ලෙසට මේ වන විට නිවේදනය වී තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ HTML5 වැනි නව තාක්ශනික පැමිනීම් සමග වඩාත් නම්‍යව කටයුතු කරන්නට මෙම නව බ්‍රවුසරය වඩාත් සූදානමින් පැමින ඇති බවයි. ෆයර්ෆොක්ස් නැතිනම් ක්‍රෝම් ලෙසටම නව බ්‍රවුසරය Browser Extensions විශාල අවකාශයක් සමග කටයුතු කරන්නට සූදානම් බවට දැනටමත් පැහැදිලි කර තිබෙනවා. මයික්‍රසොෆ්ට් voice assistant ලෙසට නිකුත්වූ Cortana සමග බ්‍රවුසර භාවිතාව වඩාත් පහසුකරනු ඇති බවට සහතිකවන ඔවුන් New-Tab Page ඔස්සේ වඩාත් නම්‍යව හා පහසු වෙවීම් හැකියාවක් යෝජනා කර සිටිනවා. නව බ්‍රවුසරය සමග පැමිනෙන Reading Mode වලදී භාවිතාකරන්නෙකුට පහසුවෙන් වෙබ් පි‍ටුවක් කියවන්නට සහය වන්නේ තිරය මතට පැමින ඇති සියලුම අමතර අංගයන් ඉවත්වන නිසාය. Page Annotations සමග වෙබ් පි‍ටුව mark up කරන්නට අවශ්‍ය highlighter නැතිනම් drawing tool පැමින තිබීම වඩාත් පහසුවකි.එපමනක් නොව New Coding Support සමග වෙබ් ආශ්‍රිත බොහෝ සේවාවන් වඩාත් නම්‍යව නව බ්‍රවුසරය සමග වඩාත් නම්‍යව කටයුතු කරන්නට සහය වනු ඇති බවටයි නිවේදනය වන්නේ. අවසාන වශයෙන් Universal Windows app එකක් ලෙසට පැමිනෙන මෙම නිකුතුව PCs, phones, tablets ලෙසට වන වින්ඩෝස් උපාංග අවකාශය සමග කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු ලබා දී තිබෙනවා.