Virtual Assistant දත්ත ලොකයේ හෙට දවස විය හැකිය. මිනිසා සතු වඩාත්ම නම්‍ය හැසිරවීම් උපාංගය වන කට හඬ භාවිතයෙන් උපාංගය තුල වන මෙන්ම අන්තර්ජාලය මත වන අපමන අවකාශය හැසිරවන්නට, තොරතුරු සොයා ගන්නට සහයවන මෙම පැමිනීම සියලුම පාහේ ප්‍රධාන ආයතනයන් මේ වන විටත් සටහන් කොට හමාරය. Cortana, Google Now, Siri හා Echo ආදී නෙක නාමයන්ගෙන් පැමින ඇති හා වේගයෙන් දියුනු වෙමින් ඇති අනාගත උපංග හා මිනිසාගේ මෙහෙයවීම් යා කරන මෙම හැකියා අවකාශය වෙතට පිවිසෙන්නට Facebook ආයතනයද තීර්නය කර තිබෙනවා. තවමත් නිල නොවන මට්ටමේ ඇති තොරතුරු හෙලිකරන්නේ Moneypenny නමින් මෙම දියුනු කිරීම සිදුවෙමින් ඇති අතර තොරතුරු සෙවීම් , මිළදී ගැනීම් මෙන්ම තවකෙකුගේ ආධාර ලබා ගන්නට සහය වෙමින් මෙම දියුනු කිරීම Facebook සමග සංයුත්ත වන්නට නියමිත බවකි. Jelly ලෙසට තවකෙකුගේ සහය ලබා ගන්නට මැදිහත්වන දියුනු කිරීමක් මීට පෙර පැමිනි මුත් එය එතරම් සාර්ථක නොවුනු අතර මෙම virtual assistant හැකියාව භාවිතාකරන්නන් අතරට සාර්ථක පැමිනීමක් සටහන් කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
