Back to Top

Category: Microsoft

මීලග Windows 10 for phones වැඩි devices ප්‍රමානයකට..

        Windows 10 for phones නිකුතුවක්මේ වන විට සිදුව ඇති මුත් එය සීමිත උපාංග කිහිපයකට පමනක් සීමාව පැමින තිබීම බොහෝ භාවිතා කරන්නන්ගේ අප්‍රසාධයට හේතුව තිබුනි. මේ වන විට හෙලිවෙමින් ඇති තොරතුරු පවසන්නේ Windows 10 for phones වල මීලග සංස්කරනය පෙර සංස්කරනයට වඩා වැඩි උපාංග ප්‍රමානයකට විවෘතව පැමිනෙන්නට නියමිතව ඇති බවකි. වැඩි දුර තොරතුරු රහිත වූවද මේ වන විටත් Microsoft ආයතනය මේ වන විට තම මීලග Phone සංස්කරනය සමග Spartan වන බවට නිවේදනය කර ඇති අතර පැහැදිලි UI එකක සමග භාවිතාකරන්නා ගට වඩාත් සිත්ගන්නා සුලු වෙබ් අත්දැකීමක් ගෙනෙන්නට එය සමත්වනු ඇති බවටයි පෙන්වා දී ඇත්තේ.

Posted in Microsoft, Smart Phone |

C/C++ වෙබ් මතට ගෙනෙන asm.js ලගදීම…-Microsoft-

  Microsoft සමාගම තම බ්‍රවුසරයන් සමග (Internet Explorer හා Spartan) මෑතකාලීනව වඩාත් පූලුල් අත්දැකීමක් භාවිතාකරන්නා වෙතට ගෙන ඒමට උත්සාහ කරනු දැකිය හැකි විය. පෙරදී ඔවුන් තම සිටි ස්ථාවරය වෙනස් කරමින් භාවිතාකරන්නන්ගෙන් එන ප්‍රථිචාර වෙතට වඩාත් නම්‍යව කටයුතු කරන්නට උත්සාහ කරනු දැකිය හැකි විය, Windows 10 සමග එන Spartan හඳුන්වා දෙමින් ඔවුන් පැවසුවේ ෆ්හැනට භාවිතාකරන්නන් අතර වඩාත් ජනංප්‍රිය බ්‍රවුසර අංගයන් වෙතට වඩාත් ලංවූ අත්දැකීමක් ගෙනෙන්නට තමන්ගේ උත්සාහය බවයි. මෙම ආයතනය පවසනවා තමන් වෙත IE සඳහා පැමිනි ඉල්ලීම් අතරින් වඩාත් ඉහලින් වු ඉල්ලීමක් සපුරාලන්නට එනම් C/C++( Chakra JavaScript engine) වෙබ් අවකාශය මත ධාවනයට අවශ්‍ය asm.js දියුනු කිරීම් මේ දින වල සිදු කෙරෙමින් සිටින බවකි. මෙහ සමාන දියුනු කිරීමක් කරමින් සිටින Firefox කන්ඩායම සමගද සහයෝගයෙන් කටයුතු කරමින් අනාගත වෙබ් අවකාශයේ වපසරිය වඩාත් පුලුල් කරන මෙමනව පැමිනීම කෙරෙහි මෑතකාලීන බලාපොරොත්තුවක් තබන්නට ඔවුන් භාවිතාකරන්නන් වෙතට ආරාධනා කරමින් සිටිනවා.

Posted in Browser, Microsoft |

Windows 10 සමග සංයුත්ත වන Robot Operating System (ROS1) එකක්…

Microsoft සමාගම පවසන්නේ තමන් Robot Operating System (ROS1) එකක් පිලිබඳව මේ වන විටත් කටයුතු කරමින් සිටින බවකි. Windows 10 සමග වන මෙම හැකියාව තම තවත් දියුනු කිරීම් වන computer vision, Windows Machine Learning, Azure Cognitive Services වැනි හැකියාවන් සමග කටයුතු කරන සංකීර්න මට්ටමේ හැකියවන්ගෙන් යුතු රොබෝ භාවිතාවක් නිර්මාණයට සුදුසු මට්ටමක වන බවයි.
එලබෙන යුගයේදී වඩාත් තම ජීවිතය අවට දෑ ස්වංක්‍රීය වන්නට නියමිත පරිසරයකදී එම ආයතනය තම මෘදුකාංග සීමාවෙන් මිදී ඉදිරියට පැමිනෙනට කටයුතු කරමින් සිටින අතර ROSCon 2018 වලදී පැහැදිලි කර සිටින්නේ industrial, commercial, educational වැනි බොහෝ අවකාශයන් සදහා නව පියවර මහත් සහයක් ගෙනෙනු ඇති බවයි.   – Pubudu Siriwansa

Cortana පහසුව Android හා iOS වෙතටද පැමිනෙනු ඇත…

    Microsoft වෙතින් එන ඩිජිටල් සහයකයා Cortana පලමුව නිවේදනය වූවේ Windows Phone 8.1 වෙතටය. පසුව Windows 10 සමග ඩෙස්ක් ටොප් පරිසරය වෙතටද පැමිනි එහි මීලග පිවිසුම standalone app එකක් ලෙසට Android හා iOS දෙසට වන්නට කටයුතු සිදුවෙමින් ඇති බවටයි ‍තෝඅතුරු පැවසෙන්නේ. ආයතනයේ ‘Project Einstein’ ව්‍යාපෘතිය යටතේ වන දියුනු කිරීමක් ලෙසට මෙම නිමැවුම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි artificial intelligence හැකියාවක් ඔසේ දියුනු කරමින් සිටින මෙහි අනාගත සංස්කරනයන් සමග පහසුවෙන් Email එකක් කියවා තේරුම් ගන්නට හැකි වන භාවිතාවක් ගෙනෙන්නට හැකිවනු ඇති බවට මේ වන විටත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. තම සම තරගකරුවන් වන Siri හා Google Now සමග තරග කරමින් වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට Cortana සමත්වනු ඇති බවටයි විචාරකයින්ගේද අදහස වන්නේ.

Posted in Android, iOS, Microsoft |

Office Insider program පැමිනේ!!

                 Microsoft සමාගම මේ වන විට  Office Insider වැඩසටහනද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ windows වලදී මෙන් නොව Office 365 subscription පදනම්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඔස්සේ Home, Personal නැතිනම් University plans සංස්කරන භාවිතාකරන්නන් සදහා මෙම early builds ස්ථාපනය කර ගැනීම ඔස්සේ පැමිනීමට නියමිත නව Office අංගයන් අත්විඳීමේ අවස්ථාව හිමි වෙනවා. Office 365 subscription පදනම්ව පැමිනෙන මෙම අවස්ථාව ඔස්සේ Windows PC හා Android applications වෙතට දැනට විවෘතව පැමිනෙන මෙම පහසුව සමග පැමිනෙන්නට නියමිත •Excel•Word•PowerPoint•OneNote•Outlook•Access අංගයන් භවිතාකරන්නන් වෙතට විවෘත වනු ඇති. – Pubudu Siriwansa

Posted in Microsoft, Office |

PowerPoint Designer හා Morph සමග Office 2016

      Microsoft සමාගම පසුගිය කාලය සැලකීමේදී තම Office  මෘදුකාංග ගොනුව වෙතට වෙනස්කම් රාශියක් ගෙනෙන්නට  කටයුතු කර ඇත.  ඒවා අතර  Word, Excel වලදී handwriting පහසුවෙන් equation බවට පත්කර ගැනීමෙ හැකියාව, පූර්න ලෙසට touch පහසුව පැමිනීම ඇතුලු බොහොමයක් වේ. Microsoft ආයතනය නිවේදනය කරන්නේ තමන් තම Office ගොනුව වෙතට අලුතින් PowerPoint Designer හා Morph ලෙසට වන multi-media presentations වඩාත් වර්ණවත් අපූර්ව කරවන අංගයන් එක් කිරීමට සූදානම් බවය. මෙහිදී ක්ලවුඩ් මූලික ආකාරයට ක්‍රියාත්මක වන පහසුකම් සමග slides හා presentations වඩාත් සිතගන්නා සුලු ආකාරයට ස්වංක්‍රීයව සකසා ගන්නට හැකි වනවා පමනක් නොව graph හෝ chart වල වන data වඩාත් සංප්‍රානික ආකාරයට දැක්වීමටද හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. ආයතනය වැඩි දුරටත් පවසන්නේ දැනට මෙම හැකියාව premium පහසුවක් ලෙසට Office 365 subscribers සදහා ලබා ගන්නට හැකි වන අතර ඉදිරි සති කිහිපයේදී Office 2016 භාවිතාකරන්නන් වෙතටද පැමිනෙනු ඇති බවය.

Posted in Microsoft, Office |

Windows 10 Mobile සදහාද Fingerprint Readers..

        උපාංගය හා භාවිතා කරන්නා අතර වඩාත් ආරක්ශිත බවක් සදහා අනන්‍යතා තහවුරුව වැදගත් ලක්ෂනයකි. පාර්ස්වර්ඩ් නැතිනම් අවසර පද තව දුරටත් වඩාත් ආරක්ශිත බව නොසැලකෙන අතර ක්‍රමයෙන් විකල්ප ක්‍රම දෙසටාවධානය යොමුවීම ඇරබිනි. ද්විත්ව ආරක්ශන ක්‍රමය (2-Step Verification) දැනට භාවිතාවන අනන්‍යතා තහවුරුවේ බහුල භාවිතාවකි. Online ආකාරයට ගිනුමකට ඇතුලු වීම සදහා මෙම ක්‍රමය මේ වන විට බහුලව භාවිතාවන අතර භාවිතාකරන්නාගේ උපාංග ජාලය අතර මෙම ක්‍රම වේදය භාවිතාවීමද දක්නට හැක.
මේ අතර Microsoft ආයතනය පවසන්නේ තම Windows 10 Mobile සදහා පැමිනෙන Anniversary Update සමග Fingerprint සහයද වන බවයි. දැනටමත් Wndows සමග පැමිනෙන  Windows Hello වල දිගුවක් ලෙසට මෙම හැකියාව මොබයිල් සංස්කරනය සදහා එක්වන අතර මේ සදහා අවශ්‍ය වන දෘඩාංග අවශ්‍යතාවයන් වන fingerprint sensor හැකියාව දැනටමත් සමහර WINDOWS PHONE සමග සංයුත්තව පැමිනෙන අතර අනාගතයේ සුලබ අංගයක් වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව windows 10 Mobile සමග Skype Universal app එකද,  Windows 10 උපංග අතර Text  පනිවිඬ හැකියාවද මෙන්ම 84 බිට් මොබයිල් සංස්කරනය පිලිබදවද තොරතුරු හෙලිව පවතිනවා. – Pubudu Siriwansa

Posted in Microsoft, Windows 10 |

Windows 10 anniversary update පැමිනීම අගෝස්තු 2ට….

     බොහෝ දෙනා windows 10 වල මීලග ප්‍රධාන යාවත්කාලීය වන Windows 10 anniversary update පිලිබදව බලාපොරොත්තු තබා සිටියේ ජුලි 29දා වෙතටය. ඒ Windows 10 වල පලමු නිකුතුවෙන් වසරක් පිරෙන දා හා එම නිකුතුව windows 7, windows 8.1වල සිට සිට නොමිලේ පිවිසෙන්නට අවස්ථාව ලැබෙන අවසන් දිනයද වනු ඇති බැවිනි. කෙසේ මුත් මේ වන විට microsoft වෙතින් නොනිලව ප්‍රකාශව ඇත්තේ windows 10 වල මෙම වර්ෂ පූර්න ප්‍රධාන යවත්කාලීනය අගෝස්තු දෙවනදා පැමිනෙනට නියමිත බවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය තුල මෙම නව සංස්කරනය පරිගණක නිෂ්පාදකයින් වෙතට නිකුත් කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවකි.
මීට අමතරව මෙතෙක් Microsoft ආයතනය Windows 10 වෙතට පිවිසෙන්නට ආසන්න නිකුතූන් දෙක භාවිතාකරමින් සිටින්නන් වෙතට කරමින් සිටි දැඩි බලපෑම මදක් ලිහිල් කරන්නට කටයුතු කරමින් සිටින බවට පැවසෙනවා. සමහර භාවිතා කරන්නන් වෙතින් ඒ සදහා පලවෙමින් ඇති විරෝධාත්මක ආකල්ප මෙයට හේතුව ඇති බවටයි කරුනු දැක්වෙන්නේ.

Posted in Microsoft, Windows 10 |

Windows 10 build 14393.321 නව යාවත්කාලීනයක් ….

        Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා විසිරුනු වැඩි අවධානයක් ඇති දස දහස් ගනනකගේ භාවිතයට ලබා දීම ඔස්සේ වඩාත් හොඳින් අත්හදා බැලීමකට ලක් කරවිමෙන් අනතුරුව තම මහැයුම් පද්ධතිය ඉදිරියට ගෙන යන්නට මේ වන විට සමත්ව තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නව යවත්කාලීනය සමග හඳුනා ගෙන තිබූ ෆ්හුර්වලතා කිහිපයක් පිලිසකර කරන්නට කටයුතු කර ඇති බව මෙන්ම දියුනු කිරීම් කිහිපයක්ද සමන්විතව නව නිකුතුව පැමින ඇති බවයි. පසුගියදා නිකුතුකරනු ලැබූ ප්‍රධාන යාවත්කාලීනයක් වූ Anniversary Update වලින් පසුව පැමිනෙන දෙවන යවත්කාලීනයක් ලෙසට මෙම නිකුතුව ගනන් ගැනෙනවා. නව යවත්කාලීනයද සුපුරුදු පරිදි ස්වංක්‍රීයව ස්ථාපනය වන්නට නියමිත ආකාරයට පැමින තිබෙනවා.
හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 සාර්ථකව භාවිතාකරන්නන් සදහා පිවිසෙමින් ඇති බව වන අතර වඩාත් ආරක්ශිත මෙන්ම සාර්ථක හා පහසු භාවිතාවන් ගෙනෙන්නට නව මෙහෙයුම් පද්ධතිය සමත්ව ඇති බවට පිලි ගැනෙනවා.  – Pubudu Siriwansa

Posted in Microsoft, Windows, Windows 10 |

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ බව පැහැදිලි කරමින් එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ gigabit LTE connectivity, advanced multimedia support, machine learning මෙන්ම superior hardware security features සමග  thin, fan-less designs හා long battery life වැනි පෙරලිකාර මට්ටමේ ගුනාංග රාශියකින් සමන්විතව මෙම පැමිනීම සිදුවනු ඇති බවයි. Microaoft සමාගමද පවසන්නේ මෙම නව Qualcomm Snapdragon සමග -x86 Win32-සමග  universal Windows apps,  Adobe Photoshop, Microsoft Office මෙන්ම ජනංප්‍රිය Windows games ආදිය ධාවනයට නව අවකාශය සූදානම්ව සිටිනු ඇති බවය. වැඩි දුරටත් Microsoft පවසන්නේ ප්‍රථම වරට මොබයිල් Pc එකක් සමග apps, peripherals හා enterprise capabilities  සමන්විතව අත්විඳීමේ හැකියාව 2017 දෙවන භාගයේදී පමන ලැබෙනු ඇති බවය.  – Pubudu Siriwansa

LinkedIn ද Microsoft යටතට…

    ප්‍රධානතම වෘතිකයන්ගේ මට්ටමේ ජාලාවක් ලෙසට ගැනෙන LinkedIn සමාජ ජාලය මිලියන 433ක භාවිතාකරන්නන්ගෙන් සමන්විත වනවා. Microaoft ආයතනය මෙම සමාජ ජාලය ඩොලර් බිලියන 26.2 ක වටිනාකමකට මිළඳී ගැනීමකට සැරසෙමින් සිටිනවා. Microsoft හි CEO වරයා වන  Satya Nadella පවසන්නේ තමන්ගේ අවධානයක් දිනා ගත් ආයතනයක් ලෙසට මෙම සමාජජාලාව දීර්ග කාලින හැදෑරීමක් සිදුවූ බවයි. දැනට සිදුවන එකගතා වලට අනූව එහි ප්‍රධාන විධායක Jeff Weiner  ඉදිරියටද එම තනතුරෙහි සිටින්නට නියමිත අතර  නව සැලසුම් වලදී පුද්ගල මට්ටමේ මෙන්ම ආයතන මට්ටමේ තව තවත් භාවිතාකරන්නන් මෙම සමාජ ජාලයට කැදවා ගැනීමට බලාපොරොත්තු වන අතර ඉලක්කගත දැන්වීම් කරනය ලාභ ලැබීමේ ප්‍රධාන අංගය ලෙසට යොද අගන්නට නියමිතව තිබෙනවා. දැනට ඩොලර් 196ක කොටස් මිළක් මෙම ආයතනය සදහා වන අතර 2011දි ඩොලර් 45 ගනනේ වන කොටස් මිළකට කොටස් වෙළඳ පොලට පිවිසෙනට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය මට්ටමේ අනුමැතියෙන් අනතුරුව LinkedIn ආයතනය Microsoft හි වෙළඳ ධාරාවට එක්වනු ඇත.

Posted in Microsoft, Social Networks |

Windows 10 Cloud සංස්කරනයක්…

Windows 10 පිලිබන්දව වන මීලග ප්‍රධාන යාවත්කාලීන සංස්කරනය WINDOWS 10 CREATORS UPDATE ලෙසට සූදානම් වෙමින් ඇති බවට මේ වන විටනිවේදනය වී අවසන්ය. වඩාත් නිර්මානශීලී භාවිතාවක් හා ක්ෂනික සබඳතාවයක් සදහා පහසු කරවන දියුනු කිරීම් වලින් සමන්විතව පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව එලබෙන අප්‍රේල් වලට බලාපොරොත්තු පල වී ඇත. මීට අමතරව Windows 10 Cloud සංස්කරනයක් පිලිබන්දවද මේ වන විට තොරතුරු පැමිනෙමින් ඇත. Windows Store වලින් පැමිනෙන apps පමනක් ධාවනයට සූදානමින් පැමිනෙන මෙම සංස්කරනය නොමිලේ වන නිකුතුවක් ලෙසට බලාපොරොත්තු පලවන අතර භාවිතාකරන්නගේ දෙවන තෙවන මට්ටමේ උපාංග සදහා වඩත් සුදු ආකාරයක් ගනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ දැනට මත් මෙහි පෙර සංස්කරන අන්තර්ජාලයෙන් ලබා ගන්නට හැකි වන අතර මෙහි නිල නිකුතුවද එලබෙන අප්‍රේල් වලට නියමිත WINDOWS 10 CREATORS UPDATE සමග සිදුවන්නට බොහෝ දුරට ඉඩ ඇති බවකි.

Posted in Microsoft, Windows 10 |